කමිඳු ICC මාසයේ ක්‍රීඩකයා වූ බංග්ලාදේශ සංචාරය

82

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකාව පසුගියදා සමත් වූවා.

මෙම ටෙස්ට් තරග ද්විත්වය ලෝක ටෙස්ට් තරගාවලියට අයත් තරග 2ක් ද වූ අතර තරගාවලියට එක් වෙන විට ශ්‍රී ලංකාව රැදී සිටියේ 9 වැනි ස්ථානයේයි. ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වූවා.

  • 1 වැනි ටෙස්ට් තරගය, Sylhet, මාර්තු 22-25, 2024, Sri Lanka tour of Bangladesh

o කාසියේ වාසිය – බංග්ලාදේශය

o ක්‍රීඩාංගණය – Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.

o තරගයේ වීරයා – ධනංජය ද සිල්වා

ශ්‍රී ලංකාව – 280/10 (ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, Khaled Ahmed 3/72, Nahid Rana 3/87) සහ 418/10 (ධනංජය ද සිල්වා 108, කමිඳු මෙන්ඩිස් 164, Mehidy Hasan Miraz 4/74, Taijul Islam 2/75)

බංග්ලාදේශය – 188/10 (Taijul Islam 47, විශ්ව ප්‍රනාන්දු 4/48, ලහිරු කුමාර 3/31, කසුන් රාජිත 3/56) සහ 182/10 (Mominul Haque 87*, කසුන් රාජිත 5/56, විශ්ව ප්‍රනාන්දු 3/36, ලහිරු කුමාර 2/39)

ශ්‍රී ලංකාවට ලකුණු 328ක ජයක්.

  • 2වැනි ටෙස්ට් තරගය, Chattogram, මාර්තු 30 – අප්‍රේල් 03, 2024, Sri Lanka tour of Bangladesh

o කාසියේ වාසිය – බංග්ලාදේශය

o ක්‍රීඩාංගණය – Zahur Ahmed Chowdhury ක්‍රිකට් ක්‍රීඩාංගණය.

o තරගයේ වීරයා – කමිඳු මෙන්ඩිස්

o තරගාවලියේ වීරයා – කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකාව – 531/10 (කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් 92*, දිමුත් කරුණාරත්න 86, Shakib Al Hasan 3/110,) සහ 157/7 (ඇන්ජලෝ මැතිව්ස් 56, Hasan Mahmud 4/65, Khaled Ahmed 2/34)

බංග්ලාදේශය – 178/10 (Zakir Hasan 54, අසිත ප්‍රනාන්දු 4/34, ලහිරු කුමාර 2/19) සහ 318/10 (Mehidy Hasan Miraz 81, Mominul Haque 50, ලහිරු කුමාර 4/50, කමිඳු මෙන්ඩිස් 3/32)

ශ්‍රී ලංකාවට ලකුණු 192ක ජයක්.

ශ්‍රී ලංකාව මෙම සංචාරය සඳහා එක් වෙන්නේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියක්, තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියක් සහ තරග 2කින් යුක්ත වූ මෙම ටෙස්ට් තරගාවලිය වෙනුවෙනුයි.

එම තරගාවලි ත්‍රිත්වයෙන් විස්සයි විස්ස තරගාවලියෙන් 2-1ක ජයග්‍රහණයක් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම ටෙස්ට් තරග ජයග්‍රහණය ද සතු කර ගන්නවා. සත්කාරක බංග්ලාදේශ විසින් එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

නිමා වූ ටෙස්ට් තරගාවලියේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ කමිඳු මෙන්ඩිස්. ඔහු ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවට ඉසව් කිහිපයකින් ම එක් වූ අතර තරගාවලියේ පෑ දක්ෂතා හේතුවෙන් ඔහු නිමා වූ මාසයේ ක්‍රීඩකයා ලෙසින් නම් කිරීමට ද ICC ය තීරණය කර තිබෙනවා.

419: ටෙස්ට් වරම් හිමි වීමෙන් පසුව තමන් මුහුණ දුන් පළමු ඉනිම් 4 තුළ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සම සම ව අසුන් ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වූනා. මෙම වාර්තාවේ මිට පෙර හිමිකරු බවට පත් ව සිටියේ පාකිස්තානයේ Javed Miandad.

