මාලින්ද පුෂ්පකුමාර ඉනිමක කඩුලු 10ම සතු කර ගනී

495

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර අද (06) ප්‍රතිවාදී සැරසන්ස් ඉනිමේ කඩුලු 10ම තමන් නමින් ලියා ගැනීමට සමත් විය.

ඔහු මේ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 37ක් පමණි. ඔහු පන්දුවාර 18.4ක් යැවූ අතර නොඉඳල් පන්දුවාර 5ක් ද ඊට ඇතුළත් විය.

මේ අතර අද අවසන් වූ තරගවලින් එස්. එස්. සී, යුද හමුදාව, සී. සී. සී. සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

සචිත්‍ර සේරසිංහ සහ රුමේෂ් බුද්ධික ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (05)…

සී. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 235ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු  238ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සැරසන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 169කි. අනතුරුව ලකුණු 69ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සී. සී. සී. ක්‍රීඩකයෝ එවර කඩුලු 5ක් දැවී ලකුණු 279ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 349ක ඉලක්කයක් පසු පස ගිය සැරසන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණි.

Photos : CCC vs Negombo CC | Major League Tier A Tournament 2018/19

සී. සී. සී. දෙවැනි ඉනිමේ දී රොන් චන්ද්‍රගුප්ත ලකුණු 93ක් ලබා ගැනීම කැපී පෙණුනි.

සැරසන්ස් ඉනිම පාලනය කිරීමේ දී මාලින්ද පුෂ්පකුමාර ගේ දක්ෂතාව කැපී පෙනුණ අතර ඔහු තරගයේ දී ලකුණු 110කට කඩුලු 16ක් ලබා ගත්තේ ය.

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 238 (62) රොන් චන්ද්‍රගුප්ත 30, මාධව වර්ණපුර 63, වනිඳු හසරංග 32, මනෙල්ක ද සිල්වා 22, විශ්ව ප්‍රනාන්දු නොදැවී 28, චාමිකර එදිරිසිංහ 9/87

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී169 (64.4) ප්‍රමෝද් මධුවන්ත 22, චාමිකර එදිරිසිංහ 53, සාලිය සමන් 27, ලහිරු ගමගේ 2/34, මාලින්ද පුෂ්පකුමාර 6/73, වනිඳු හසරංග 2/27

සී. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 279 (72.3) රොන් චන්ද්‍රගුප්ත 93, මාධව වර්ණපුර 46, මිනෝද් භානුක 37, වනිඳු හසරංග 23, ලසිත් අබේරත්න 39, ලහිරු මධුශංක නොදැවී 19, රනිත් ලියනාරච්චි 2/39

සැරසන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 113 (36.4) රනිත් ලියනාරච්චි 20, අශේන් බණ්ඩාර 22, මාලින්ද පුෂ්පකුමාර 10/37

ලසිත් ඇඹුල්දෙනිය අයර්ලන්තය මෙල්ල කරයි

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන…

මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 110ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා කණ්ඩායම ලකුණු 221ක් ලබා ගත්තේ ය.

ලකුණු 111ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ මුවර්ස් ක්‍රීඩකයෝ ලකුණු 280ක් ලබා ගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 170ක හඹා ගිය යුද හමුදා ක්‍රීඩකයෝ එය කඩුලු 5ක් පමණක් දැවී ලබා ගත්හ.

මුවර්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් ඉරෝෂ් සමරසූරිය ශතකයක් ලබා ගත්තේ ය. පන්දු 206කින් සමන්විත වූ අතර හතරේ පහර 11ක් හයේ පහර 2ක් ඇතුළත් කළේය.

කඩුලු ලබා ගැනීමේ දී දුශාන් විමුක්ති සහ දනුශික බණ්ඩාර කඩුලු 5 බැගින් ලබා ගත් හ.

