දඟපන්දුවේ බලයෙන් තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

2472

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරගය අද (07) පී සරා ඕවල් පිටියේ දී පැවැත්විය.

එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ මනරම් පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පරදවා ලකුණු 64ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි වුනත් තරගාවලියේ ජය 2-1ක් ලෙස ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට හිමි විය.

යොවුන් පිතිකරුවෝ අර්ධ ශතක රැස්කළත් දිනුම ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන…

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමේ ඉදිරියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් කමිල් මිෂාර සහ තවීෂ කහදූවආරච්චි පන්දු 36කින් ලකුණු 28ක් ලබාගෙන  ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට උත්සහ කළත්  ලියාම් මාෂල් පන්දු යැවීමට පැමිණීමත් සමඟම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය පහත වැටීම ආරම්භ විය.

Photos: Australia U19 Team Tour to Sri Lanka 2019 | 3rd ODI

එලෙස ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන් එල්ල කළ පීඩනය හමුවේ පන්දු 19කින් ලකුණු 20ක් ලබා සිටි කමිල් මිෂාර ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 33ක් සටහන් වන විට දැවී යාම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට බලවත් පාඩුවක් විය. කමිල්ගේ කඩුල්ල එලෙස වේලාසනින්ම දවා ගත් ඕස්ට්‍රේලියානු යොවුන් පන්දු යවන්නෝ ඉන් අනතුරුව ඉකුත් තරගයේ අගනා ලකුණු 79ක් ලැබූ සමාස් සහ මෙවර තරගයට අලුතින් එක්වූ ආරම්භක පිතිකරු තවීෂව දවා ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 45/3 බවට පත් කරමිනි.

නායක නිපුන් සමඟ එක්වූ සොනාල් ගොඩනැගූ ශතක සබඳතාවය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අස්වැසිල්ලක් වෙයි

පූර්ණ තරගාවලි පරාජයකින් ශ්‍රී ලංකාව ගැලවෙයි ද?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ද, දෙවන එක්දින…

පන්දුවාර 10.4ක් අවසානයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 45ක් තුළ බිඳ වැටී තිබුණු අවස්ථාවේ පිටියේ එක්වූ නායක් නිපුන් සහ සොනාල්ට පැවරී තිබුණු විශාලම වගකීම වූයේ කඩුලු ආරක්ෂා කර ගනිමින් ඉනිම ගොඩනැගීමයි.

එහි දී ඔවුන් දෙදෙනාට පැවරුණු එම වගකීම මනාව ඉටු කළ සොනාල් සහ නිපුන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124කින් ලකුණු 106ක් එක්කළේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ස්ථාවර තත්වයකට පත් කරමිනි.

එලෙස ස්ථාවර වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඉනිම පන්දු 68කින් ලකුණු 50ක් ලබා සිටි සොනාල්ගේ දැවී යාමත් සමඟ නැවතත් අවදානම් තත්වයකට පත්විය. නමුත් එම අවස්ථාවේ නායක නිපුන් නව පිතිකරු ප්‍රවීන් සමඟ එක්ව ලකුණු 35ක සබඳතාවයක්  ගොඩනගමින් යලි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ස්ථාවරත්වයක් ලබා දීමට උත්සහ කළත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පා දඟපන්දු යවන්නෙකු වන තන්වීර් සංගා එකම පන්දුවාරයක් තුළ දී ලකුණු 14ක් ලබා සිටි ප්‍රවීන්ව සහ ලකුණු 71ක් ලබා සිටි නිපුන්ව දවා ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 188/6ක් බවට පත් කරමිනි.

කෝලි ප්‍රමුඛ සංචාරක ඉන්දියානුවන් ඕස්ට්‍රලියාවේ දී ඉතිහාසය වෙනස් කරයි

මේ මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට්…

පන්දුවාර 39.4ක් අවසානයේ දී 188/6 ලෙස අසීරු තත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඉනිමේ අවසන් භාගයේ දී චමිඳු පන්දු 28කින් ලබා ගත් ලකුණු 28 සහ රොහාන් පන්දු 15කින් නොදැවී ලබාගත් ලකුණු 20 විශාල සවියක් වූ අතර එම ඉනිම් දෙක නිසාම නියමිත පන්දුවාර 50 තුල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 256ක් ලබා ගැනීමට හැකි විය. එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ සැක් එවන්ස් 39/3, ලියාම් මාෂල් 22/2 සහ තන්වීර් සංගා 42/2 ලෙස ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ලකුණු 257ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩැක්ස්ටර් හෝල්ට් පන්දු 43කින් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟින් ලබා ගත් වේගවත් ලකුණු 54ක් නිසා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 14ක් අවසානයේ දී 86/1 ලෙස සටහන් විය.

එම අවස්ථාව වන විට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම  ඔවුන් අතට ගෙන තිබූ නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට නැවතත් තරගයට අවතීර්ණ වීම සඳහා ඉක්මනින්ම කඩුලු කිහිපයක් දවා ගැනීම අනිවාර්ය විය.

එම නිසාම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් මනාව දඟපන්දු යවන්නන් හසුරවමින් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සුධීර තිලකරත්නගේ පන්දුවකට කඩුලු රකින මිෂාරට උඩපන්දුවක් ලබා දෙමින් හෝල්ට් ලකුණු 60කට දැවී ගියේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 94/2 බවට පත්කරමිනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් විසින්  ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ දකුණත් පිතිකරුවන්ට එරෙහිව පන්දු යැවීමට  ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ  වමත් දඟපන්දු යුගලය වූ රොහාන් සහ සොනාල්ව යොදා ගැනීම නිසා පන්දු 47ක් තුළ  ලකුණු 33කට   ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ තවත් කඩුලු 5ක් දැවී ගියේ ඔවුන්ගේ ලකුණු පුවරුව කිසිවකු නොසිතූ අයුරින් 129/7ක් බවට පත් කරමිනි.

මාලින්ද පුෂ්පකුමාර ඉනිමක කඩුලු 10ම සතු කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී. කණ්ඩායම…

පන්දුවාර 27.4ක් අවසානයේ දී 129/7 ලෙස ඉතාමත්ම අසීරු අඩියක පසුවුණු ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දු 86කින් ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැගීමට සංගා සහ එවන්ස් සමත් වුවත් එය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පරාජය වැළැක්විය හැකි සබඳතාවයක් බවට පත්වූයේ නැත.

එවන්ස්  සහ සංගා එක්ව ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ දැරූ එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු සුධීර ඔවුන් දෙදෙනාගේ සබඳතාවය බිඳ හෙලුවේ එවන්ස්ව ලකුණු 17කට දවා ගනිමිනි. එවන්ස්ගේ දැවී යාමත් සමඟ සංගා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ එම සිහින බොඳ කළ සුධීර අවසන් ඕස්ට්‍රේලියානු කඩුලු දෙකත් දවා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ඉනිම පන්දුවාර 46.3ක දී ලකුණු 196කට සීමා කරමිනි. එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් මනරම් දඟපන්දු යැවීමක නිරත වූ සුධීර 34/4, සොනාල් 22/3 සහ සංජය 51/2 ලෙස කඩුලු ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 256 (50): නිපුන් ධනංජය 71,සොනාල් දිනූෂ 50, චමිඳු විජේසිංහ 28, සැක් එවනස් 3/39,ලියාම් මාෂල් 2/22,තන්වීර් සංගා 2/42,

ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම; සියලු දෙනාම දැවී 192 (46.3): බැක්ස්ටර් හෝල්ට්  60,තන්වීර් සංගා 39, සුධීර තිලකරත්න 4/34, සොනාල් දිනූෂ 3/22,රොහාන් සංජය 2/51

එක්දින තරගාවලිය ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම හමුවේ සටනක් ලබා දෙමින් 2-1ක් ලෙස පරාජය වුණු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මීළඟට සැරසෙන්නේ වසර 34කට පසු ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමක් සමඟ මව්බිමේ දී යොවුන්  ටෙස්ට් තරගයකට සහභාගි වීම සඳහාය. එසේ නම් ජනවාරි 10 වැනිදා ආරම්භ වන යොවුන් ටෙස්ට් තරගයේ උණුසුම් තොරතුරු දැන ගැනීමට දිගටම රැඳී සිටින්න ThePapare.com සමගම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Add scorecard here