ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මංගල ජයග්‍රහණය

134

20 වැනි ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන වටයේ පළමු තරගය අද (17) කසකස්තානය සමඟින් පැවැත්විය. එම තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

කටාර් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තෙවන පරාජයත් අත්විඳියි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ තමන් …..

මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරග තුනම පරාජය විය. ඒ ඉරානය, ඕස්ට්‍රේලියාව හා කටාර් හමුවේයි. කාණ්ඩයේ අවසන් ස්ථානය ලබා ගනිමින් පළමු වටය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ දී G කාණ්ඩය යටතේ කසකස්තානය, කටාර් හා ඕමාන් යන රටවල් සමඟින් තරග වැදීමට නියමිතව ඇත. 

තරගයේ පළමු වටය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා ලකුණු තත්ත්වය ලකුණු 35ක් දක්වා ඉහල නැංවීමට ද සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරග වටයකින් අනතුරුව ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. එම වටයේ ලකුණු තත්වය දැක්වූයේ ලකුණු 35-33ක් ලෙසිනි. 

කටාර් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තෙවන පරාජයත් අත්විඳියි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ තමන්……

දෙවන තරග වටය සඳහා ප්‍රබල ආරම්භයක් ලබාගත් කසකස්තාන කණ්ඩායම පළමු වටයේ දී සිදු වූ දුර්වලතා මඟහරවා ගනිමින් ක්‍රීඩා කළේය. එම තරග වටයේ ජයග්‍රහණය කසකස්තාන කණ්ඩායම සතු වූයේ ලකුණු 25-22ක් ලෙසිනි. ඒ සමඟින් තරගය තරග වට 1-1ක් ලෙස සමකිරීමට ඔවුන් සමත් විය. 

තුන්වැනි ‍තරග වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත් අතර කසකස්තාන කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඔවුන් එම තරග වටය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ ලකුණු 25-20ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයින් හොඳ අභියෝගයක් දෙයි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය ……

තරග වට 2-1ක් ලෙස පෙරමුණ ගනිමින් සිව්වැනි තරග වටය සඳහා පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි වටයේ දී මෙන්ම ප්‍රබල තරග රටාවක් අනුගමනය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක තුන්වැනි වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-22ක් ලෙසිනි. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය 

  • පළමු තරග වටය : ශ්‍රී ලංකාව 35 – 33 කසකස්තානය 
  • දෙවන තරග වටය : ශ්‍රී ලංකාව 22 – 25 කසකස්තානය
  • තුන්වැනි තරග වටය : ශ්‍රී ලංකාව 25 – 20 කසකස්තානය
  • සිව්වැනි තරග වටය : ශ්‍රී ලංකාව 25 – 22 කසකස්තානය

ශ්‍රී ලංකාව 3 – 1 කසකස්තානය 

20 වැනි ආසියානු වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.‍ රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<