වලව සුපර් ක්‍රොස් අඛණ්ඩව 6 වන වසරටත්

238

සබරගමුව පළාත මායිමේ පිහිටි උඩවලවේ ජාතික වනෝද්‍යානය ඉදිකරනු ලැබුවේ උඩවලවේ ජලාශය ඉදිකිරීමත් සමඟ වාසස්ථාන අහිමි වූ සතුන් සඳහා වාසස්ථානයක් සැපයීමට යි.

වසර ගණනාවක් පුරාවට මෙම උඩවලවේ ජාතික වනෝද්‍යානය වන අලින් ඇතුළු තවත් සත්ව විශේෂ රාශියකට වාසස්ථානය සපයා ඇති අතර දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද දැඩි ආකර්ෂණයට ලක්ව ඇති එය දිවයින තුළ තෙවැනියට ඉහළම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන ලද ජාතික වනෝද්‍යානය ලෙස ද සටහන් වී ඇත.

බර ඉසිලීමේ සිහින බොඳ වේ

ශ්‍රී ලංකා යොවුන් බර ඉසිලීමේ ක්‍රීඩකයන්ට 2018 බුවනොර්ස් අයර්ස් හි පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල අහිමි වන අතර ඔවුන්ට උස්බෙකිස්තානයේ අප්‍රේල් 20 වැනිදා …..

කෙසේ නමුත් එළඹෙන ඉරිදා (13), උඩවලව ජාතික වනෝද්‍යානයට කිලෝ මීටර කිහිපයක් එපිටින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය (SLAEME) සහ ශ්‍රී ලංකා යතුරු පැදි සංගමය එක්ව සංවිධානය කරනු ලබන ‘වලව සුපර් ක්‍රොස් 2018’ තරගාවලිය පැවැත්වීමට නියමිත ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම ධාවකයින් මෙසේ වලව සුපර් ක්‍රොස් තරගාවලිය සඳහා එක්වන්නේ අඛණ්ඩව 6 වන වසරට වන අතර මෙහි දී ලැබෙන සියලුම මුදල් ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු බලකායේ මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල සුබසාධනය සහ බලකායේ සිටින වත්මන් හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා යොමු කෙරෙනු ඇත.

ඒ අනුව සෙවනගල පිහිටි ‘Craftsman’s Auto Drome’ ධාවන පථයේ දී එළඹෙන ඉරිදා මෝටර් රථ ඉසව් 11ක් සහ යතුරුපැදි ඉසව් 13ක් යටතේ තරගකරුවන් 145කට අධික සංඛ්‍යාවක් තරග වදින අතර එහි කාල තරග හෙට (12) දිනයේ දී පැවැත්වෙනු ඇත.

ඒ අනුව දිවයිනේ සිටින විශිෂ්ටතම ධාවකයන්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ ද දැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව ඇති මෙම වලව සුපර් ක්‍රොස් තරගාවලිය තුළ පසුගිය වසරවල දී ඉතා උණුසුම් තරග රැසක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි විය.     

එහි දී තරුණ තරගකරුවෙක් වන පසුගිය තරග වාරය පුරාවට ඉහළ දස්කම් අතර සිටි එවෝන් ගුරුසිංහ ඉසව් 4ක් තුළ දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් හොඳම යතුරුපැදි ධාවකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ නමුත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පැවති ෆොක්ස්හිල් සුපර් ක්රෝස් තරගාවලියේ දී මුහුණ දුන් අනතුරකින් අනතුරුව ඔහුගේ සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙන්නට ඔහුට අපහසු වී ඇත. ThePapare.com සමඟ අදහස් දක්වමින් ජයග්‍රාහී ගුරුසිංහ අනතුරෙන් පසු ඔහුගේ නැවත පැමිණීම සහ ඔහුට ලැබුණු සහයෝගය ගැන අදහස් දැක්වීය.

 

පසුගිය වසර පුරාවට දිවයින තුළ සෑම ධාවන පථයකම ඉහළම දක්‍ෂතා අතර සිටි ධාවකයා අශාන් සිල්වා බව පිළිගත යුතු කරුණකි. වලව සුපර් ක්‍රොස් 2017 තරගාවලියේ දී මෝටර් රථ ධාවන ශූරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අශාන් ඔහුට සෙවනගල ‘Craftsman’s Auto Drome’ ධාවන පථයේ දී මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳ අදහස් දැක්වීය.

 

මෙම වසරේ තරගාවලියේ ‘Mx racing up to 250cc 2T’ ඉසව්ව සඳහා වත්මන් ජාතික ශූර ඉෂාන් දසනායක, අත්දැකීම්වලින් පරිපූර්ණ ගයාන් සඳරුවන්, බුද්ධික කසුන්, සමීර ප්‍රේමරත්න යන ක්‍රීඩකයින් සියලු දෙනාම එවෝන් ගුරුසිංහගේ කුසලානය තමන් සතුකර ගැනීමේ අභිප්‍රාය සහිතව තරගාවලිය සඳහා පිවිසෙන බැවින් එම ඉසව්ව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත. එමෙන්ම ‘SLGT Cars up to 3500cc’ ඉසව්වේ දී අෂාන් සිල්වා හට ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන කුෂාන් පීරිස්ගෙන් ප්‍රබල තරගයක් එල්ල වනු නොඅනුමාන ය.

සජීවී පුවත් සමඟින් මෙම තරගාවලිය ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානමින් සිටින අතර මෝටර් රථ ධාවන තරග සඳහාම වෙන්වූ විශේෂාංගය වන ‘Raceshow’ හරහා ද ඔබට තරගාවලිය හා එක්වීමට අවස්ථාව සැලසෙනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<