ජයග්‍රාහී යුද හමුදා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඩිල්ශාන් ද සොයිසා ය. ඔහු පන්දු 47කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේ ය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (44.4) අදීශ තිලාංචන 35, නුවන් ලියනපතිරණ 2/30, දුශාන් විමුක්ති 5/35, දනුශික බණ්ඩාර 2/16

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (80.1) අශාන් රන්දික 32, දුශාන් විමුක්ති 35, ලක්ෂිත මධුශාන් 20, ඩිල්ශාන් ද සොයිසා 32, යසෝද මෙන්ඩිස් 26, දනුශික බණ්ඩාර 25, ශිරාන් ප්‍රනාන්දු 2/50, කේශාන් විජේරත්න 3/40, රමේෂ් මෙන්ඩිස් 2/25, තරිඳු කෞෂාල් 2/31

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 280 (67.3) පබසර වඩුගේ 52, ඉරෝෂ් සමරසූරිය 109, චාමර සිල්වා 52, රමේෂ් මෙන්ඩිස් 20, දුශාන් විමුක්ති 5/91, දනුශික බණ්ඩාර 5/87

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 171 (52.3) දුශාන් විමුක්ති 35, ලක්ෂිත මධුශාන් 37, ඩිල්ශාන් ද සොයිසා  නොදැවී 41, යසෝද මෙන්ඩිස් නොදැවී 25, රමේෂ් මෙන්ඩිස් 3/47

රාගම සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 433ක් ලබා අතර ඊට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 544ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් නායක තරංග පරණවිතාන සහ සචිත්‍ර සේරසිංහ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. පසු පෙළින් පිටියට පිවිසි රමිත රඹුක්වැල්ල පන්දු 49ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 91ක් ලබා ගත්තේ ය.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 433 (89) සුපේෂල ජයතිලක 100, ජනිත් ලියනගේ 52, දිනෙත් තිමෝද්‍ය 49, ෂෙහාන් ප්‍රනාන්දු 41, සංජය චතුරංග 36, ඉෂාන් ජයරත්න 50, සහන් නානායක්කාර 35, ජීවන් මෙන්ඩිස් 4/125, දිනුක් වික්‍රමනායක 3/44

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 544 (58) ලහිරු මිලන්ත 21, තරංග පරණවිතාන 184, සචිත්‍ර සේරසිංහ 152, විතානගේ 29, දිනුක් වික්‍රමනායක 21, රමිත් රඹුක්වැල්ල 91, චතුර පීරිස් 4/82

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 55 (15) දිනෙත් තිමෝද්‍ය 22, සමින්ද ප්‍රනාන්දු නොදැවී 21

යොවුන් පිතිකරුවෝ අර්ධ ශතක රැස්කළත් දිනුම ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග …

එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගය

බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 289ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ ලකුණු 267ක් ලබා ගත් හ. එස්. එස්. සී. ක්‍රීඩකයෝ අද දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 198කි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් පසු පස ගිය බී. ආර්. සී. ක්‍රීඩකයෝ ලකුණු 186කට තම ඉනිම නිමා කර ගත් හ.  

Photos: SLPA SC Vs. Chilaw MCC | Major League Tier A Tournament 2018/19

එස්. එස්. සී. දෙවැනි ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි කෞෂාල් සිල්වා අද දවසේ දී ලකුණු 79කට දැවී ගියේ ය. ඔහු පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කළේය. එම ඉනිමේ කඩුලු 5ක හිමිකාරිත්වය ලබා ගැනීමට දුවිඳු තිලකරත්න සමත් වීම කැපී පෙණුනි.

