පොලීසිය පැරදවූ නාවික කාන්තාවෝ ශූරතාවය දිනා ගනිති

339
Navy v Police

2016/17 වර්ෂය සඳහා පැවැත්වූ ප්‍රිමියර් ලීග් කාන්තා පළමු පෙළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය තුළ ගෝල 2-0ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජ කාන්තා කණ්ඩායම පරාජයට පත්කල නාවික හමුදා ක්‍රීඩා සමාජ කාන්තා කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දෙවන වරටත් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු විනිසුරු ක්ෂේත්‍රයේ අනාගතය ගැටලුකාරීයි – රූමි

කොළඹ පාපන්දු සමාජයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රීඩා සමාජයේ පාපන්දු පුහුණුකරුවන් සහ හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන් වන මොහොමඩ් රූමි…

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර පසුගියදා නිමාවූ තරගය ගෝල 3-2ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කිරීමත් සමඟින් යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 11ක් ලබාගෙන ලකුණු පුවරුවේ ඉදිරියෙන් තම ස්ථානය සලකුණු කර ගැනීමට සමත් විය. ඒ වන විට නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 9ක් ලබාගෙන ලකුණු පුවරුවේ තම ස්ථානය වෙන්කරවා ගෙන සිටියේය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරඟයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ දැල්රකින්නියගේ දුර්වලතා මනාව අවබෝධ කරගත් ප්‍රතිවාදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ මුල් මිනිත්තු කිහිපය තුළදී තරඟයේ වාසිය තමන් යටතට ගැනීමට සමත් වූහ.

තිලිණි ජයසිංහ  හා නායිකා නිලූකා අලුත්ගේ යන ක්‍රීඩිකාවන්ගේ මනා සුසංයෝගය නාවික හමුදා ක්‍රීඩා සමාජයට තම පළමු ගෝලය ලබා ගැනීමට හේතු වූ අතර, දුලීකා ජයමාලිගේ දුර්වල දැල් රැකීම හමුවේ ඔවුන්ට තම ගෝලය සාර්ථක කර ගැනීමට හැකිවිණි.

දෙවන ගෝලය ලබා දීමේ දී ද තිලිණි ජයසිංහ ඒ සඳහා දායක වූ අතර, 29වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුනු තුශානි මදුශිකා එම ගෝලය තම නමට ඉදිරියෙන් ලියා ගන්නට සමත් වූවාය.

පළමු අර්ධය අවසානයේ: නාවික හමුදා ක්‍රීඩා සමාජය 2-0 පොලිස් ක්‍රීඩා සමාජය

තුශානි මදුශිකා දිගු දුර ගෝලයක් ලබා ගැනීමට වෑයමක් කළ නමුත් එම උත්සාහය සාර්ථක නොවීය. එසේම දෙපිලම දෙවන අර්ධය තුළ දී කරට කර සටනක නිරත වෙමින් දක්ෂ ලෙස ක්‍රීඩා කරන ලදී. කෙසේ නමුත් දෙවැනි අර්ධය ලකුණු පුවරුවට බලපෑමක් නොකළ අතර නාවික කාන්තාවන් ජයග්‍රාහිකාවන් ලෙස අභිෂේක ලැබීය.

තරඟය අවසානයේ: නාවික හමුදා ක්‍රීඩා සමාජය 2-0 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරවරිය – තිලිණි ජයසිංහ (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

ගෝල ලබා ගැනීම
නාවික හමුදා ක්‍රීඩා සමාජය – නිලූකා අලුත්ගේ 14’, තුශානි මදුශිකා 29’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට