ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

687

මැලේසියාව පැවැත්වෙන 7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ තෙවැනි විස්සයි විස්ස තරගය අද (6) පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 23කින් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පියවරක් ඉදිරියට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ..

ක්වාලාලම්පූර් හි කින්රා ඇකඩමි ඕවල් පිටියේ දී කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇරයුම් කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පිවිසි නහිදා කාන් හා මුනීබ් අලී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 16ක සබඳතාවයක් ගොඩනැංවූ අතර පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 5ක් ලබා සිටි මුනීබ් අලීව ක්‍රීඩාගාරයට හරවා යැවීමට වමතින් දඟපන්දු යවන සුගන්ධිකා කුමාරි සමත් වූවාය.

අනතුරුව පිටියට අවතීර්ණ වූ නායිකා බිස්මා මරූෆ් සමඟින් එක්වුණු නහිදා කාන් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක අගනා සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවයට පත්කරමිනි. එම සබඳතාවය ගොඩනැංවීමට නායිකා බිස්මා සුපිරි හා වේගවත් පිතිකරණයක නිරත වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හට දැඩි ලෙස ප්‍රහාරයක් දියත් කරමිනි.

කෙසේ නමුත් නිලක්ෂි ද සිල්වාගේ පන්දුවක් හමුවේ 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 38ක් ලබා සිටි දකුණතින් පිත්ත හසුරුවන නහිදා කාන් දැවී ගියාය. පන්දු 34කින් වර්ණවත් වූ ඇයගේ ඉනිම පාකිස්තානු ඉනිම ඔසවා තැබීමට විශාල සවියක් විය.

පාකිස්තානු ඉනිමේ කතානායිකාව බඳු වූ වමතින් පිත්ත හසුරුවන බිස්මා පන්දු 41ක දී වේගවත් ලකුණු 41ක් ලබා ගත්තේ ලකුණු 60ක් ඇයගේ පුද්ගලික ලකුණු සටහන ඉදිරියෙන් සටහන් කරමිනි. නියමිත පන්දුවාර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නියන්ට එදිරිව කඩුලු 4ක් දැවී ලකුණු 136ක් ලබා ගැනීමට බිස්මා ප්‍රමුඛ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන සුගන්ධිකා කුමාරි ලකුණු 18කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූවාය.

ලකුණු 137ක තරමක් තරගකාරී ලකුණක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 113ක් පමණි. ආරම්භක පිතිකාරිනියන් යුගලය වූ යසෝදා මෙන්ඩිස් හා නිපුනි හංසිකා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 48ක සාර්ථක සබඳතාවයක් එක් කර දුන්න ද, එය තරගය අවසන් වන තෙක් පවත්වා ගැනීමට නොහැකි වුයේ ශ්‍රී ලංකා මැදපෙළ හා පසුපෙළ පිතිකාරිනියන් දුර්වල පිතිකරණයක නිරත වීම නිසාවෙනි.

කෙසේ නමුත් යසෝදා මෙන්ඩිස් හා නිපුනි හංසිකා පිළිවෙළින් ලකුණු 25ක් හා ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුවත් අනෙකුත් පිතිකාරිනියන් හට ලකුණු අතරට ඒමට නොහැකි වූයේ නිදා දාර්ගේ සුපිරි පන්දු යැවීම නිසාවෙනි.

ක්‍රිකට් තේරීම් කමිටුව අලුත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (4) පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට්..

පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන නිදා දාර් ඇයගේ පන්දුවාර 4 අවසන් කරන ලද්දේ ලකුණු 21ක් තුළ කඩුලු 5ක් දවා ගනිමිනි. එය ඇයගේ හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ද සනිටුහන් විය.

පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම – 136/4 (20): බිස්මා මරූෆ් 60, නාහිදා කාන් 38, සුගන්ධිකා කුමාරි 2/18.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – 113/9 (20): යසෝදා මෙන්ඩිස් 25, නිපුනි හංසිකා 24, නිදා දාර් 5/21.

තරගයේ වීරවරිය – නිදා දාර් (පාකිස්තානය)

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය හෙට (7) දිනයේ දී වත්මන් ශූරතාවය දරා සිටින ඉන්දිය කාන්තා කණ්ඩායම් සමඟ පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<