පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවෙන් සොරා ගනී

219

7 වන වරටත් පැවති ආසියානු කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (10) සමත් වූයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමිනි. තරගය මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්විය.

අවසන් අසුනේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටේ

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (9) මැලේසියාවේ …

කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් වූ ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළාය. ඒ අනුව පළමුව පිටියට පිවිසි මිතාලියා රාජ් හා සිම්රිති මන්දානාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 12කට සීමා කිරීමට බංගලාදේශ ක්‍රීඩිකාවන් සමත් වූයේ එක් 4 පහරක් සමඟ ලකුණු 7ක් ලබා සිටි මන්දාන දුවද්දී දැවී යාමකට හසු කරමිනි.

ඉන්දීය පළමු කඩුලු 4 ලකුණු 32ක් තුළ බිඳ වැටුණු පසුව පිටියේ එක්වූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව වන හාමන්ප්‍රීට් කවුර්, වේදා ක්‍රිෂ්ණමූර්ති සමඟ එක්ව ලකුණු 30ක් සබඳතාවයක් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ අතර සෙමින් සීරුවේ සිය පිතිකරණය අරඹා වේගවත් පිතිකරණ විලාසයකට මාරුවීමට ගිය ක්‍රිෂ්ණමූර්ති සල්මා කහුතුන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියාය. දැවී යන විට ක්‍රිෂ්ණමූර්ති ලකුණු 11ක් ලබාගෙන සිටින ලදි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ දකුණතින් පිත්ත හසුරුවන හාමන්ප්‍රීට් කවුර් 4 පහර 7ක් සමඟ ලකුණු 56ක් ලබාගෙන වේගවත් පිතිකරණයක නිරත වූයේ, පන්දු 42ක් පමණක් වැය කරමිනි. අවසානයේ ඉන්දීය කාන්තා ඉනිම ලකුණු 112කට සීමා කිරීමට බංගලාදේශ පන්දු යවන්නියන් සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

මැලේසියාව පැවැත්වෙන 7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා …

ලකුණු 113ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සෑම පිතිකාරිනියක්ම ඉන්දීය කාන්තා පන්දු යවන්නන්  හමුවේ යම් සාර්ථකත්වයක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, තරගය කඩුලු 3කින් ජය ගැනීමට බංගලාදේශයට හැකි විය. එහි දී බංගලාදේශ කණ්ඩායමේ පිතිකාරිණියන් 5 දෙනෙක් ලකුණු 11 සීමාව  ඉක්මවා යාමට සමත් විය. එය ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු සාධකයක් විය. කණ්ඩායමේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වන රුමානා අහමඩ් ලකුණු 23ක් ලබා ගත්තේ ඇය විසින් දවා ගත් කඩුලු 2ට අමතරවයි.

පන්දු 24ක් වැය කර 4 පහර 4ක් සමඟ ලකුණු 27ක් ලබාගත් දකුණතින් පිත්ත හසුරුවන නිගාර් සුල්තාන් බංගලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයෙන්ම ආසියානු කුසලානයට ඉව අල්ලති

මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ …

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩිකාවක් වන පුන්මා යාදෙව් ලකුණු 09කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. නමුත් ඇයට ඉන්දීය කණ්ඩායමේ පරාජය  වැළැක්වීමට නොහැකි විය. මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම සහභාගී වූ මූලික වටයේ තරගවල දී පරාජයට පත්වූයේ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ පමණි. නමුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – 112/9 (20): හාමන්ප්‍රීට් කවුර් 56, රුමානා අහමඩ් 2/22, කාදිජා තුල් කුබාර් 2/23.

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – 113/7 (20): නිගාර් සුල්තාන් 27, රුමානා අහමඩ් 23, පුන්මා යාදෙව් 4/09.

තරගයේ වීරවරිය: රුමානා අහමඩ් (බංගලාදේශය)

තරගාවලියේ වීරවරිය: හාමන්ප්‍රීට් කවුර් (ඉන්දියාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<