ජොශුආගෙන් තවත් ලෝක වාර්තාවක්

76

10000M ඉසව්වේ ලෝක ශූර උගන්ඩා ජාතික දිගුදුර ධාවන ශූර ජොශුආ චෙප්ටෙගෙයි විසින් ඊයේ (16) මොනාකෝ හී පැවති “5Km Road” තරග ඉසව්ව මිනිත්තු 12යි තත්පර 51ක කාලයකින් නිමා කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරන ලදි.

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා……….

විසිතුන් හැවිරිදි ජොශූආ තම ක්‍රීඩා දිවියේ මුල් අවධියේ පාපන්දු ක්‍රීඩාවත්, පසුව තුන්පිම්ම සහ දුර පැනීම වැනි ඉසව්වන් තම ක්‍රීඩා ඉසව් ලෙස තෝරාගෙන තිබුනත් පසුව ඔහු තමන්ගේ නිවැරදි දක්ෂතාවය හඳුනා ගනිමින් දිගුදුර ධාවන ඉසව්වන් සඳහා යොමු වන්නට විය.

ජොශුආ චෙප්ටෙගෙයි විසින් ලෝක වාර්තාව පිහිටවීමෙන් අනතුරුව.

ජොශුආ 2014 වර්ෂයේ පැවති “World Junior Championships” තරගාවලියේ දී 10000m ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් දිගුදුර ධාවන පිටියේ කතාබහට ලක්වන චරිතයක් වූ නමුත් 2015 වර්ෂයේ චීනයේ බීජිං නුවර පැවති ලෝක ශූරතා තරගාවලියේ දී 10000m ඉසව්ව අවසන් කළේ නවවැනි ස්ථානය දිනා ගනිමිනි.

2016 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී 5,000m සහ 10,000m ඉසව් සඳහා ද සහභාගි වූ ඔහු හට එම තරගාවලිය ද නිමා කිරීමට සිදු වූයේ සුන් වූ පදක්කම් බලාපොරොත්තු සමඟිනි. නමුත් එම සියල්ලන්ගෙන් නොසැලී ඉදිරියට ආ ඔහු 2017 වසරේ පැවති ලෝක ශූරතා තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගන්නා ලදි.

එයින් වසරකට පසු පැවති “Commonwealth Games” තරගාවලියේ දී 5,000m සහ 10,000m ශූරයා වීමට ඔහු සමත් විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවධියට ළඟා වූ ඔහු 2019 වර්ෂයේ ස්පාඤ්ඤයේ පැවති 10,000m තරගය මිනිත්තු 26යි තත්පර 38ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව හිමි කරගන්නා ලදි.

එලෙස ක්‍රීඩා දිවියේ හිනිපෙත්තටම පා නගමින් සිටිනා ජොශුආ විසින් ඊයේ (16) බිඳ හෙලනු ලැබුවේ 2019 වර්ෂයේ කෙන්යානු ජාතික ධාවන ශූර රොබර්ට් කීටර් විසින්  පිහිටුවා තිබූ වාර්තාවයි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<