කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
වෙළඳසේවා ක්‍රිකට් කාලසටහන් නිකුත් වේ

පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා සහභාගි වූයේ කණ්ඩායම් 8ක් වුවත් මෙවර එම කණ්ඩායම් ප්‍රමාණය 8 සිට 10 දක්වා වැඩි කිරීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත. එම තරගාවලියටම සමගාමීව පැවැත්වූ B කාණ්ඩයේ තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම හා LB ෆිනෑන්ස් A කණ්ඩායම එහි ශූරතාවය හා අනුශුරතාවය පිළිවෙළින් ජයග්‍රහණය කළේය.
සම්පූර්ණ වාර්තා: වෙළඳසේවා තරගාවලිය ලබන මස මුලදී
සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ අවසන් තරගයට

කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී, කොළඹ රාජකීය විද්‍යාලය සමඟ පැවති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 4ක ජයක් හිමි විය. පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ පන්දුවාර 47.2ක දී සියලුම දෙනා දැවී ලකුණු 132ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙස ප්‍රතිවාදීන් පන්දුවාර 31.4ක දී එම ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි.
සම්පූර්ණ වාර්තාව: සාන්ත අන්තෝනුවෝ අවසන් තරගයට
නායකත්වයේ වගකීම මුතුතන්ත්‍රිට

ජාතික තලය තුළ ක්‍රීඩා කරන දක්‍ෂතම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන 26 හැවිරිදි මුතුතන්ත්‍රී ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමට නායකත්වය ලබා දෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඔහු ෆසීල් මරීජා වෙනුවට 2015 වසරේ දී පැවති ආසියානු සත් සාමාජික තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලදි.
සම්පූර්ණ වාර්තාව: ජාතික කණ්ඩායමේ වගකීම නැවතත් මුතුතන්ත්‍රිට





















