ගුණතිලකට තරග තුනක තහනමක් සමඟ දඩයක්

374
Dhanushka Gunathilaka

තරග ගිවිසුමේ කොන්දේසි කඩකිරීම සම්බන්ධව වරද පිළිගත් ක්‍රිකට් ‍ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙත පසුගිය දා පනවන ලද තරග තහනම සහ දඩ මුදල සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් සිංහල ‍ක්‍රීඩා සමාජය (SSC) විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව, ධනුෂ්ක ගුණතිලක මහතාට නියම කරන ලද දඬුවම් සංශෝධනය කිරීමට ඊයේ (16) තීරණය කළේය.

ලාහෝර් 20-20 තරගයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ස්ථීර කරයි

ලබන 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 30 වන වගන්තිය සහ ඔහුගේ තරග කොන්ත්‍රාත්තුවේ කොන්දේසි කිහිපයක් උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ගුණතිලක හට ජාත්‍යන්තර තරග 6ක තරග තහනමක් පනවන ලද අතර ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 20%ක් දඩ මුදලක් ලෙස අය කර ගැනීමට ද පසුගිය දා තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව ගුණතිලක හට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6ක තරග තහනම 3ක් දක්වා අඩු කිරීමටත්, ඉතිරි ජාත්‍යන්තර තරග 3ක තරග තහනම, වර්ෂයක කාලයකට අත්හිටුවීමටත් සහ ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවේ ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් අය කර ගැනීමට ද තීරණය කර ඇත.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරග 3ක තරග තහනමකට ලක්වන අතර, ඉදිරි වසරක කාලය තුල ගුණතිලක විසින් යම් කිසි උල්ලංඝනයක් වුවහොත්, මෙම තීරණය මඟින් අත්හිටුවනු ලැබූ අතිරේක ජාත්‍යන්තර තරග 3ක තහනමක ද ක්‍රියාත්මක වනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<