දෙවැනි‌ ‌වටය‌ ‌අවසානයේ‌ ‌සෙනුර‌ ‌සහ‌ ‌බිමන්දී‌ ‌තවමත්‌ ‌පෙරමුණේ‌

126
Asian TT Championships

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු මේසපන්දු තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම සඳහා සංවිධානය කෙරුණු තරගාවලියේ දෙවැනි වටයේ තරග පසුගිය දා (31) පැවැත්වුනා. මෙම තරග ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ මෙහෙයවීම යටතේ සංවිධානය කර තිබුණා.

ආසියානු මේසපන්දු ශූරතාවලිය 2021 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා දක්වා දෝහා කටාර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා තරග වට දෙකක් ඇතුළත් වුනා. මේ සඳහා වත්මන් දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානවල රැඳී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනා බැගින් සහභාගී වූ අතර ඔවුන් එකිනෙකා සමඟින් වට පහකින් යුත් තරග සඳහා සහභාගී වී තිබුණා. 

තවත් ක්‍රීඩා පුවත්: 

තරගාවලියේ පළමු වටයේ දී වැඩි දස්කම් දැක්වීමට ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර සමත් වුනා. දෙවන වටයේ දී ද ඔවුන් සිය ස්ථානය රැකගැනීමට සමත්ව තිබුණා. 

පළමු වටය සඳහා සහභාගී වූ නිර්මල ජයසිංහ සිදු වූ ආබාධයක් හේතුවෙන් මෙම වටය සඳහා සහභාගී වී තිබුණේ නැහැ. 

දෙවැනි වටයේ පිරිමි තරග ප්‍රතිඵල මෙසේයි.

සෙනුර සිල්වා (ආනන්ද විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 6

ජයග්‍රහණය කළ තරග

  • චමීර ගිනිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) 3/0
  • මිලින්ද ලක්ශිත (OMBC) 3/0
  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/1
  • නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව) 3/1
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/0
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/0 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සංවිධානය යටතේ පිරිනමන Crysbro අනුග්‍රාහකත්වය හිමිවන්නේද සෙනුර සිල්වා හටයි.

නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 4

ජයග්‍රහණය කළ තරග

  • චමීර ගිනිගේ (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) 3/2
  • මිලින්ද ලක්ශිත (OMBC) 3/0
  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/0
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/2 

චමීර ගිනිගේ (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/1
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/1
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/1

මිලින්ද ලක්ශිත (OMBC)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • චමීර ගිනිගේ (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) 3/1
  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/0
  • චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය) 3/0

ඉමන්ත උදන්ජය (යුද හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/2
  • මිලින්ද ලක්ශිත (OMBC) 3/0

චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) 3/2 
  • ඉමන්ත උදන්ජය (යුධ හමුදාව) 3/1

චනුල් දුල්ශෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 1

ජයග්‍රහණය කළ තරග

  • නිමේශ් රංචාගොඩ (නාවික හමුදාව) 3/2 

තරගාවලියේ මූලික වටයේ කාන්තා තරග ප්‍රතිඵල මෙසේයි.

බිමන්දී බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 7

ජයග්‍රහණය කළ තරග

  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/0
  • ඉශාරා මධුරංගි (SLPA) 3/1
  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/0
  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/2
  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/0
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/2
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/0

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සංවිධානය යටතේ පිරිනමන Crysbro අනුග්‍රාහකත්වය හිමිවන්නේද බිමන්දී බණ්ඩාර හටයි.

මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 5

ජයග්‍රහණය කළ තරග

  • ඉශාරා මධුරංගි (SLPA) 3/1
  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/2
  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/2
  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/1
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/1

ඉශාරා මධුරංගි (SLPA)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/1
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/2
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/0

අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • හංසනි පියුමිලා (නාවික හමුදාව) 3/1
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/1
  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/1

චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/0
  • අයිලා චිට්ටි (කාන්තා විද්‍යාලය) 3/2
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/1

තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 3

ජයග්‍රහණය කළ තරග

  • ඉශාරා මධුරංගි (SLPA) 3/1
  • හංසනී පියුමිලා (නාවික හමුදාව) 3/0
  • චමීශා තුශාධි (කෑගලු බාලිකා විද්‍යාලය) 3/1 

ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • තනුශි රොද්‍රිගෝ (යුධ හමුදාව) 3/2
  • මුතුමාලී ප්‍රියදර්ශනී (නාවික හමුදාව) 3/2 

හංසනී පියුමිලා (නාවික හමුදාව)

ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව – 2

ජයග්‍රහණය කළ තරග

  • ඉශාරා මධුරංගි (SLPA) 3/0 
  • ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය) 3/0

කොරෝනා වයිරසය හේතුවෙන් පනවා තිබූ නීති රීති ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු තරගාවලිය මෙයයි. මෙම තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ පැවැත්වුනා.

ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනය මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය තරග වට දෙකකින් නිමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින කොරෝනා වයිරසය නිසා ක්‍රීඩකයන්ට තවත් තරග වට සඳහා සහභාගී වීමට ඇති අපහසුතා නිසාවෙන්. 

ආසියානු මේසපන්දු තරගාවලිය සඳහා සහභාගී වීමට පෙර ක්‍රීඩකයන් විශේෂ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල රැඳී සිටිය යුතු වනවා. ඉන් අනතුරුව ක්‍රීඩකයන් දෝහා කටාර් වෙත ළඟා වීමෙන් අනතුරුව දින දෙකක් නිරෝධායනයට ලක්වන අතර පුහුණුවීම් සඳහා සහභාගී වීමට අවසර හිමිවන්නේ ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ මාධ්‍ය නිවේදනය ඇසුරිනි 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<