ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයෙන්ම ආසියානු කුසලානයට ඉව අල්ලති

1488

මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (03) සමත් වූහ.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟින් ක්වාලාලම්පූර් නගරයේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් ජයක් වාර්තා කළේ තවත් පන්දු 33ක් ඉතිරිව තිබිය දී ය.

කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නිකුත් වේ

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලම්පුර් හිදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගාවලි අතරින් සිව්වරක් අනුශූරතාව දිනා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණත් සමඟින් මෙවර තරගාවලි කුසලානයේ තමන්ට හිමි තැන පිළිබඳව අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් කළේ තමන් සන්තකයේ ඉතාම සටන්කාමී කණ්ඩායමක් සිටිනා බැව් පෙන්වමිනි. කෙසේ වෙතත් මේ දක්වා පැවති තරග අතරින් ඉන්දියාව සහ පාකිස්තානය ද තරගය බැගින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව හා කරට කර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම රැඳී සිටී.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකාව වූ චමරි අතපත්තු ඩෙංගු උණ රෝගය වැළදීම නිසා මෙම සංචාරයට එක් නොවූ අතර හිටපු නායිකාවක වූ ශසිකලා සිරිවර්ධන වසර හතරකට පසුව අද තරගයේ දී නායකත්වයේ වගකීම බාර ගනිමින් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියාය.

ශ්‍රී ලංකා නායිකාව තමන් විසින් දිනූ කාසියේ වාසිය කිසිදු ලෝබකමකින් තොරව ප්‍රතිවාදීන් වෙත ප්‍රදානය කළාය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 63ක් පමණි.

වමතින් පන්දු යැවූ උදේශිකා ප්‍රබෝධනී තරගයේ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී ම බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකාරිනී ශමීමා සුල්තානා කඩුල්ල මුවාකිරීමේ වරදට හසු කර ගත්තා ය. එය බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීමේ ආරම්භය විය. අනෙක් අන්තයෙන් පන්දුව සියතට ගත් වමතිත් පා දඟපන්දු යවන සුගන්ධිකා කුමාරි තමන්ගේ පන්දු වාරයේ දී අංක තුන පිතිකාරිනිය ද ක්‍රීඩා විවේකාගාරය වෙත යෑමට සැලැස්වූවාය. ඒ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 10ක් තිබිය දී ය.

ඉන් අනතුරුව වූ කඩුල්ලේ සබඳතාව බංග්ලාදේශ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය. ආරම්භක දකුණත් පිතිකාරිනි අයාෂා රාමන් සහ රුමානා අහමඩ් (10) එක්ව බංග්ලාදේශ ලකුණු පුවරුව 35ක් දක්වා රැගෙන ආවේ ලකුණු 25ක සබඳතාවක් එක් කරමිනි. ශසිකලා සිරිවර්ධන මෙම තරගයේ දී ලබා ගත් එකම කඩුල්ල වූයේ තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අයාෂා රාමන්ගේ කඩුල්ල යි. අයාෂා රාමන් පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 11ක් ලබා ගත් අතර එය බංග්ලාදේශ ඉනිමේ ක්‍රීඩිකාවක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

බලා සිටිය දී කඩා වැටෙන බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 10ක් එක් කළ පිතිකාරිනියක වූයේ නිගාර් සුල්තානා ය. අනෙක් කිසිදු පිතිකාරිනියකට ලකුණු 10කට ළඟා වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉඩ සැලසුවේ නැත. එක් අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 7ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිම වනසා දැමුවෝය. තරගයේ 16 වැනි පන්දු වාරයේ දී දකුණතින් මඳ වේගපන්දු යවන ඕෂදී රණසිංහ පිට පිට පන්දු දෙකක දී කඩුලු 2ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් තවත් අමාරුවේ දැමූහ.

සුබවාදී බලාපොරොත්තු සමඟින් ධනංජය කොදෙව් දේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙක් වන ධනංජය ද සිල්වා මේ මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා සහභාගී වීමේ බලාපොරොත්තුවෙන්…

පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝධිනී, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 14.3ක දී ලකුණු 64ක් ලබා ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී යමිනි. ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූ යසෝධා මෙන්ඩිස් සහ නිපුනි හංසිකා ලකුණු 39ක සබඳතාවක් පළමු කඩුල්ලට එක් කළහ. යසෝදා මෙන්ඩිස් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ පන්දු 28ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී ය.

අනෙක් ආරම්භක පිතිකාරිනිය වූ නිපුනි හංසිකා පන්දු 31ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා ය. තරගය නිමා වන විට රෙබේකා වැන්ඩොර්ට් (08) සහ නිලක්ෂි ද සිල්වා (02) පිටියේ නොදැවී රැඳී සිටිය හ.

පන්දු යැවීමේ දී ද බංග්ලාදේශ කණ්ඩායමේ දකුණතින් දඟපන්දු යැවූ කදීජා ටුල් කුබ්රා ලකුණු 13කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවාය.

“එක ක්‍රීඩිකාවකට පුළුවන් මුළු තරගයක් වෙනස් කරන්න” – හේමන්ත දේවප්‍රිය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලම්පුර් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්  සුගන්ධිකා කුමාරි නම් කෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන දෙවැනි තරගය හෙට (04) සත්කාරක මැලේසියා ක්‍රීඩිකාවන් සමඟ ක්වාලාලම්පූර් නුවර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 63 (19.3): අයාෂා රාමන් 11, උදේශිකා ප්‍රබෝධනී 2/06, සුගන්ධිකා කුමාරි 3/17, ඕෂදී රණසිංහ 2/10, ඉනෝකා රණවීර 2/15

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 4ක් දැවී 64 (14.3): යසෝදා මෙන්ඩිස් 20, නිපුනි හංසිකා 23, කදීජා ටුල් කුබ්රා 3/13

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<