කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ශෂීකගෙන් විශිෂ්ට දස්කම්

සාන්ත සර්වේශස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 206(49.3) කේශර නුවන්ත 70, ශෂික දුල්ශාන් 51, ජනිත් ජයරත්න 3/23, වර්ෂ ආනන්ද 2/23, ජයෝද් කල්දේරා 2/33
නාලන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 195(45.3) චමිඳු විජේසිංහ 31, සචිත ගුණතිලක නොදැවී 57, රුසර බානුක 32, නවීන් සාහිත් 3/32, ශෂික දුල්ශාන් 4/20
සම්පූර්ණ වාර්තාව: ශෂික සාන්ත සර්වේශස් අවසන් තරගයට ගෙන යයි
16න් පහළ තරගාවලිය කල් යයි
වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයේ එක් කණ්ඩායමකට පහළොස් දෙනා බැගින් වූ පාසල් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග, දින නියමයක් නොමැතිව කල්දැමීමට පාසල් රග්බි පාපන්දු සංගමය විසින් ඊයේ (23) තීරණය කර ඇත.
මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අගෝස්තු මස 24, 25 හා 26 යන තෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. නමුත් පාසල් කිහිපයක්ම විසින් පාසල් රග්බි පාපන්දු සංගමය වෙත මෙම තරගාවලිය දින කිහිපයකට කල්තැබීමට හැකියාව ඇත්දැයි විමසා ඇති අතර, එයට පිළිතුරු ලෙස සියලු කරුණු කාරනා සලකා බලා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තීරණය ගෙන තිබේ.
සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නා විට තරගාවලිය කල්යයි






















