‌ සුළඟේ‌ ‌වාසියෙන්‌ ‌යුපුන්ට‌ ‌වාර්තාවක්‌ ‌අහිමි‌ ‌වෙයි‌ ‌

148

ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක කැපී පෙනෙන කාලයකින් අවසන් කිරීමට සමත්ව තිබෙනවා.

නමුත් එම තරගයේ දී සුළගේ වේගය 2.2+ක් ලෙස සටහන් වීම නිසාවෙන් එය නව වාර්තාවක් ලෙස නොසැලකෙන නමුත් එම කාලය යුපුන්ගේ පෞද්ගලික ක්‍රීඩා දිවියේ හොඳම කාලය ලෙස ද සටහන් වුනා.

එමෙන්ම ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම කාලය ලෙස ද සැලකිය හැකි.

මීටර් 100 ඉසව්වේ මෑත වකවානුවේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති යුපුන් පසුගිය දා පැවති තරගයක දී එම ඉසව්ව තත්පර 10.15ක කාලයකින් අවසන් කරමින් ඔහුගේම ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට ද සමත් වුනා.

එමෙන්ම මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලබා ගැනීමට ද හැකියාවක් යුපුන්ට පවතින අතර මීටර් 100 ඉසව්වේ මෙවර ඔලිම්පික් පරිසාධන කාලය තත්පර 10.05 වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<