නව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් ICCයට යයි

104

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය ජුනි පළමු වැනිදා සිට නිලවරණය පවත්වන තෙක් එහි වැඩ කටයුතු නිරීක්ෂණයට එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාව පත් කිරීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ පවතින පරිපාලන තත්වය  පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු ධූ පිරිසක් ඩුබායි බලා පිටව ගියේය.

සුමතිපාල මහතාගේ අසුන ක්‍රීඩා ඇමතිගේ ලේකම්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමේ…….

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන මූලස්ථානයේ දී එම ධූත පිරිස ICC ප්‍රධානී ශෂන්ක් මනොහර් මහතාව මුණ ගැසී ඇති අතර එහි දී ක්‍රීඩා ඇමතිතුමා ඇතුළු ධූත පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි සංවර්ධන කටයුතු, වර්තමානයේ පවතින පරිපාලන ස්ථාවරත්වය පිළිබඳව මනොහර් මහතාට පහදා දී තිබේ.

නීතිපතිතුමාගේ උපදෙස් අනුව තමන් මේ තීරණය ලබා ගත් බවත්, ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම උසාවි තීන්දුව ලැබෙන තෙක් පැවැත්වීමට නොහැකි බවත් නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බැලීමට සිය අමාත්‍යංශයේ ලේකම් වන කමල් පද්මසිරි මහතාව පත් කළ බව ක්‍රීඩා අමාත්‍ය මුස්තාෆා මහතා විසින් ICC ප්‍රධානි වන මනොහර් මහතාට පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

මැලේසියාව පැවැත්වෙන 7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා…..

අවසානයේ ICC ප්‍රධානී මනොහර් මහතා ක්‍රීඩා අමාත්‍යතුමා වෙත සුබ පැතුම් එක් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග හා තීරණ පිළිබඳව ඉතාමත් හොඳින් සිතා බලා තීරණ ගන්නා ලෙසත්, එම තීරණ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට බලපෑමක් එල්ල නොවන ලෙස ලබා ගන්නා ලෙසත්  මනොහර් මහතා අවසානයේ පවසා ඇත.

මේ හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ප්‍රධාන නිලධාරි කමල් පද්මසිරි, ICC හි ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිච්ඩ්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා ඇතුළු පිරිසක්  සහභාගී විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<