යුධ හමුදා ක්‍රීඩකයින් සාර්ථක මෙහෙයුමක

160

මේ දිනවල කොළඹ රාජකීය MAS බොක්සිං කවයේ දී පැවැත්වෙන 77 වන ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දෙවන දිනය ඊයේ (15) සාර්ථකව නිමාවට පත්විය. ඊයේ දිනයේ දී බර පන්ති තුනක් යටතේ පමණක් තරග පැවතී අතර එහි දී වැඩි ජයග්‍රහණ සහිතව තරගාවලියේ පෙරමුණ ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ට හැකි විය.

යුධ හමුදා ක්‍රීඩකයින් පෙරමුණ ගැනීමට සමත් වෙයි.

2018 වසරේ ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ ප්‍රථම දිනය ඊයේ (14) කොළඹ …

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කේ. රාජපක්ෂ හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. කේ. අමරවංශ අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට අමරවංශ සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඒ. ආර්. ප්‍රසන්න හා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන එන්. පී. ද සිල්වා අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට ප්‍රසන්න සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන එල්. එස්. කුමාර හා MAS ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඒ. ඩී. මදුශංක අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ කුමාරයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන ඩී. එම්. දසනායක හා ආර්. ටී. වීරක්කොඩි අතර පැවති තරගය නිතරගයෙන් වීරක්කොඩි විසින් ජය ගත්තේ දසනායක තරගයට සහභාගී නොවීම හේතුවෙනි.

පිරිමි, කි.ග්‍රෑ.  60 ලයිට් වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩී. දනුෂ්ක හා පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. එන්. කුමාර අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට කුමාර සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එච්. එස්. දනුෂ්ක හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එම්. බණ්ඩාර අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ බණ්ඩාරයි.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. එස්. කුමාර හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එස්. කුමාර අතර පැවති තරගය විනිසුරුවරයා විසින් නවතා පී. එස්. කුමාරට ජය හිමිකර දුන්නේය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. ඩී. රංගන හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. ඒ. මදුශංක අතර පැවති තරගයෙන් 4-0ක් ලෙස ජය හිමිකර ගැනීමට මදුශංක සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. සී. බණ්ඩාර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ. ආර්. දේවප්‍රිය අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජය හිමි කර ගැනීමට බණ්ඩාර සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන සී. ඊ. බණ්ඩාර හා කේ. කේ. රත්නායක අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජය හිමි වූයේ රත්නායකටයි.

විද්‍යාලන් ක්‍රීඩා සමාජය නියෝජනය කරන එච්. ඩී. හෙට්ටිආරච්චි හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන එස්. බී. ජයම්පති අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජය හිමිකර ගැනීමට ජයම්පති සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එම්. එස්. ජීවන්ත හා ආර්. එස්. රූපසිංහ අතර පැවති තරගයට රූපසිංහ නොපැමිණීම හේතුවෙන් ජීවන්තට නිතරගයෙන් ජය හිමි විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන එස්. ඩී. ප්‍රේමකුමාර හා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන පී. ආර්. කුමාර අතර පැවති තරගයෙන් කුමාර ජය ගත්තේ 5-0ක් ලෙසයි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එම්. ඩී. පුෂ්පකුමාර හා ඩබ්. ජී. විජේනාග අතර පැවති තරගය 5-0ක් ලෙස ජය ගැනීමට පුෂ්පකුමාර සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. එස්. කුමාර හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. ඒ. ගුණසේකර අතර පැවති තරගයෙන් ගුණසේකර ජය ගැනීමට සමත් වූයේ 3-2ක් ලෙසයි.

තරගාවලියේ තෙවන දිනය ලෙස අද (16) දිනයේ දී ද තරග පැවැත්වෙන අතර එහි තරග වාර්තා ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<