කටාර් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තෙවන පරාජයත් අත්විඳියි

71

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ තමන් සහභාගී වූ තෙවැනි තරගයෙන් ද වට 3-0ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කණ්ඩායමට සිදු විය. ඒ කටාර් කණ්ඩායමට එරෙහිවයි. 20 වැනි වරටත් පැවැත්වෙන තරගාවලියට මෙවර සත්කාරකත්වය දක්වන්නේ ඉරානයයි.

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයින් හොඳ අභියෝගයක් දෙයි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය ඊයේ (13) ඉරානයේ ටෙහෙරාන් හිදී ආරම්භ වුනා.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී ඉරානය හමුවේ පරාජය වූ අතර ඕස්ට්‍රේලියාව හමුවේ ද ඔවුන්ට අත්වුණේ එම ඉරණමමයි.

කටාර් සමඟ පැවති තරගය ඉතා හොඳින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. කරට කර තරග කරමින් ලකුණු 20 සීමාව දක්වාම ගිය ඔවුන් අවසානයේ දී ලකුණු 25-21ක් ලෙස පරාජය වුනේ ඉතා අවාසනාවන්ත ලෙසයි.

කෙසේ වෙතත් තරගයේ දෙවන හා තෙවැනි වටයන් හිදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට සිදු වුනේ දරුණු පරාජයන්ට මුහුණ දීමටයි. දෙවන වටය ලකුණු 25-14ක් ලෙසත්, තෙවැනි වටය ලකුණු 25-15ක් ලෙසත් පරාජය වන්නට ඔවුන්ට සිදු වුනා.

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව දණ නමයි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවන තරගයේ දී ඕස්ට්‍රේලියාව…..

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග තුනේ දී ම එකඳු වටයක හෝ ජය ඔවුන්ට හිමි කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයක් වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 3 කටාර්

  • පළමු වටය –  ශ්‍රී ලංකාව 21 – 25 කටාර්
  • දෙවන වටය –  ශ්‍රී ලංකාව 14 – 25 කටාර්
  • තෙවැනි වටය – ශ්‍රී ලංකාව 15 – 25 කටාර්

තරගාවලිය එළඹෙන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<