2025 පසල් රග්බි පිටියේ උණුසුම ඉහළ නංවමින් Dialog පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය පසුගිය සති අන්තයේ දී ආරම්භ වුනා.
ගෙවුණු සති අන්තයේ දී තරග අටක් ක්‍රියාත්මක වූ අතර, මෙම තරග ජයග්‍රහණය කිරීමට සමත් වූ පාසල් අටක් තරගාවලියේ අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ධර්මරාජ විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය
මෙම තරගයෙන් ඩී.එස්.සේනානායක විද්‍යාලය පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ නමුත්, තරගයේ පළමු අර්ධය තුළ ලකුණු 17 -12ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට ධර්මරාජ ක්‍රීඩකයින් විසින් සමත් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ඩී. එස්. ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 6ක් සමඟ ලකුණු 36ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
- ඩී.එස්.සේනානායක විද්‍යාලය 48 (8T, 4C) – ධර්මරාජ විද්‍යාලය 29 (5T, 2C)
තරගයේ වීරයා – දේමික මින්දිනු (ඩී.එස්.සේනානයක විද්‍යාලය)
වෙස්ලි විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය
මෙම තරගය ද පෙර තරගය මෙන්ම ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. තරගයේ පළමු අර්ධය තුළ සාන්ත ජොසප් ක්‍රීඩකයින් ලකුණු 18ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ලබා ගන්නා අතරේ, වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 05ක් පමණයි.
මේ අනුව වෙස්ලි විද්‍යාලය මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
- වෙස්ලි විද්‍යාලය 36 (6T, 3C) – සාන්ත ජෝසප් විද්‍යාලය 23 (3T, 1C, 2P)
තරගයේ වීරයා – කවීශ දිල්හාර (වෙස්ලි විද්‍යාලය)
සාන්ත තෝමස් විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය
මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 33ක් ලබා ගන්නා අතරේ, විද්‍යා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි. තරගයේ දෙවැනි අර්ධය තුළ තෝමසුවන් විසින් තවත් ලකුණු 26ක් ලකුණු පුවරුවට එක් කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- සාන්ත තෝමස් විද්‍යාලය 59 (9T, 7C) – විද්‍යා විද්‍යාලය 33 (5T, 4C)
තරගයේ වීරයා – චනුත් ඇහැලියගොඩ (සාන්ත තෝමස් විද්‍යාලය)
ඉසිපතන විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය
තරගාවලියේ වත්මන් ශූරයින් වන ඉසිපතන විද්‍යාලය විසින් මෙම තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වූ අතර, ඔවුන් පළමු අර්ධය තුළ ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ තවත් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.
- ඉසිපතන විද්‍යාලය 61 (10T, 4C, 1P) – ශ්‍රී සුමංගල විද්‍යාලය 00
තරගයේ වීරයා – නිමන්ත සන්දීප (ඉසිපතන විද්‍යාලය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
සහිරා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය
ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු තරග අතුරින් වඩාත් උණුසුම් තරගයක් ලෙස හැඳින්විය හැකි මෙම තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, විද්‍යාර්ථ ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.
කෙසේ වෙතත් විද්‍යාර්ථ ක්‍රීඩකයින් දෙවැනි අර්ධය තුළ ලකුණු 12ක් ලබමින් තරගයට නැවත අවතීර්ණ වීමට දැඩි උත්සාහයක් දැරුවා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 08ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- සහිරා විද්‍යාලය 16 (2T, 2P) – විද්‍යාර්ථ විද්‍යාලය 12 (2T, 1C)
තරගයේ වීරයා – සයින් සහීම් (සහිරා විද්‍යාලය)
ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය විසින් මෙම තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 29ක් ලබාගන්නා අතරේ, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමෙන් ද වලක්වාලීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් ලකුණු 33ක් ලබාගන්නා අතරේ, සාන්ත අන්තෝනි විද්‍යාලය ද එක් උත්සාහක දිනුමක් සමඟින් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා.
- ත්‍රිත්ව විද්‍යාලය 62 (9T, 7C, 1P) – සාන්ත අන්තෝනි විද්‍යාලය 05 (1T)
තරගයේ වීරයා – මිනුල යද්දෙහිගේ (ත්‍රිත්ව විද්‍යාලය)
රාජකීය විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය
මෙම තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ඇදී ගිය අතර, මෙම තරගයේ පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබාගන්නා අතරේ, කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ රාජකීයයන් විසින් තරගයේ තීරණය උඩු යටිකුරු කිරීමට සමත් වුනේ තවත් ලකුණු 21ක් ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. මේ අතරවාරයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- රාජකීය විද්‍යාලය 28 (4T, 4C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 24 (4T, 2C)
තරගයේ වීරයා – දිසස් පතිරණ (රාජකීය විද්‍යාලය)
සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
මෙම තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් විසින් සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ පීතර ක්‍රීඩකයින් ලකුණු 34ක් ලබමින් තරගයේ ජය නොනිල ලෙස තහවුරු කර ගැනීමට සමත් වූ අතර, එම කාලය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් තවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, තර්ස්ටන් විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ තවත් ලකුණු 05ක් පමණයි.
- සාන්ත පීතර විද්‍යාලය 51 (9T, 3C) – තර්ස්ටන් විද්‍යාලය 08 (1T, 1P)
තරගයේ වීරයා – නෙත්ශාන් මන්තුශ (සාන්ත පීතර විද්‍යාලය)
දිනෙන් දින උණුසුම් වන දේශීය පාසල් රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<