පිළිතුරු ඉනිමේ දී හුදකලා සටනක නියැලීමට නායක රුමේෂ් බුද්ධිකට සිදු විය. පළමු ඉනිමේ දී ද ශතකයක් ලබා ගත් ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේනානායක කඩුලු 5ක් දවා ගන්නේ ය.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 289 (66.4) කෝසල කුලසේකර 42, සම්මු අශාන් 125, ආකාශ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 32, නෙරංජන් වන්නිආරච්චි 2/36, දුවිඳු තිලකරත්න 5/65

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (79) ලසිත් ලක්ෂාන් 25, භානුක රාජපක්ෂ නොදැවී 44, ටී. එන්. සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 105, දුවිඳු තිලකරත්න 24, කසුන් මධුශංක 2/50, සචිත්‍ර සේනානායක 2/47, තරිඳු රත්නායක 5/83

එස්. එස්. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 198 (50.1) සඳුන් වීරක්කොඩි 21, කෞෂාල් සිල්වා 79, සහන් ආරච්චිගේ 33, සචිත්‍ර සේනානායක 28, දුවිඳු තිලකරත්න 5/56, ලසිත් ලක්ෂාන් 2/25, ඩෙවින් පත්මනාදන් 2/28

බී. ආර්. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 186 (50.4) දේශාන් ඩයස් 20, භානුක රාජපක්ෂ 23, රුමේෂ් බුද්ධික 76, සචිත්‍ර සේනානායක 5/81, තරිඳු රත්නායක 4/67

හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගැනීමට මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම ලකුණු 203ක් ලබා ගත්තේ ය. වරාය අධිකාරිය කණ්ඩායම දෙවැනි ඉනිමට සියලු ම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179කි. හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 210ක ඉලක්කයක් ලැබුණ අතර ඔවුන් කඩුලු 9ක් දැවී එකී අවශ්‍යතාව සපුරා ගත්හ.

හඹාගෙන යන ඉනිමේ දී වැඩි වැඩ කොටසක් ඉටු කළේ ඉරෝෂ් සමරසූරිය ය. ඔහු තරගය අවසන් කරන විට පන්දු 118කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා සිටියේ ය. ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 138 දී අහිමි වූ පසු පෙරමුණ ගත් ඉරෝෂ් විදෙස් ක්‍රීඩක සුබ්‍රමනියම් උදේශි (16*) සමඟ එක් වෙමින් එම කඩුල්ලට නොදැවුණ ලකුණු 72ක සබඳතාවක් ද ගොඩ නැගුවේ ය. ඊට පෙර ආරම්භක පිතිකරු තික්ෂිල ද සිල්වා ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.  

වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (68.5) යොහාන් ද සිල්වා 64, ප්‍රිමෝෂ් පෙරේරා 51, රුවිඳු ගුණසේකර 24, ප්‍රශාන් වික්‍රමසිංහ 46, සුබ්‍රමනියන් උදේශි 6/70, කරිමුත්තු රාකේශ් 2/41

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (60.2) ඔසද ප්‍රනාන්දු 30, හර්ෂ කුරේ 22, රිසිත් උපමාල් 54, පුලින තරංග 28, චමින්ද බණ්ඩාර 3/54, චානක කොමසාරු 2/79,  අනුක් ද අල්විස් 4/53

වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 179 (67.1) අදීශ නානායක්කාර 64, ගයාන් මනීශාන් 20, ප්‍රශාන් වික්‍රමසිංහ 29, රොෂාන් ජයතිස්ස 2/21, නිමේෂ් විමුක්ති 3/68, පුලින තරංග 2/30

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 210 (61.1) තික්ෂිල ද සිල්වා 52, ඔසද ප්‍රනාන්දු 23, පුලින තරංග 21, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 65, චානක කොමසාරු 5/74, රමේෂ් නිමන්ත 3/42

මීගමුව සහ බදුරලිය අතර තරගය

මේ අතර අද (06) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මීගමුව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් දවස නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 233ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් මේ වන විට ප්‍රසන්සන ජයමාන්න පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටී. ඊට අමතරව ආරම්භක පිතිකරු ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර පන්දු 91කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී බුද්ධික සංජීව ලකුණු 52කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 233 (88) ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 51, ෂෙහාන් ජයසූරිය 21, ප්‍රසන්සන ජයමාන්න නොදැවී 73, ඇන්ජලෝ ජයසිංහ34, බුද්ධික සංජීව 3/52, ලහිරු සමරකෝන් 2/45

මෙම තරගය හෙට (07) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <