අයි.සී.සී. ටෙස්ට් නායකත්වය මැතිව්ස්ට සංගක්කාරත් සම්මාන දෙකකට නම් කෙරේ

120

 

 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් (අයි.සී.සී.) එකොළොස්වැනි වරටත් පැවැත්වීමට නියමිත (ඹ්ට් ධ්ඛ්ඛ් ඒඹචපඤඵ – 2014) වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ඇන්ජිලෝ මැතිව්ස් හා කුමාර් සංගක්කාර, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩි විලියර්ස්, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්, එංගලන්තයේ චාලට් එඩ්වර්ඩ්ස්, ඉන්දියාවේ මිතාල් රාජ් හා බටහිර ඉන්දීය කොදෙව්හි ස්ටැෆානි ටේලර් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන දෙක බැගින් හිමිවීමට කෙටි ලැයිස්තුවලට ඇතුළත් වී ඇත.

තවද සර් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය නමින් දෙවැනි වරට තෝරා ගැනෙන වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා මිචෙල් ජොන්සන් හා කුමාර් සංගක්කාර මෙවර දෙවැනි වරටත් සම්මාන ලැයිස්තුවට ඇතුළත් කිරීම විශේෂත්වයක් වන අතර මෙකී සියලු සම්මාන තෝරා ගැනීම සඳහා පාදක වී ඇත්තේ 2013 අගෝස්තු 26 දා සිට 2014 සැප්තැම්බර් 17 දා දක්වා දැක්වූ අන්තර්ජාතික මට්ටමේ දක්ෂතාය.

පසුගිය 2012 වසරේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එම වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ඇන්ජිලෝ මැතිව්ස් හෝ ඩි විලියර්ස් මෙවර වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ලබා ගතහොත් වසර 11ක මෙම අයි.සී.සී. සම්මාන ඉතිහාසයේ එම සම්මානය ලබාගත් 12 වැනි ක්‍රීඩකයා ලෙස ඔවුන් දෙදෙනාගෙන් කෙනකු පත්වනු ඇත.

එම සම්මානයට අමතරව මෙවර අයි.සී.සී. වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සඳහා වූ කෙටි නම් ලැයිස්තුවට ඇන්ජිලෝ මැතිව්ස් හා කුමාර් සංගක්කාර නම් කර ඇති අතර එම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අනෙක් ක්‍රීඩකයන් වන්නේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් හා ඩේවිඩ් වෝනර්ය. මේ අතරින් කුමාර් සංගක්කාර 2012 වසරේදී මෙම සම්මානය දිනාගැනීමට සමත් විය.

මෙවර සම්මාන උළෙලේදී ඒකල සම්මාන 11ක් හා ටෙස්ට් හා එක්දින කණ්ඩායම් 2ක් වෙනුවෙන් සම්මාන පිරිනැමෙන අතර අයි.සී.සී. වසරේ එක්දින හොඳම ක්‍රීඩකයන්ගේ කෙටි ලැයිස්තුවට කුවින්ටන් ඩී කොක්, ඩි විලියර්ස්, විරාත් කෝලි හා ඩේල් ස්ටේන් ඇතුළත්ව ඇත. මෙම සම්මානය 2010 හා 2012 වසරවලදී දිනාගත්තේ පිළිවෙළින් ඩි විලියර්ස් හා විරාත් කෝලිය.

මේ අතර මෙවර සම්මාන උළෙල සඳහා වසරේ හොඳම ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙකක අයි.සී.සී.ය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර ඇන්ජිලෝ මැතිව්ස්ට නායකත්වය හිමිවී ඇති 12 දෙනකුගෙන් යුත් 2014 වසරේ හොඳම ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා රංගන හේරත්ද ඇතුළත් කර ඇත. වසරේ අයි.සී.සී. එක්දින කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනිට හිමිවී ඇති අතර 12 දෙනකුගෙන් යුතු කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ඇතුළත්ව ඇත්තේ අජන්ත මෙන්ඩිස් පමණි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 2006 වසරේ සිට හත් වතාවක්ම සංගක්කාර අයි.සී.සී. වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී සිටීමය.

මෙවර සම්මාන උළෙලට අදාළව පැවැති මහජන ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන ජනප්‍රියම ක්‍රීඩකයා තේරීමේ තරගයේදී එම සම්මානය හිමි කරගැනීමට ඉන්දියානු පිලේ වේග පන්දු යවන්නකු වන බුවනේෂ්වර් කුමාර් සමත් වී ඇත.

2014 වසරට අදාළව පැවැත්වෙන මෙම අයි.සී.සී. සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා (ඹ්ට් ර්ථීඥධනතඥ’ඵ ඛ්ඩධඪජඥ ඒඹචපඤ) තෝරා ගැනීම ලොව වෙසෙන ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ ඡන්ද විමසීමක් මඟින් සිදුකරන ලද අතර එම සම්මානය සඳහා එංගලන්තයේ ක්‍රිකට් නායිකා චාලට් එඩ්වර්ඩ්ස්, ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්, වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් හා දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් සමඟ බුවනේෂ්වර් කුමාර් නම් කර තිබිණි.

කෙසේ වෙතත් ටෙස්ට් හා එක්දින වසරේ හොඳම ක්‍රීඩකයා ඇතුළු සම්මාන 13ක් සඳහා තෝරා ගැනීම් සිදුකෙරෙන විශේෂ අයි.සී.සී. සම්මාන උළෙල ප්‍රතිඵල නොවැම්බර් 14දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.