හර්කියුලිස් හා බැඳුණු ඔලිම්පික් ඉතිහාසය

25

“ඔලිම්පික්” කියපු ගමන් ලංකාවේ අපිට නම් එක පාරටම මතක් වෙන්නේ සුසන්තිකා ජයසිංහ. නැත්තම් ඩන්කන් වයිට්. මොකද ඒ තමයි ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් හිමිකර දුන් ක්‍රීඩකයන් දෙදෙනා.

“අඩුම තරමේ පදක්කම් පහක්වත් දිනා ගන්න තිබ්බා.” – ක්‍රීඩා ඇමති

පසුගිය සතියේ නිමාව දුටු 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පුරා දින…

2020 වසරේ ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන මීළඟ ග්‍රීස්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Summer Olymipcs) ආරම්භ වීමට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉතිහාසය පිළිබඳව දැනගෙන ඉමු.

පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරන සමහර පුරාවෘත්ත අබිරහසක් සේ සැඟව ගොස් තිබුණත් ඉතාමත් ප්‍රකට පුරාවෘත්තයකට අනුව මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මුතුන් මිත්තන් වන්නේ “හර්කියුලිස්” (Hercules) සහ ඔහුගේ පියා වන “සියුස්” (Zeus) ය. එම පුරාවෘත්තයට අනුව මෙම තරගමාලාව ඔලිම්පික්නමින් නම් කරනු ලැබ ඇත්තේත්, එය වසර හතරකට වරක් පැවැත්වීමේ සම්ප්‍රදාය හඳුන්වා දී ඇත්තේත් හර්කියුලිස් විසිනි.

පුරාවෘත්තයේ කියවෙන අන්දමට හර්කියුලිස් විසින් තම වික්‍රම දොළොස සම්පූර්ණ කළ පසු තම පියා වන සියුස්ට කරන ගෞරවයක් වශයෙන් “ඔලිම්පික් ක්‍රීඩාංගණය” තැනූ බවයි. තවද ඉන් අනතුරුව ඔහු පියවර 200ක් සරල රේඛීයව ගමන් කර යම් සලකුණක් යොදා ඇත. ඒ සලකුණු කළ දුර ස්ටේඩියනයක් (Stadion) ලෙස නම් කළ බව ද සඳහන් වෙයි. එය පසුකලෙක ග්‍රීසියේ දිග මැනීමේ ඒකකයක් ලෙස ද යොදා ගැනුණි.


පුරාණ ග්‍රීසියේ රාජධානි සහ නගර නියෝජනය කරමින් එක්වූ ක්‍රීඩකයන් අතර පැවැති පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මූලික වශයෙන් මලල ක්‍රීඩාවලට, සටන් ක්‍රීඩාවලට සහ රථ ධාවන ක්‍රීඩාවලට ද අවස්ථාව ලබාදී තිබුණු තරග මාලාවකි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය අතරතුර තරග සඳහා සහභාගී වන රාජ්‍යයන් අතර ඇති අරගල, තරග නිමාවන තුරු කල් තබන ලදී.

පුරාතන ඔලිම්පික් උළෙලේ ආරම්භය ලෙස බොහෝ දෙනා පිළිගන්නේ ක්‍රිස්තු පූර්ව 776 වසරයි. ක්‍රි.පූ. 776 වන වසරෙන් ආරම්භ කර, වසර හතරකට වරක් පැවති ධාවන තරගයක ජයග්‍රාහකයන්ගේ නම් ඇතුළත් ශිලා ලේඛනයක් “ඔලිම්පියා” (Olympia) හිදී හමුවීමෙන් මේ බව තහවුරු කරගෙන ඇත.

පුරාතන ඔලිම්පික් උළෙල සඳහා දිවීමේ තරග, පංච ප්‍රයාම (පැනීම, කවපෙත්ත විසි කිරීම, හෙල්ල විසි කිරීම, Stadion ධාවන තරගය සහ මල්ලව පොර ඉසව් ඇතුළත් තරගයක්), බොක්සිං, මල්ලව පොර, සටන් තරග සහ තුරඟ තරග යන ක්‍රීඩාවන් ඇතුළත් කර ඇත.

