කටාර් හැර ඉතිරි කණ්ඩායම් 31කම තවම සටනේ!

FIFA World Cup 2022

394

මෙවර පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග මේ වන විට පැවැත්වෙන  අතර, කණ්ඩායම් 31ක් තවමත් මීළඟ වටය වන කණ්ඩායම් 16යේ පිළිමළුන් පිටුදැකීමේ වටයට (knockout stage) පිවිසීමේ බලාපොරොත්තු සහිතව පසුවනවා.

මූලික වටයේ දී කාණ්ඩ 8කින් තරග වදින කණ්ඩායම් 32ක් අතරින්, කණ්ඩායම් 16ක් (සෑම කාණ්ඩයකම මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම්) ඊළඟ වටයට සුදුසුකම් ලබනවා.

කෙසේ හෝ එකම කාණ්ඩයේ කණ්ඩායම් දෙකක් හෝ ඊට වැඩි ගණනක ලකුණු සම වුවහොත්, පහත දැක්වෙන පිළිවෙළ අනූව එම කණ්ඩායම් එකිනෙකාගෙන් වෙන් කිරීමට නියමිතයි.

  1. ලබා ගත් සමස්ත ගෝල සංඛ්‍යාවේ වෙනස (ලබා ගත් ගෝල සංඛ්‍යාව සහ ලබා දුන් ගෝල සංඛ්‍යාව අතර වෙනස)
  2. ලබාගත් සමස්ත ගෝල සංඛ්‍යාව
  3. මුහුණට මුණ ගැහුණු තරගයේ දී ලැබූ ප්‍රතිඵලය
    1. මෙහි දී කණ්ඩායම් දෙකක් පමණක් ලකුණු සම වී සිටී නම් එකිනෙකා මුණ ගැසුණු තරගයේ ප්‍රතිඵලය සලකා බලයි.
    2. කණ්ඩායම් තුනක් සිටී නම්, නැවතත් එක කණ්ඩායම් තුන අතර පැවති තරගවල දී ලද ලකුණු, සමස්ත ගෝල සංඛ්‍යාවේ වෙනස, මුළු ගෝල සංඛ්‍යාව යනු කරුණු අනූව ස්ථාන තෝරා ගනු ලැබේ.
  4. තවමත් සම ලකුණු ලද කණ්ඩායම් සිටී නම්,
    1. එම කණ්ඩායම්වල Fair play record (ලැබූ කහ සහ රතු කාඩ් පත් පිළිබඳ දත්ත) පිළිබඳ සලකා බලනු ලැබේ.
      1. 2018 පාපන්දු ලෝක කුසලානයේ H කාණ්ඩයේ මුල් ස්ථාන දෙක තේරීමට මෙම ක්‍රමය භාවිත කළා.
    2. තවමත් ලකුණු සම වේ නම් දිනුම් ඇදීමක් මගින් කණ්ඩායම තෝරා ගනී.
      1. 1990 ලෝක කුසලානයේ F කාණ්ඩයේ දෙවැනි ස්ථානය තෝරා ගැනීමට මෙය භාවිත කෙරුණා.

මේ වන විටත් තරගාවලියේ සත්කාරක දේශය වන කටාර් රාජ්‍යය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් නිල වශයෙන් ඉවතට විසි වී ඇති අතර, ඉතිරි කණ්ඩායම් 31ක් සඳහාම ඉදිරි වටය සඳහා තවමත් විවෘත අවස්ථාවක් ඉතිරිව පවතිනවා.

මූලික වටයේ කාණ්ඩ 8 ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා ඊළඟ වටය වෙත යාමට ඇති අවස්ථා පිළිබඳව පහතින් දැක්වෙනවා.

A කාණ්ඩය

ඉතිරිව ඇති තරග: ඉක්වදෝරය සහ සෙනගාලය, නෙදර්ලන්තය සහ කටාර්

(තරග දිනය: අඟහරුවාදා – නොවැම්බර් 29)

නෙදර්ලන්තය – ඉදිරි තරගය ජයග්‍රහණය කිරීම හෝ සම වීම පමණක් ඉදිරි වටය වෙත යාමට ප්‍රමාණවත් වේ. නමුත් ඔවුන් ඉදිරි තරගය පරාජය වුවහොත් ඉක්වදෝර් සහ සෙනගාල් අතර තරගයේ තීරණය මත ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

ඉක්වදෝරය – සෙනගාලය සමඟ තරගය ජය ගැනීම හෝ සම කර ගැනීම ප්‍රමාණවත් වේ.

එම තරගය පරාජය වුවහොත්, නෙදර්ලන්ත කණ්ඩායම කටාර් හමුවේ පරාජය වන තෙක් බලා සිටීමට සිදු වේ.

සෙනගාලය – ඉක්වදෝරය සමග තරගයෙන් ජය ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් එම තරගය සම වුව හොත් නෙදර්ලන්තයේ පරාජය අපේක්ෂාවෙන් සිටිය යුතුය.

කටාර් – දැනටමත් තරගාවලියෙන් ඉවත් වී ඇත.

B කාණ්ඩය

ඉතිරිව ඇති තරග: ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය , එංගලන්තය සහ වේල්සය

(තරග දිනය : අඟහරුවාදා – නොවැම්බර් 29)

එංගලන්තය – වේල්සය සමග තරගය ජය ගැනීම හෝ සම කර ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් එම තරගය පරාජය වුවත් ඔවුන්ට අනෙක් තරගයේ ප්‍රතිඵලය මත ඉදිරියට යාමට අවස්ථාවක් හිමි වනු ඇත.

ඉරානය – ඇමරිකාව සමග තරගය ජය ගැනීම ප්‍රමාණවත් වේ. එම තරගය පරාජය වුව හොත් එංගලන්ත , වේල්ස් තරගයේ තීරණය මත ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදය – ඉරානය සමග තරගය අනිවාර්‍යෙන්ම ජය ගත යුතුය.

වේල්සය – එංගලන්තය සමග තරගය ජය ගත යුතු අතර, ඉරාන – ඇමරිකා තරගය සම වී අවසන් විය යුතුය.

C කාණ්ඩය

ඉතිරිව ඇති තරග: පෝලන්තය සහ සෞදි අරාබිය, ආජන්ටිනාව සහ මෙක්සිකෝව (තරග දිනය: සෙනසුරාදා – නොවැම්බර් 26)

පෝලන්තය සහ ආජන්ටිනාව, සෞදි අරාබිය සහ මෙක්සිකෝව

(තරග දිනය: බදාදා – නොවැම්බර් 30)

සෞදි අරාබිය – පෝලන්තය සමඟ තරගය ජය ගැනීම (ආජන්ටිනාව සහ මෙක්සිකෝව අතර තරගය සම වන අතරේම) ඉදිරි වටයට යාමට මග විවර කර දෙනු ඇත.

ආජන්ටිනාව – මෙක්සිකෝව සමඟ තරගයෙන් පරාජය වීමට සිදු වුවහොත් තරගාවලියෙන් ඉවතට විසි වනු ඇත.

පෝලන්තය සහ මෙක්සිකෝ කණ්ඩායම්වල ඉදිරි ගමන ගැන අද (26) පැවැත්වීමට නියමිත තරගවලින් පසුව දැන ගත හැකි වනු ඇත.

D කාණ්ඩය

ඉතිරිව ඇති තරග : ටියුනීසියාව සහ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ඩෙන්මාර්කය

(තරග දිනය  සෙනසුරාදා – නොවැම්බර් 26)

ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය, ප්‍රංශය සහ ටියුනීසියාව

(තරග දිනය: බදාදා – නොවැම්බර් 30)

ප්‍රංශය – ටියුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය සම වුවහොත්, ඩෙන්මාර්කය සමඟ තරගයෙන් ජය ගෙන ඉදිරි වටයට යා හැක.

ඕස්ට්‍රේලියාව – ටියුනීසියාව හමුවේ පරාජය වීමෙන් ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය නිම වනු ඇත.

ටියුනීසියාව සහ ඩෙන්මාර්ක කණ්ඩායම් පිළිබඳ පැහැදිලි තීරණයක් තවමත් ලබා දිය නොහැකි.

E කාණ්ඩය

ඉතිරිව ඇති තරග : ජපානය සහ කොස්ටාරිකා, ස්පාඤ්ඤය සහ ජර්මනිය

(තරග දිනය: ඉරිදා – නොවැම්බර් 27)

කොස්ටාරිකා සහ ජර්මනිය, ජපානය සහ ස්පාඤ්ඤය

(තරග දිනය: බ්‍රහස්පතින්දා – නොවැම්බර් 1)

ස්පාඤ්ඤය – ජපානය සිය තරගය (කොස්ටරිකා සමඟ) ජය ගැනීමට හෝ සම කර ගැනීමට සමත් වුවහොත්, ජර්මනිය පරාජය කිරීම මගින් ඉදිරි වටයට යා හැකි වනු ඇත.ජපානය – ස්පාඤ්ඤය සිය තරගය (ජර්මනිය සමඟ) ජය ගැනීමට හෝ සම කර ගැනීමට සමත් වුවහොත්, කොස්ටාරිකාව පරාජය කිරීම මගින් ඉදිරි වටයට යා හැකි වනු ඇත.ජර්මනිය – ජපානය කොස්ටරිකාව හමුවේ ජයග්‍රහණය කළහොත් හෝ සම වුවහොත් ජර්මනිය මෙවර ලෝක කුසලානයෙන් ද මූලික වටයෙන්ම ඉවත්ව යනු ඇත.කොස්ටාරිකාව – ඉදිරියට යාමට අවශ්‍ය වේ නම් ජපානය සමඟ තරගයෙන් ජය ගැනීම අනිවාර්‍ය සාධකයක්.

F කාණ්ඩය

ඉතිරිව ඇති තරග: බෙල්ජියම සහ මොරොක්කෝ, ක්‍රොඒෂියාව සහ කැනඩාව

(තරග දිනය : ඉරිදා – නොවැම්බර් 27)

කැනඩාව සහ මොරොක්කෝව, බෙල්ජියම සහ ක්‍රොඒශියාව

(තරග දිනය : බ්‍රහස්පතින්දා – නොවැම්බර් 1)

බෙල්ජියම – ක්‍රොඒශියා සහ කැනඩා ගැටුම සම වුවහොත්, මොරොක්කෝව පරාජය කිරීම ඉදිරියට යාමට ප්‍රමාණවත් වනු ඇත.කැනඩාව – ක්‍රොඒශියාව හමුවේ පරාජය වීම ඔවුන්ගේ ඉදිරි ගමනේ අවසානය වනු ඇත.ක්‍රොඒශියාව සහ කැනඩාව පිළිබඳ තවමත් හරි තීරණයකට එළඹිය නොහැක.G කාණ්ඩයඉතිරිව ඇති තරග: කැමරූන් සහ සර්බියාව, බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය

(තරග දිනය: සඳුදා – නොවැම්බර් 28)

කැමරූන් සහ බ්‍රසීලය , සර්බියාව සහ ස්විස්ටර්ලන්තය

(තරග දිනය : සිකුරාදා – නොවැම්බර් 2)

බ්‍රසීලය – සර්බියාව විසින් කැමරූන් සමග තරගය ජය ගත හොත් හෝ සම කර ගත හොත්, බ්‍රසීලයට ස්විස්ටර්ලන්තය සමග තරගයේ ජයග්‍රහණය පමණක් ඉදිරි වටය වෙත යාමට ප්‍රමාණවත් වනු ඇත.ස්විස්ටර්ලන්තය – කැමරූන් විසින් සර්බියාව සමග තරගය ජය ගත හොත් හෝ සම කර ගත හොත්,  ස්විස්ටර්ලන්තයට බ්‍රසීලය සමග සමග තරගයේ ජයග්‍රහණය පමණක් ඉදිරි වටය වෙත යාමට ප්‍රමාණවත් වනු ඇත.කැමරූන් – සර්බියාව හමුවේ පරාජය වුවහොත් (බ්‍රසීලය මීළඟ තරගය ජය/සම කර ගන්නා අතරේ දී) කැමරූන් රාජ්‍යයේ ලෝක කුසලාන සිහින බොඳ වනු ඇත.සර්බියාව – කැමරූන් හමුවේ පරාජය වුවහොත් (ස්විස්ටර්ලන්තය මීළඟ තරගය ජය/සම කර ගන්නා අතරේ දී) සර්බියාවේ ලෝක කුසලාන ගමන නිම වනු ඇත.H කාණ්ඩයඉතිරිව ඇති තරග: දකුණු කොරියාව සහ ඝානා, පෘතුගාලය සහ උරුගුවේ

(තරග දිනය: සඳුදා – නොවැම්බර් 28)

ඝානා සහ උරුගුවේ, දකුණු කොරියාව සහ පෘතුගාලය

(තරග දිනය : සිකුරාදා – නොවැම්බර් 2)

පෘතුගාලය – දකුණු කොරියාව සහ ඝානා කණ්ඩායම් අතර තරගය සම වුවහොත්, උරුගුවේ සමග තරගයෙන් ජය ලැබීම පෘතුගාල කණ්ඩායමට ඉදිරි වටයට යාම දොර විවර කර දෙනු ඇත.ඝානාව – දකුණු කොරියාව හමුවේ පරාජය වීමට සිදු වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වේ.උරුගුවේ සහ දකුණු කොරියානු කණ්ඩායම්වල ඉදිරි ගමන පිළිබඳ තවමත් පැහැදිලි අදහසක් ලබා ගත නොහැක.මෙවර පාපන්දු ලෝක කුසලානයේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.ESPN ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<