ශ්‍රී ලංකාවට පිට පිට දෙවන ජයග්‍රහණයත්

68

20 වැනි ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ දෙවන වටයට අදාලව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (18) පැවැත්වුණේ ඕමාන් කණ්ඩායම සමඟයි. එහි දී තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මංගල ජයග්‍රහණය

20 වැනි ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන වටයේ පළමු….

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ H කාණ්ඩය යටතේ තරග වදින අතර මෙම ජයග්‍රහණය ඔවුන් එම කාණ්ඩයේ වාර්තා කළ දෙවන ජයග්‍රහණයයි. ඊයේ (17) පැවති කසකස්තාන තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රාහී මානසිකත්වයකින් ඕමාන තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයේ දී මෙන්ම තියුණු තරගයක යෙදුණු ආකාරයක් දක්නට ලැබුණි. තරගයේ පළමු වටය ලකුණු 25කින් සීමා නොවුණු අතර එය නිමා වූයේ ලකුණු 31-29ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

තරග වට 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් දෙවන තරග වටය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තරග රටාවක් අනුගමනය කරමින් ඕමාන කණ්ඩායම මුළුමනින්ම පාලනය කිරීමට සමත් විය. දෙවන තරග වටයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූයේ ලකුණු 25-19ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි තරග වටය වෙත පිවිසෙන විට ඔවුන් තරග වට 2-0ක් ලෙස වැඩි වාසි සමඟින් ක්‍රීඩා කළ නමුත් තුන්වැනි තරග වටයේ යම් පසුබෑමක් දක්නට ලැබුණි. එම තරග වටයේ ජයග්‍රහණය ඕමාන කණ්ඩායම ලබා ගත් අතර ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 25-23ක් ලෙසිනි. 

කටාර් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තෙවන පරාජයත් අත්විඳියි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ තමන් සහභාගී වූ තෙවැනි තරගයෙන් ද වට 3-0ක් ලෙස….

සිව්වැනි තරග වටය වන විට තරග වට 2-1ක් ලෙස තියුණු තරගයක් නිර්මාණය වී තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වටය ජයග්‍රහණය කළහොත් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතු වීමට ඉඩ තිබුණි. 

සිව්වැනි තරග වටය ද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම එල්ල කළ අභියෝගයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීමට ඕමාන් කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වටය ලකුණු 25-23ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. 

  • පළමු තරග වටය: ශ්‍රී ලංකාව 33 – 31 ඕමානය
  • දෙවන තරග වටය: ශ්‍රී ලංකාව 25 – 19 ඕමානය
  • තෙවැනි තරග වටය: ශ්‍රී ලංකාව 23 – 25 ඕමානය
  • සිව්වැනි තරග වටය: ශ්‍රී ලංකාව 25 – 23 ඕමානය

ශ්‍රී ලංකාව 3 – 1 ඕමානය

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවන වටයේ ලබා ගත් දෙවන ජයග්‍රහණය ලෙස සටහන් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත. 

දෙවන වටයේ G කාණ්ඩයේ  ශ්‍රේණිගත කිරීම්

කණ්ඩායම ක්‍රීඩා කළ තරග ජයග්‍රහණ පරාජ ලකුණු
කටාර් 3 2 1 6
කසකස්තානය 3 2 1 6
ශ්‍රී ලංකාව 3 2 1 6
ඕමානය 3 0 3 0

ශ්‍රී ලංකා කණ්ඩායම 13 සිට 16 වැනි ස්ථාන දක්වා වන ශ්‍රේණිගත කිරීම් සඳහා වන පළමු තරගයට හෙට (19) මුහුණ දීමට නියමිතය. 

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<