දැල්පන්දු ක්‍රීඩිකාවෝ අර්ධ අවසන් වටයට

282
Sri Lanka v Brunei

10 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අර්ධ අවසන් වටයට ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද‍ (04) සමත් විය. ඒ බෘෘනායි කණ්ඩායමට එරෙහිව පැවති සිවුවැනි තරගයෙන් 55 – 20 ලෙස ජයග්‍ර‍හණය වාර්තා කරමිනි.

තරගය එරට වේලාවෙන් ප.ව. 02.00 පමන ආරම්භ වු අතර ප්‍ර‍ථම අර්ධයේ පටන් ශ්‍රී ලංකා ක්‍රීඩාකවෝ තරගය සියතට ගැනීමට සමත් විය.

ප්‍ර‍ථම අර්ධය 12-05 ලෙස දැක්වෙමින් නිමා වුනු අතර දෙවැනි අර්ධයේදි ලකුණු 4ක් පමණක් ප්‍ර‍තිවාදීන්ට ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් ලකුණු 13ක් ශ්‍රී ලංකා නාමයට යටින් සටහන් කිරීමට සමත් විය (25-09).

තරගයේ තෙවැනි අර්ධය 41-12 ලෙසද සිවුවැනි වටයේදිවත් බෘෘනායි ක්‍රීඩිකාවන්ට හිස එසවීමට ඉඩ නොදෙමින් 55-20 දක්වා ද ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය වාර්තා කිරීමට සමත් විය.

පෙර පැවති තරග දෙස අවදානය යොමු කිරීමේදි ශ්‍රී ලංකා ප්‍ර‍ථම තරගය ඇෆ්ගනිස්තානය සමග පැවැත්වු අතර එයින් ශ්‍රී ලංකාව නිතරගයෙන් ජයග්‍ර‍හණය වාර්තා කලේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩිකාවන් තරගාවලිය අත හැරීම නිසාවෙනි. දෙවැනි තරගය ජපානය සමග පැවති අතර 63-17 ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍ර‍හණය වාර්තා කිරීමට සමත් වු අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පරාජය වු එකම තරග පරාජය වූයේ මැලේසියානු ක්‍රීඩිකාවන් හමුවේ 38-32 ලෙසිනි.

තරගාවලියේ අර්ධ අවසන් වටය එලඹෙන 06 වැනි දා පැවැත්වීමට නියමිතයි.

ලකුණු සාරාංශය:

පලමු දිනය – ජුලි 31

  • මැලේසියාව 73 – 16 ජපානය
  • තායිලන්තය 69 – 19 මාලදිවයින
  • සිංගප්පූරු 57 – 14, චීන තායිපේ

දෙවැනි දිනය – අගෝස්තු 01

  • සිංගප්පූරු 49 – 28 තායිලන්තය
  • චීන තායිපේ 11 – 59: හොංකොං
  • ජපානය 20 – 51 බෲනායි

තෙවැනි දිනය – අගෝස්තු 02

  • චීන තායිපේ 21 – 40 තායිලන්තය
  • හොංකොං 71 – 8 මාලදිවයින
  • මැලේසියාව 63 – 17 බෲනායි
  • ශ්‍රී ලංකා 63 – 17 ජපානය

සිවුවැනි දිනය – අගෝස්තු 03

  • මාලදිවයින 15 – 46, චීන තායිපේ
  • හොංකොං 18 – 32 සිංගප්පූරු
  • මැලේසියාව 38 – 32 ශ්‍රී ලංකාවේ
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට