2026 පාපන්දු ලෝක කුසලානයේ දොළොස් වැනි දිනයට අදාළ ව තරග හතරක් ඊයේ (22) රාත්‍රියේ සහ අද (23) උදෑසන ක්‍රියාත්මක වුනා.
මෙම තරගවල දී Lionel Messi, Kylian Mbappe සහ Erling Haaland යන සුපිරි ක්‍රීඩකයින් ත්‍රිත්වය විසින් නැවතත් අති විශිෂ්ට දක්ෂතා දක්වමින් තම කණ්ඩායම් ජයග්‍රහණ කරා රැගෙන යාමට සමත් වීම විශේෂත්වයක්.
ආජන්ටිනාව සහ ඔස්ට්‍රියාව
මෙම තරගයෙන් ආජන්ටිනාව ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ආජන්ටිනා සුපිරි ක්‍රීඩක Lionel Messi විසින් පළමුව තමන්ට හිමි වූ පහසු දඬුවම් පහරක් මග හැරිය නමුත්, ඉන් පසුව සිය සුපුරුදු රිද්මය සොයා ගනිමින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා වී ඇති ගෝල 05ම අයිතිය Messi සතු වනවා. මේ අතරම ඔහු විසින් මේ දක්වා ලෝක කුසලාන ගෝල 18ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, එය ද වාර්තාවක් ලෙසින් සටහන් වීම විශේෂත්වයක්.
මේ දක්වා Messi විසින් ලෝක කුසලාන තරග 06ක දී නොකඩවා ගෝල වාර්තා කිරීමට සමත් වී ඇති අතර, මීට පෙර ලෝක කුසලාන ඉතිහාසය තුළ එවන් දස්කමක් දක්වා ඇත්තේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.
ප්‍රංශය සහ ඉරාකය
මෙම තරගයෙන් ප්‍රංශය විසින් ගෝල 3-0ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ප්‍රංශය වෙනුවෙන් නැවතත් සාර්ථක වූ Mbappe විසින් ගෝල ද්විත්වයක් වාර්තා කරන අතරේ, Ousmane Dembele විසින් අනෙක් ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
මෙම ගෝල ද්විත්වයත් සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභීන් අතර සම දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට Mbappe සමත් වන්නේ ගෝල 16ක් සමඟයි. එමෙන්ම මෙම තරගයේ ගෝල ද්විත්වයත් සමඟින් ඔහු විසින් ලෝක කුසලාන තරග 06ක ගෝල ද්විත්වය බැගින් වාර්තා කිරීමට ද සමත් වී තිබීම විශේෂත්වයක්.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
නෝර්වේ සහ සෙනගාලය
මෙම තරගයේ දී නෝර්වේ ක්‍රීඩක Haaland විසින් ද ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම ගෝල ද්විත්වය ද සමඟ නෝර්වේ කණ්ඩායම ගෝල තුනක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් සෙනගාලය විසින් මෙහි දී වාර්තා කිරීමට සමත් වුනේ ගෝල දෙකක් පමණක් වන අතර, මෙම පරාජයත් සමඟ සෙනගාලය ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමේ අවදානමකට ද පත් වී තිබෙනවා.
ඒ අතරේ ම නෝර්වේ සහ ප්‍රංශය ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා.
මේ දක්වා Haaland විසින් ලෝක කුසලාන ගෝල 04ක් වාර්තා කර ඇති අතර, එය නෝර්වේ වෙනුවෙන් වාර්තාවක් ලෙස සටහන් වනවා. එමෙන්ම මේ දක්වා ඔහු විසින් නෝර්වේ වෙනුවෙන් එක දිගට තරග 12ක දී ගෝල වාර්තා කිරීමට සමත් වී ඇති අතර, ඔහු තම කණ්ඩායම නියෝජනය කළ අවසන් තරග 21න් 18ක දීම ගෝල වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
ජෝර්දානය සහ ඇල්ජීරියාව
අද දිනය සඳහා ක්‍රියාත්මක වූ අවසන් තරගයේ දී ජෝර්දානයට එරෙහිව ගෝල 2-1ක ජයක් වාර්තා කිරීමට ඇල්ජීරියාවට හැකියාව ලැබුණා. ජෝර්දානය තරගයේ 36 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත් අතර, තරගයේ දෙවැනි අර්ධයේ 69 වැනි මිනිත්තුවේ දී ඇල්ජීරියාව විසින් තරගය සම කිරීමට සමත් වූ අතර, 82 වැනි මිනිත්තුවේ දී තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
මේත් සමඟම තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීම සඳහා ඇල්ජීරියාවට තවමත් අවස්ථාවක් ඉතිරිව පවතිනවා. කෙසේ වෙතත් ජෝර්දානය තරගාවලියෙන් ඉවතට විසි වී ගියා.
තරගාවලියේ දහතුන් වැනි දිනය සඳහා අද රාත්‍රියේ සහ හෙට (24) උදෑසන තවත් තරග 04ක් ක්‍රියාත්මක වනු ඇති.
- අද රාත්‍රි 10.30 – උස්බෙකිස්තානය සහ පෘතුගාලය
- හෙට අලුයම 1.30 – එංගලන්තය සහ ඝානා
- හෙට උදෑසන 4.30 – පැනමාව සහ ක්‍රොයේශියාව
- හෙට උදෑසන 7.30 – කොලොම්බියාව සහ කොංගෝ
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<






