එකක් අරගෙන ගෙදර ආවේ ඇයි ?

23 Photos: 23rd Asian Athletics Championship Day 4 තවත් මලල ක්‍රීඩා…

පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවති පංච ප්‍රයාම තරගයේ ඉසව්වක් වන Stadion ධාවන තරගය ජයග්‍රහණය කළ එලිස් (Elis) නම් නගරයේ කුරෝබස් (Coroebus) නම් කෝකියා, පළමු ඔලිම්පික් ජයග්‍රාහකයා බව ජනප්‍රවාදයක කියවෙයි.

ඔලිම්පික්, ක්‍රීඩා උළෙලක් වුවද තවත් පසෙකින් එය සියුස් දෙවියන්ට (ෆිඩියස් විසින් කරන ලද සියුස් දේව ප්‍රතිමාවක් ඔලිම්පියාහි සියුස් දේවාලයේ ඇත.) සහ දිව්‍යමය වීර චරිතයක් වන පෙලොප්ස් (Pelops/පුරාවෘත්ත වලට අනුව ඔහු ඔලිම්පියා හි රජකෙනෙකි.) වෙනුවෙන් කෙරෙන ශාන්තිකර්ම පූජාවක් ද වන බැවින් ආගමික වැදගත්කමක් ද ඇත.

පිසා (Pisa) හි ඊනෝමාස් (Oenomaus) රජු හා යෙදුණු රථ ධාවන තරගය නිසා පෙලොප්ස් ප්‍රසිද්ධය. එවැනි ඉසව්වල ජයග්‍රාහකයින් අගය කරනු සඳහා ලියවෙන කවි සහ තැනෙන ප්‍රතිමා නිසා ඔවුන් අමරණීයත්වයට පත්වෙයි.

පුරාතන ඔලිම්පික් උළෙල වසර හතරකට වරක් පැවැත්වුණු අතර එය පැවැත්වෙන කාල පරාසය ඔලිම්පියාඩ් (Olympiad) ලෙස හැඳින්වුණි. ග්‍රීකයන් විසින් කාලය මිනුමට ගත් ඒකකයක් ලෙස ඔලිම්පියාඩ්හැ‍ඳින්විය හැක. මෙම ක්‍රීඩා Panhellenic ක්‍රීඩා යනුවෙන් හැඳින්වුණු චක්‍රයක කොටසක් වූ අතර එම චක්‍රයට ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම Pythian ක්‍රීඩා උළෙල, Nemean ක්‍රීඩා උළෙල සහ Isthmian ක්‍රීඩා උළෙල යන ඒවා අයත් විය.

පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල කවදා, කෙසේ නිළ වශයෙන් නිමාවූයේ දැයි සාක්ෂියක් නොමැති වුවද බහුලව පිළිගන්නා මතය වන්නේ එය ක්‍රිස්තු වර්ෂ 393 දී පළමු වන තියඩෝසියස් (Theodosius I) අධිරාජ්‍යයාගේ සමයේ දී සිදු වී ඇති බවයි. තියඩෝසියස් අධිරාජ්‍යයා විසින් සියලු ආගමික ඇදහීම් සහ වතාවත් කිරීම තහනම් කරමින් නීතියක් පැනවීම එසේ පිළිගැනීමට ප්‍රධානතම හේතුවයි.

තවත් පිළිගන්නා මතයක් වන්නේ තියඩෝසියස් රජුගේ අනුප්‍රාප්තිකයා වූ දෙවන තියඩෝසියස් (Theodosius II) රජුගේ සමයේ ක්‍රිස්තු වර්ෂ 426 දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල නතර වූ බවයි. එයට හේතුව එම අධිරාජ්‍යයා විසින් සියලු ග්‍රීක ආගමික ස්ථාන විනාශ කිරීමට අණ කරනු ලැබීමයි.

ආසියානු ප්‍රබලයන් පරදා ආධිපත්‍යය බහරේනයට

23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය නිමාව දකින විට බහරේනය පදක්කම්…


මේ අනුව පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නතර වූවායින් අනතුරුව 19 වන සියවසේ අවසානය වනතුරු කිසිඳු අවස්ථාවක, ලොවම එක් ස්ථානයකට එක් කරන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වා නැත.

වර්තමාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භය

පුරාතන ඔලිම්පික් උළෙලට නව පණක් දෙමින් යළි ආරම්භ කිරීමට පළමු පියවර තබන ලද්දේ ක්‍රි.ව. 1796 සිට 1798 දක්වා විප්ලවකාරී ප්‍රංශයේ වාර්ෂිකව පැවති L’Olympiade de la République නම් වූ ජාතික ඔලිම්පික් උළෙල යි. එම තරගාවලියේ ද පැවති සමහර නීති රීති, පුරාතන ඔලිම්පික් උළෙල අනුසාරයෙන් සැකසී තිබිණ. 1796 වසරේ දී පැවති තරගාවලියට පළමු වරට මෙට්‍රික් ඒකක ක්‍රමය හ‍ඳුන්වා දීම ද විශේෂ සිදුවීමක් විය.

වර්ෂ 1850 දී වෛද්‍ය විලියම් පෙනී බ්‍රෘක්ස් (William Penny Brookes) විසින් එංගලන්තයේ “ශ්‍රොප්ෂයර්” (Shropshire) හි “මච් වෙන්ලොක්” (Much Wenlock) නගරයේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීය. වර්ෂ 1859 දී එතෙක් වාර්ෂිකව පැවති එම තරගාවලිය “වෙන්ලොක් ඔලිම්පීය ක්‍රීඩා” (Wenlock Olympian Games) යනුවෙන් වෛද්‍ය බ්‍රෘක්ස් විසින් නම් කරන ලදී.  1860 වසරේ නොවැම්බර් 15 දින වෛද්‍ය බ්‍රෘක්ස් විසින් වෙන්ලොක් ඔලිම්පීය සමාජය (Wenlock Olympian Society) පිහිටුවීය.

වර්ෂ 1862 සිට 1867 දක්වා කාලය තුළ ලිවර්පූල් හි වාර්ෂිකව “මහා ඔලිම්පික් උළෙල” (Grand Olympic Festival) ක් පැවැත්විණ. ප්‍රථම වතාවට එම තරගාවලිය මුළුමනින් ම ආධුනික තරගකරුවන්ට පමණක් තරගවැදීමට හැකි අයුරින් සහ ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන අයුරින් සංවිධානය කරනු ලැබුවේ ජෝන් හලී (John Hulley) සහ චාල්ස් මෙලී (Charles Melly) යන අය විසිනි.

ආසියානු මලල ක්‍රීඩා කවුන්සිලයට ශ්‍රී ලාංකික කාන්තාවක්

පරිපාලනය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල පරිපාලන නිලධාරිණියක් වන….

වර්ෂ 1896 දී ඇතැන්ස් හි පැවති පළමු නූතන ඔලිම්පික් උළෙලේ වැඩසටහන් සැකැස්ම බොහෝදුරට ලිවර්පූල් ඔලිම්පික් උළෙලට සමාන විය. බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය පිහිටුවීමට පෙර වර්ෂ 1865 දී හලී, බෘක්ස් සහ ඊ.ජී. රේවන්ස්ටයින් විසින් ජාතික ඔලිම්පීය සංගමය (National Olympian Association) ලිවර්පූල්හි දී පිහිටුවනු ලැබීය. එමෙන්ම වර්තමාන ඔලිම්පික් ප්‍රඥප්තිය සැකසීම ස‍ඳහා අඩිතාලම සැපවූයේ ද පෙර කී සංවිධානයේ ව්‍යවස්ථාවයි. වර්ෂ 1866 දී ජාතික ඔලිම්පික් ක්‍රීඩා උළෙල (National Olympic Games) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර The Crystal Palace හි පැවත්විණි.

ඔලිම්පික් ක්‍රීඩාව ගැන ඔබ නොදත් බොහෝ දෑ දැනගන්න ThePapare.com සමඟ රැඳී සිටින්න..

                                >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<