පිතිකරණයේ වික්‍රමයෙන් තෝමසුවන් අවසන් සටනට

522

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර අද (4) කොළඹ SSC පිටියේ දී නිමාවට පත්විය.

රවිඳුගේ නොදැවුණු ශතකය තෝමසුවන්ගේ සිහිනවලට පණ දෙයි!

පුරා මාස ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ක්‍රමයෙන් අවසානය කරා

පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක් වූ මෙම තරගය අවසානයේ සාන්ත තෝමස් කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය පිළිවෙළින් ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

Photos: Nalanda College vs S. Thomas’ College | U19 Cricket Tournament 2018/19 | SF

ඊයේ (3) දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඊයේ දිනයේ දී ගොඩනංවාගත් පළමු ඉනිම අද (4) දිනය පුරාවටමත් සවිමත් කර ගනු ලැබුවේ රවිඳු ද සිල්වා හා උමයංග සුවාරිස් දියත් කළ සුපිරි පිතිකරණය සමඟිනි.

තරගයේ දෙවන දිනය ආරම්භ කරන විට සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 311ක් ලබාගෙන සිටියේය. ඊයේ සවස සිට තරගයේ දෙවන දිනයේ සවස් භාගය දක්වා රවිඳු ද සිල්වා හා උමයංග සුවාරිස් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 338ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත තෝමස් ලකුණු සටහන ලකුණු 500 සීමාවෙන් ඉදිරියට රැගෙන ගියේය.

“ඔවුන්ට තමයි වැඩිම අවස්ථාවක් තිබෙන්නේ.” – කුක්

2019 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායම ගැන හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් තම අදහස් පළකොට තිබේ. ඔහුට අනුව එංගලන්ත කණ්ඩායම

ජිතේෂ් වාසල එවූ පන්දුවක් හමුවේ 4 පහර 17ක් හා 6 පහරක් සමඟින් ලකුණු 155ක් ලබාගෙන වමතින් පිතිකරණයේ නිරත වන උමයංග සුවාරිස් දැවී යෑම නාලන්දා පන්දු රකින්නන් හට යම් සහනයක් විය.

ඉන් පන්දුවාර කිහිපයකට පසුව ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන රවිඳු ද සිල්වා 4 පහර 22ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 213ක් ලබා ගැනීමෙන් පසුව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේ මිනිත්තු 533ක් පුරාවට දියත් කළ දක්ෂ පිතිකරණය නිමාවට පත් කරමිනි. එම කඩුල්ල වමතින් මද වේගපන්දු යවන දිනෙත් සමරවීරගේ නමට ඉදිරියෙන් සටහන් විය.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිම ගොඩනැංවූ මූලික පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය පසුව ක්‍රියාත්මක වූ දිනෙත් සමරවීර හා ජිතේෂ් වාසල නව පන්දුවෙන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සාන්ත තෝමස් විද්‍යාලයේ අවසන් පෙළ පිතිකරුවන් ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවන ලදි.

වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරු ශලීන් ද මෙල් සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරු ලෙස ලකුණු 68ක් වාර්තා කර ගනිමින් සාන්ත තෝමස් ඉනිම ස්ථාවර කරන්නට සමත් විය.

පන්දු 122ක් පිටියේ රැඳී සිටිමින් ශලීන් ගොඩ නැගූ එම ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය. ඔහු සමඟ අර්ධ ශතක සබඳතාවකට මුල පිරූ යොහාන් පෙරේරා ලකුණු 42ක් රැස්කළේ හතරේ පහර 4ක් සමඟිනි. මොවුන් දෙදෙනා දිගු ඉනිම් ක්‍රීඩා නොකළ ද ඔවුන් දමා දුන් ශක්තිමත් අත්තිවාරම පසුපෙළ පිතිකරුවන්ට නිදහසේ ලකුණු රැස් කිරීමට ආශීර්වාදයක් විය.

19න් පහළ ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වයට හුරුපුරුදු මුහුණක්

2020 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනීමේ ප්‍රධාන අපේක්ෂාවෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා තුන්

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන දිනෙත් සමරවීර කඩුලු 4ක් දවා ගන්නා විට අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ  දකුණතින් වේගපන්දු යවන ජිතේශ් වාසල කඩුලු 3ක් දවා දවා ගනිමින් නාලන්දා විද්‍යාලයට සහාය විය.

අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලය ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 551ක් වාර්තා කළේ පන්දුවාර 165කුත් පන්දු 4ක් අවසානයේ දීයි.

සාන්ත තෝමස් පළමු ඉනිම අත්හිටු වීමෙන් පසුව පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි නාලන්දා විද්‍යාලයේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා වූයේ කලන පෙරේරාගේ පන්දුවක් හමුවේ දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක පෙරේරා ලකුණු නොලබාම දැවී ගිය නිසාවෙනි.

අවසානයේ නාලන්දා දෙවන ඉනිම ලකුණු 38ක් ලෙස දැක්වෙද්දී නායක ලක්ෂිත මානසිංහ ලකුණු 14කට දැවී ගියේය. අනතරුව රනිඳු ද සිල්වා (26*) හා දිල්හාර පොල්ගම්පොල (17*) තරගයේ අවසානය තෙක් නාලන්දා ඉනිම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 61ක් දක්වා නාලන්දා ඉනිම ඔසවා තබමිනි.  කලන පෙරේරා කඩුලු 2යි.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය මේ මස 8 හා 9  සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය ThePapare.com ඔස්සේ සජීවීව විකාශනය කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<