2025 Dialog පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය
මෙම තරගයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජය ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම ලකුණු 10 බැගින් ලබමින් කරට කර සටනකට පිවිසීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14ක් එක් කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වන අතරේ, සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 05ක් පමණයි.
මේ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
- ත්‍රිත්ව විද්‍යාලය 24(3T, 3C, 1P) – සාන්ත තෝමස් විද්‍යාලය 15 (2T, 1C, 1P)
තරගයේ වීරයා – ශ්‍රයන් සතීශ්කුමාර් (ත්‍රිත්ව විද්‍යාලය)
රාජකීය විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම රාජකීයයන් විසින් තරගයේ ජය තමන් සතු බවට ඉඟි ලබා දෙමින් ක්‍රීඩාවේ නිරත වුනා.
තරගයේ පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟිනුයි. කෙසේ වෙතත් මේ කාලය තුළ ඩී.එස්. ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 20ක් වාර්තා කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- රාජකීය විද්‍යාලය 41(6T, 4C, 1P) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 24 (4T, 2C)
තරගයේ වීරයා – යුවාන් පතිරණ (රාජකීය විද්‍යාලය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වුනා.
තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ලකුණු 10 බැගින් වාර්තා වූ අතර, ඔවුන් ඒ වෙනුවෙන් උත්සාහක දිනුම් ද්විත්වය බැගින් වාර්තා කර ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් සිය ලකුණු පුවරුවට එක් කර ගන්නා අතරේ, වෙස්ලි ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට අපොහොසත් වුනා.
- ඉසිපතන විද්‍යාලය 24(4T, 2C) – වෙස්ලි විද්‍යාලය 10 (2T)
තරගයේ වීරයා – ශකීබ් සුම්රි (ඉසිපතන විද්‍යාලය)
මේ අනුව මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වැදීමට නියමිත කණ්ඩායම් හතර තේරී පත් වී අවසන්.
අවසන් පූර්ව වටය;
- සහිරා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය – මැයි 09
- රාජකීය විද්‍යාලය සහ ඉසිපතා විද්‍යාලය – මැයි 11
දිනෙන් දින උණුසුම් වන දේශීය පාසල් රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.