කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

103

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග 2 ක් අද (23) දින නිමා වූ අතර එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට MAS හෝල්ඩිං කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත් විය. 

ලහිරු සමරකෝන් හේලීස් දිනවයි

ලහිරු සමරකෝන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය….

LB ෆිනෑන්ස් සහ MAS හෝල්ඩිං අතර තරගය 

කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස වෙළෙඳ සේවා පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 83 ක පහසු ජයක් වාර්තා කිරීමට MAS හෝල්ඩිං ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනූ LB ෆිනෑන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS හෝල්ඩිං ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 225 ක් රැස්කර ගැනීමට සමත් වූහ. එම ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් පන්දු 37 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 87 ක් රැස්කර ගත්තේය. 

ඔහුට අමතරව මහේල උඩවත්ත පන්දු 24 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 47 ක් රැස්කර ගැනීමට සමත් විය. කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් තිබිය දී මහේල උඩවත්ත සහ27th Singer MCA Premier League, Sri Lanka Cricket News27th Singer MCA Premier League, Sri Lanka Cricket News ටී. එම්. සම්පත් (24) එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 61 ක සබඳතාවක් එක් කරමින් MAS හෝල්ඩිං ඉනිමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවූහ. 

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 37 කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි LB ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සියල්ල ලකුණු 142 කට දැවී ගියහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චතුරංග කුමාර ය. ඔහු පන්දු 19 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 41 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු පන්දු 15 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සමඟ ලකුණු 27 ක් රැස්කර ගැනීමට සමත් විය. 

කඩුලු දවා ගැනීමේ දී අනුක් ප්‍රනාන්දු ලකුණු 09 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු පන්දු වාර දෙකක් තුළ පිට පිට යැවුන පන්දු 5 කදී මෙම කඩුලු 3 දවා ගැනීම කැපී පෙනුනි. පිත්තෙන් දක්ෂතා දැක්වූ කමිඳු මෙන්ඩිස් ද කඩුලු 2 ක් දවා ගත්තේය. 

MAS හෝල්ඩිං : කඩුලු 8 ක් දැවී 225 (20) ටී. එම්. සම්පත් 24, මහේල උඩවත්ත 47, කමිඳු මෙන්ඩිස් 87, අසිත ප්‍රනාන්දු 3/37, රජීව වීරසිංහ 2/33, චරිත් අසලංක 2/50. 

LB ෆිනෑන්ස් : සියලු දෙනා දැවී 142 (17.1) චතුරංග කුමාර 41, අසිත ප්‍රනාන්දු 27, කමිඳු මෙන්ඩිස් 2/31, ධම්මික ප්‍රසාද් 2/16, අනුක් ප්‍රනාන්දු 3/09, ටී. එම්. සම්පත් 2/21. 

19න් පහල ලෝක කුසලානයේ දී මොකද වුනේ?

වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ…..

ඩිමෝ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම අතර තරගය 

වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට ඩිමෝ ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් ඩිමෝ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලු දෙනා දැවී ලකුණු 181 ක් රැස්කර ගත් අතර පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. 

ඩිමෝ ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු චරිත් කුමාරසිංහ පන්දු 30 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33 ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහුට අමතරව පුලින තරංග පන්දු 12 කදී හතරේ පහරක් සමඟ ලකුණු 26 ක් රැස්කර ගත්තේය. 

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යැවූ හිමේෂ රාමනායක ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ සංගීත් කුරේ සහ ජනිත් ලියනගේ ලකුණු 63 ක සබඳතාවක් එක් කළද අනෙකුත් පිතිකරුවන් කඩුලු අතර මනා සබඳතාවක් පවත්වා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ට තම ඉලක්කය වෙත ළඟා වීමට නොහැකි වුනි. 

සංගීත් කුරේ පන්දු 24 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39 ක් රැස්කර ගැනීමට සමත් විය. ජනිත් ලියනගේ පන්දු 21 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 27 ක් රැස්කර ගත්තේය. 

පන්දු යැවීමේ දී නිසල තාරක ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

සිම්බාබ්වේ ඉනිම අභිබවා යමින් ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්

වසර 12ක පමණ තම දීර්ඝ ක්‍රීඩා දිවිය තුල වාර්තා කරගත් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සනිටුහන් කර ගැනීමට ඇන්ජෙලෝ…..

ඩිමෝ : සියලු දෙනා දැවී 181 (19.5) චරිත කුමාරසිංහ 38, පුලින තරංග 26, නිසල තාරක 21, කවිශ්ක අංජුල නොදැවී 19, හිමේෂ රාමනායක 3/19, කේශාන් විජේරත්න 2/27, ධනංජය ලක්ෂාන් 2/22. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම : සියලු දෙනා දැවී 146 (19.5) සංගීත් කුරේ 39, ජනිත් ලියනගේ 27, නිසල තාරක 3/36, තික්ෂිල ද සිල්වා 2/20, කවිශ්ක අංජුල 2/25, පුලින තරංග 2/16. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<