ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජපානයට පාඩම් කියා දෙයි

322
10th Asian Netball Championship 2016 day 2 Japan vs Sri Lanka

10වැනි අාසියානු දැල් පන්දු ශූරතාවය පසුගිය 31වැනිදා බැංකොක් නුවරින් අාරම්භ විය. ශ්‍රී ලංකාව තරග වැදුනු දෙවැනි දිනය වන අද ජපාන ක්‍රීඩිකාවන් හමුවේ 67-14 ලෙස ප්‍රභල ජයක් වාර්තා කිරීමට ගයනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රථම තරගය ජය ගත්තේ තරගයකින් තොරවය. මන්දයත් අැෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට තිබු ප්‍රථම තරගයේදි අැෆ්ගනිස්තානය තරගාවලියට සහභාගී නොවන බව දැන්වීමත් සමඟ අගෝස්තු පලමු වැනිදා පැවැත්වීමට තිබුනු තරගය නොපැවැත්වු හෙයින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම දීප්ති අල්විස් මහත්මියගේ පුහුණු උපදෙස් වලින් සවිබල ගැන්වෙමින් ශ්‍රී ලංකික ක්‍රීඩිකාවෝ පසුගිය සතියේදි බැංකොක් බලා පියාසර කල අතර කණ්ඩායම් නායිකාව සිය කණ්ඩායම ගැන දැඩි විශ්වාසයකින් යුතුව ශුරතාවය රැගෙන ඒමට පිටත්විය.

අද දින පැවති තරගයේ දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රථම අර්ධයේ සිටම ජපාන ක්‍රීඩිකාවන් අභිමුව සිය බලය පෙන්වමින් ක්‍රීඩා කල අතර ප්‍රථම වටය නිමවුයේ 18 – 01 ලෙසිනි.

ජපාන ක්‍රීඩිකාවන් හට දෙවැනි සහ තුන්වැනි වටයන් වලදීද ඒ තරම් සාර්ථකත්වයකට ලඟා වීමට නොහැකි වු අතර පිළිවෙලින් 37-05 සහ 49-10 ලෙසින් ශ්‍රී ලංකාව එම වටයන් වලදී වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් විය.

තරගයේ අවසන් වටය වූ සිවුවැනි වටයේදි තවත් ලකුණු 4ක් පමණක් ජපාන ක්‍රීඩිකාවන් සාර්ථක කරගන්නා විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 19ක් වාර්තා කරමින් ජයග්‍රහණයේ පහස විඳීමට සමත් විය.

ශ්‍රී ලංකාව ඉදිරියේදි වඩාත් අභියෝගාත්මක කණ්ඩායමක් වන මැලේසියා කණ්ඩායම සමඟ හෙට (03) දිනයේදි පැවැත්වෙනු අැත.

ලකුණු සාරාංශය

පලමු දිනය – ජුලි 31

  • මැලේසියාව 73 – 16 ජපානය
  • තායිලන්තය 69 – 19 මාලදිවයින
  • සිංගප්පූරු 57 – 14, චීන තායිපේ

දෙවැනි දිනය – අගෝස්තු 01

  • සිංගප්පූරු 49 – 28 තායිලන්තය
  • චීන තායිපේ 11 – 59: හොංකොං
  • ජපානය 20 – 51 බෲනායි

තෙවැනි දිනය – අගෝස්තු 02

  • චීන තායිපේ 21 – 40 තායිලන්තය
  • හොංකොං 71 – 8 මාලදිවයින
  • මැලේසියාව 63 – 17 බෲනායි
  • ශ්‍රී ලංකා 63 – 17 ජපානය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට