ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගන්නා ඔටුනු පළන් රජු!

279

සුපිරි ටෙනිස් ක්‍රීඩක Roger Federer තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද (15) නිවේදනය කළා.

ලබන සති අන්තයේ O2 Arena හිදී පැවැත්වීමට නියමිත ලන්ඩනයේ Laver Cup තරගාවලිය ඔහුගේ කීර්තිමත් ටෙනිස් දිවියේ අවසන් තරගාවලිය බව Federer සිය නිවේදනයේ සටහන් කර තිබුණා.

ස්විස්ටර්ලන්තයේ උපත ලැබූ මේ විශිෂ්‍ඨ ක්‍රීඩකයා සිය ටෙනිස් දිවිය තුළ Grand Slams කුසලාන 20ක් දිනාගෙන තිබෙනවා. එය මෙතෙක් ක්‍රීඩකයෙකු දිනා ඇති තුන්වන ඉහළම කුසලාන සංඛ්‍යාව ද වනවා.

Roger Federer අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය වසරේ පැවති Wimbledon තරගාවලියේ දීයි. එහි දී ඔහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට සමත්වුනා. ඔහුගේ අවසන් Grand Slam ජයග්‍රහණය 2018 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී සටහන් වුනා. ඔහු වයස අවුරුදු 36 දී විවෘත තරගාවලියක කේවල ශූරතාවක් දිනාගත් දෙවන වයස්ගතම පුද්ගලයා බවට ද පත්වුනා.

ඔහු ATP සංචාරයේ දී කේවල ශූරතා 103කට හිමිකම් කී අතර 2004 පෙබරවාරි සහ 2008 අගෝස්තු අතර අඛණ්ඩව සති 237ක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පසු වූ අතර එය තවමත් වාර්තාවක් ලෙස පවතිනවා.

Roger Federer 2009 වසරේ දී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ජයගැනීමෙන් අනතුරුව

Roger Federerගේ මෙම තීරණය ඔහුගේ ක්‍රීඩා දිවියේ කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක අවසානයේ දී ගනු ලැබූ තීරණයක් වනවා. ඔහු මේ වන විට දණහිසේ ශල්‍යකර්ම තුනකට ලක්ව සිටිනවා.

ඔහුගේ ආබාධ හේතුවෙන් සංචාර වලදී ඔහුගේ සහභාගීත්වය සීමා වී ඇති අතර ඔහු 2020 ආරම්භයේ සිට පවත්වන ලද Grand Slams තරග 11ක් අතරින් සහභාගී වී ඇත්තේ තුනකට පමණයි.

Federer ඉදිරියේ දී ප්‍රදර්ශන තරග සඳහා සහභාගී වීමට නියමිත නමුත් ඔහු යුරෝපය නියෝජනය කරන Laver Cup තරගාවලිය ATP සංචාරයේ ඔහුගේ අවසන් තරගාවලිය වනවා.

2009 දී Roland Garros හිදී Federer සිය වෘත්තීය Grand Slams ශූරතාව දිනාගත් අතර ඉන් මාසයකට පසුව Wimbledon තරගාවලියේ දී ඔහු සිය 15 වැනි ප්‍රධාන කුසලානය දිනාගනිමින් Pete Sampras විසින් තබා තිබූ සර්වකාලීන පිරිමි කේවල වාර්තාව බිඳ දැමීමට සමත්වුනා. ඔහුගේ Grand Slams කුසලාන සංඛ්‍යාව දෙවැනි වන්නේ Rafael Nadal (22) සහ Djokovic (21) ට පමණයි.

Federer ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලි 6ක්, 2009 වසරේ Roland Garros ශූරතාවය, Wimbledon කුසලාන 8ක් මෙන්ම ඇමරිකානු විවෘත තරගාවලි 5ක් නොකඩවා ජයගැනීමට සමත් වුනා.

Federer ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ සංචාර මට්ටමේ ජයග්‍රහණ 1,251ක් වාර්තා කර ඇති අතර එය දෙවැනි වන්නේ Jimmy Connorsගේ ජයග්‍රහණ 1,274ට පමණක් වීම විශේෂත්වයක්.

ඔහු Nitto ATP අවසන් මහා තරගයේ දී වාර්තාගත ශූරතා 6කට, ජයග්‍රහණ 59කට සහ සුදුසුකම් 18කට හිමිකම් කියනවා. ඔහු ATP Masters ඉසව් 1000ක දී දස්කම් දක්වා ඇති අතර ශූරතා 28ක් දිනා ගෙන තිබෙනවා.

Federer වාර්තාගත ATP සංචාර සම්මාන 40ක ජයග්‍රාහකයා ද වනවා. ATP සංචාර අංක 1 (2004-07, 2009), Arthur Ashe Humanitarian of Year (2006, 2013), වසරේ නැවත පැමිණීමේ ක්‍රීඩකයා (2017), Stefan Edberg Sportsmanship ( 2004-09, 2011-17) සහ රසිකයින්ගේ ප්‍රියතම ක්‍රීඩකයා (2003-21) යන සම්මාන වලට අමතරව, Laureus World Sports Awards ඉතිහාසයේ වැඩිම සම්මාන දිනූ මලල ක්‍රීඩකයා ද වන අතර, පස් වතාවක් (2005-08, 2018) වසරේ ක්‍රීඩකයා සහ 2018 වසරේ නැවත පැමිණීමේ ක්‍රීඩකයා යන සම්මාන ද දිනා ගෙන තිබෙනවා.

මේ වන විට 41 හැවිරිදි Roger Federer, ප්‍රථම වරට ටෙනිස් ක්‍රීඩාවේ කතාබහට ලක්වූයේ වයස අවුරුදු 22 දීයි. 2004 පෙබරවාරි 2 වන දින ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථානයට පත්වන ඔහු, එතැන් සිට අසමසම පාලනයක් භුක්ති විඳීමට සමත් වුනා. 2004-06 කාලය තුළ ඔහු විස්මිත 247-15ක වාර්තාවක් ලබා ගත් අතර එහි දී ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය 94% තරම් ඉහළ අගයක් ගනු ලැබුවා.

එම කාලය තුළ ඔහු සංචාර මට්ටමේ කුසලාන 34ක් දිනා ගත් අතර 2003-05 දක්වා කාලය තුළ Federer ඔහුගේ හොඳම ප්‍රතිවාදීන් 10 දෙනාට එරෙහිව නොකඩවා තරග 24ක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ටෙනිස් ක්‍රීඩාවේ ‘Big Three’: Novak Djokovic, Rafael Nadal සහ Roger Federer

Nadal සහ Djokovic පසුව Federer සමඟ ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට එක් වූයේ ටෙනිස් ක්‍රීඩාවේ පෙර නොවූ විරූ යුගයක් වන ‘Big Three’ නිර්මාණය කරමින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<