කෝලි ප්‍රමුඛ ඉන්දියානුවන් ඕස්ට්‍රේලියාවේ දී ඉතිහාසය වෙනස් කරයි

198

මේ මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග 4කින් සමන්විත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද (7) නිමාවට පත්වුයේ ජය පරාජයකින් තොරවයි.

ඒ සමඟින් 2-1ක් ලෙස තරගාවලියේ ජය ඉන්දියානුවන් තමන් සතු කරගත්තේ ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු බිමේ දී ඉන්දීය කණ්ඩායමක් වාර්තා කළ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමිනි.

කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි මයන්ක් අග්‍රාවාල් හා ලෝකේශ් රාහුල් හට තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක සම්බන්දතාවයක් ලබා දීමට නොහැකි විය. තරගයේ දෙවන පන්දු වාරයේ දී ජෝෂ් හසල්වුඩ්ගේ පන්දුවකට ෂෝන් මාර්ෂ් අතට උඩපන්දුවක් ලබා දී රාහුල්  දැවී යද්දී ඔහු පන්දු 9කට මුහුණ දී ලබාගෙන සිටියේ ලකුණු 6ක් පමණි.

ඉන් අනතුරුව පිටියට පිවිසි චේතෙශ්වර් පුජාරා සහ අග්‍රාවාල් දෙවැනි කඩුල්ලට සාර්ථක ලකුණු 116ක සම්බන්දතාවක් ගොඩනැගූ අතර දෙවැනි කඩුල්ල ලෙස නේතන් ලයන්ගේ පන්දුවකට අග්‍රාවාල් දැවී යද්දී ඔහු පන්දු 112කට මුහුණ දී ලකුණු 77ක් රැස්කරගෙන සිටියේය. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් හා හයේ පහර දෙකකින් වර්ණවත් විය.

ඉන්පසු පිටියට පිවිසි නායක විරාත් කෝලිට රැස්කරගත හැකි වූයේ ලකුණු  23ක් පමණි. තරගයේ පළමු දිනය නිමා වෙද්දී ඉන්දියානුවන් කඩුලු 4ක් දැවී ලකුණු 303 ක් ලබාගෙන සිටි අතර පුජාරා තම ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 18 වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර මෙය ඔහු මෙම තරගාවලියේ වාර්තා කළ 3 වැනි ශතකය විය.

දකුණු අප්‍රිකානුවෝ කලින්ම තරගය නිමා කරති

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය

දෙවැනි දිනයේ දී ඉන්දියාව වෙනුවෙන් සාර්ථක සම්බන්ධතා කිහිපයක්ම දැක ගැනීමට හැකි වූ අතර මෙම සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව තම පළමු ඉනිම අත්හිටුවන විට  ඉන්දියානු පිතිකරුවන් විසින් කඩුලු 7ක් දැවී ලකුණු 622ක විශාල ලකුණු පුවරුවක් ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ තම පළමු ඉනිම වෙනුවෙන් තැබීය.

මෙහි දී ඉතාම ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ පුජාරා හට තම ද්විත්ව ශතක සිහිනය ඉටු කර ගැනීමට නොහැකි වූයේ ලයන්ගේ පන්දුවකට ලකුණු 193ක් ලබා සිටිද්දී දැවී යාම හේතුවෙනි. කෙසේ නමුත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පුජාරා පන්දු 373කට මුහුණ දී හතරේ පහර 22ක් තම පිත්තෙන් කණ්ඩායමට තෑගි කළේය. හනුමා  විහාරි ද මේ සඳහා හොඳ සහයක් පුජාරාට ලබා දුන්නේය.

ඊට අමතරව ඉන්දියාවේ විශාල ලකුණු පුවරුවට දායක වූ අනෙක් පිතිකරුවන් දෙදෙනා වූයේ රිශාබ් පාන්ට් සහ රවින්ද්‍ර ජඩේජා යි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ පන්ට් පන්දු 186ක දී නොදැවී ලකුණු159ක් රැස්කළේ තම ටෙස්ට් දිවියේ ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි. මෙම ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. රවින්ද්‍ර ජඩේජා ද පන්දු 114කට මුහුණ දී ලකුණු 81ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහරක් ඇතුළත් විය.

දෙවන දිනයේ අවසන් වීමට ඕවර 10ක් ඉතිරිව තිබීම හේතුවෙන් තම පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනය අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 24ක් වාර්තා කර තිබුණ ද තරගයේ 3 වැනි දිනය ආරම්භයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හඹා යාමට තිබූ විශාල ලකුණු පුවරුව සිතූ පරිදි සාර්ථක කරගැනීමට කුල්දීප යාදෙව් ප්‍රමුඛ ඉන්දියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.

දකුණු අප්‍රිකානුවෝ කලින්ම තරගය නිමා කරති

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තවත්

ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුවේ මාක්ස් හැරිස් පමණක් ලකුණු 50 සීමාව ඉක්මවා යද්දී අනෙක් ක්‍රීඩකයින් සියල්ලන්ම පාහේ තම කණ්ඩායම වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට අපෝසත් වූහ. මෙහි දී හැරිස් විසින් පන්දු 120කට මුහුණ දී ලකුණු 79ක් රැස්කළ අතර එයට හතරේ පහර 8ක් ඇතුළත් විය. ඕස්ට්‍රේලියානුවන් තම පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 300ක් පමණි.

කුල්දීප් යාදෙව් ලකුණු 99කට කඩුලු 5ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩපණ කිරීමට පුරෝගාමී වෙද්දී මොහොමඩ් ශම්මි සහ ජඩේජා කඩුලු දෙක බැගින් දවා ගනිමින් ඒ සඳහා දායකත්වය දැක්විය.

ඉන්පසු ලකුණු 322ක අවාසියක් සහිතව තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අයහපත් කාලගුණ තත්වය මත තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 6ක් ලබාගෙන සිටියේය.

තරගයේ 4 හා 5 වැනි දිනවල දී විටින් විට ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් තරගයට බාධා ඇතිවූ අතර 5 වැනි දිනයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 4ක් පමණි. එසේ තරගය අවසන් වෙද්දී ඉන්දියාව විසින් තම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන දිනයක් බවට එදින පත් කර ගත්හ.

තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස චේතෙශ්වර් පුජාරා සම්මාන දින ගත්තේය.

ඉන්දියානු පළමු ඉනිම – 622/7 ( 167.2): චේතෙශ්වර්ර් පුජාරා 193, රිශාබ් පන්ට් 159, රවින්ද්‍ර ජඩේජා 81, මයන්ක් අග්‍රාවාල් 77, නේතන් ලයන් 4/178, ජෝෂ් හසල්වූඩ් 2/105 
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 300/10 (104.5): මාර්කස් හැරිස් 79, මාර්නස් ලැබෂේන් 38
කුල්දීප් යාදෙව් 5/99, මොහොමඩ් ශම්මි 2/58, රවින්ද්‍ර ජඩේජා 2/73 
ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම – 6/0 (4): උස්මාන් කවාජා 6 (නොදැවී), මාර්කස් හැරිස් 2(නොදැවී)
තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස චේතෙශ්වර් පුජාරා සම්මාන දින ගත්තේය.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <