පාකිස්තාන ක්‍රීඩකයින් වාර්තා පොත් අලුත් කරයි

306
Zimbabwe vs Pakistan

මේ දිනවල සංචාරක පාකිස්තාන කණ්ඩායම, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වන අතර එම තරගමාලාවේ තුන් වන තරගය ඊයේ (18) බුලවායෝහිදී පැවැත්විය.

එහි දී ලෝක වාර්තා පොත අලුත් කරන්නට පාකිස්තානය සමත් විය. ඒ පාකිස්තානය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් දවා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවට සිම්බාබ්වේ කණ්ඩායම දවා ගැනීම නිසාය.

රූට් සහ මෝගන් එංගලන්තයට තරගාවලි ජය ගෙන එයි

පසුගිය දා සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර..

පන්දුවාර 25ක දී සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 67කට දවා ගනිමින් ඔවුන් මෙම වාර්තාව පිහිටු විය. එම ඉලක්කය පන්දුවාර 10ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔවුන් සමත් විය. ඒ අනුව තරගාවලිය 3-0ක් වශයෙන් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසුවන්නට පාකිස්තානයට හැකි විය.

පසුගිය තරග දෙකේ දී මෙන්ම මෙවර ද සිම්බාබ්වේ කණ්ඩායමේ නායක හැමිල්ටන් මසකඩ්සා කාසියේ වාසිය ජයග්‍රහණය කළ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායමට කිසිදු අයුරකින් සාර්ථක පහරක් එල්ල කරන්නට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. පළමු පන්දුවාරයේ සිටම කඩුලු පිට කඩුලු දැවී යමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 67කට සීමා විය.

බංගලාදේශ 19න් පහළ පුහුණුකාරිත්වය නවීඩ් නවාස්ට

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නවීඩ් නවාස් වහාම ක්‍රියාත්මක වන පරිදි..

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව පසුකරන්නට සමත් වන්නේ ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නේ සී. ජේ. චිබාබාය. ඔහු ලකුණු 16ක් රැස්කිරීමට සමත් විය. කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ පකිස්තාන වේගපන්දු යවන්නන් සිම්බාබ්වේ කණ්ඩායම අසරණ කළේය.

විශිෂ්ට යැවීමක නිරත වූ ගහීම් අශ්රෆ් පන්දුවාර 8යි පන්දු 2ක දී නිලකුණු පන්දුවාර 2ක් ද සමඟින් ලකුණු 22ක් ලබා දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඔහුට අමතරව ජුනෙයිඩ් ඛාන් පන්දුවාර 5ක දී නිලකුණු පන්දුවාරක් ද සමඟින් ලකුණු 7ක් ලබා දී කඩුලු 2ක් දවා ගත්තේය. උස්මාන් ඛාන්, ශාදබ් ඛාන් සහ යශීර් ශා එක් කඩුල්ල බැගින් ලබා ගත්තේය.

ලකුණු 67 ඉතාම සුලු ඉලක්කයක් ඉදිරියේ තබා ගනිමින් පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගන්නට සිම්බාබ්වේ  කණ්ඩායමේ මුසරබානී සමත් විය. එලෙස දැවී ගියේ ඉමාම් උල් හක්ය. ඉන් අනතුරුව පිටියේ එක්වන ෆකාර් සාමන් සහ බාබර් අසැම් තරගය ජයග්‍රහණය කරා ගෙන යන අතර ලකුණු 43ක් පන්දු 24ක දී හතරේ පහර 8ක් ද සමඟින් ලබා ගන්නට ෆකාර් සාමන්ට හැකි විය. බාබර් ලකුණු 19යි.

ඒ අනුව තරග 5ක තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගනිමින් ඉදිරියෙන් පසුවන්නට ප්‍රබල පාකිස්තානය අවස්ථාව උදාකර ගත්තේය. තරගයේ වීරයා ලෙස ෆහීම් අශ්රෆ් නම් කෙරුණි.

තරගයේ වීරයා: ෆහීම් අශ්රෆ්

සිම්බාබ්වේ  67 (චිබාබා 16, ෆහීම් 5-22, ජුනෙයිඩ් 2-7)

පාකිස්තානය  69 – 1 (ෆකාර් 43*, මුසරබානී  1-43)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<