Javed Miandad කමිඳු මෙන්ඩිස්
  Runs 4s 6s Venue Runs 4s 6s Venue
1 163 19 0 Lahore 61 7 0 ගාල්ල
2 25* 3 1 Lahore 102 11 3 Sylhet
3 25 3 0 Hyderabad 164 16 6 Sylhet
4 206 29 2 Karachi 92* 7 2 Chattogram

367: නිමා වූ බංග්ලාදේශ ටෙස්ට තරගාවලියේ වැඩිම ලකුණු ලකුණුලාභියා බවට පත් විමට ද කමිඳු මෙන්ඩිස් සමත් වූවා. ඔහු තරග 2ක ඉනිම් 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 367ක් වන අතර ඊට ශතක 2ක් සහ අර්ධ ශතකයක් ද ඇතුලත්.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය තරග 2ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 281ක් ලබා ගත් නායක ධනංජය ද සිල්වාට හිමි වෙනවා.

11: තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලැයිස්තු ගත කිරීමේ දී එහි පළමු ස්ථානය ලබා ගැනීමට ලහිරු කුමාර සමත් වෙනවා. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් විශ්ව ප්‍රනාන්දු (10) ට සහ කසුන් රාජිත (8) ට හිමි වෙනවා.

33: මෙම තරගාවලියේ දී ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු ලබා ගත් කඩුලු 4 ද සමඟින් වේග පන්දු යවන්නෝ කඩුලු 33ක් ලබා ගන්නවා. එය ශ්‍රී ලංකා තරග ඉතිහාසයේ තරගාවලියක දී වේග පන්දු යවන්නන් විසින් ලබා ගත් ඉහළ ම කඩුලු ප්‍රමාණය ලෙසින් ද ඉතිහාසයට එක් වුනා.

මීට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ 2014 වසරේ එංගලන්තයට එරෙහිව සමින්ද එරංග (11), නුවන් ප්‍රදීප් (6), ධම්මික ප්‍රසාද් (6), ඇන්ජලෝ මැතිව්ස් (4) සහ නුවන් කුලසේකර (2) එක් ව ලබා ගත් කඩුලු 29යි.

552: මෙම තරගාවලිය අවසන් වෙද්දී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා 2023- 2024 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අඩු ම තරග ප්‍රමාණයකින් පළමු 16 දෙනා අතරට එක් වීමට සමත් වීම කැපී පෙණෙනවා. ඔහු මෙම ලකුණු ප්‍රමාණය ලබා ගන්නේ තරග 4ක ඉනිම් 8ක දී යි.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය ඉන්දියාවේ Yashasvi Jaiswal හිමි වෙන්නේ, ඔහු විසින් තරග 9ක ඉනිම් 16ක දී රැස් කරන ලද ලකුණු 1028 හේතුවෙනුයි. ධනංජයට ඉදිරියෙන් සිටින එංගලන්තයේ Jonny Bairstow තරග 9ක ඉනිම් 16ක දී ලබා සිටින ලකුණු ප්‍රමාණය 560ක්.

367: මෙම ලැයිස්තුවට තරග 2ක ඉනිම් 4ක දී ලකුණු 367ක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් 23 වැනියා ලෙසින් අතුලත් වෙනවා.

531/10: දෙරට අතර පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 531ක් ලබා ගන්නා ලද අතර, එය ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තා පොත් අතරට එක් වූයේ ඉනිමක එකඳු ශතකයක් හෝ වාර්තා නොවී කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ලෙසයි.

මීට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය ඉන්දියාව සතුව තිබූනා. ඔවුන් 1976 වසරේ දී Bishan Bedi ගේ නායකත්වයෙන් යුතුව නවසීලන්තය හා සමඟ එක් වෙමින් කඩුලු 9කට ලකුණු 524ක් ලබා ගනිමින් මෙම වාර්තාවේ වසර 48ක් තිස්සේ රැදී සිටියා. එම තරගයේ දී වැඩිම ලකුණුලාභියා වූයේ Mohinder Amaranath වන අතර ඔහු ලකුණු 70ක් ලබා සිටියා.

ඊට අමතර ව Gundappa Viswanath 68ක්, Sunil Gavaskar 66ක්, Syed Kirmani 64ක්, Ashok Mankad 50ක් සහ නායක Bishan Bedi 50* ද මෙම ඉනිම වෙනුවෙන් එක් කර තිබුණා.

  රට ලකුණු ප්‍රතිවාදීන් වැඩිම ලකුණු ක්‍රීඩකයා වසර
1 ශ්‍රී ලංකාව 531/10 බංග්ලාදේශය 93 කුසල් මෙන්ඩිස් 2024
2 ඉන්දියාව 524/9 නවසීලන්තය 70 Mohinder Amaranath 1976
3 ඔස්ට්‍රේලියාව 520/7 බටහිර ඉන්දීය කොදෙව් 99  Simon Katich 2009
4 දකුණු අප්‍රිකාව 517 ඔස්ට්‍රේලියාව 87*  Brian McMillan 1998
5 පාකිස්තානය 500/8 ඔස්ට්‍රේලියාව 95 Mudassar Nazar 1981

දෙස් විදෙස් පිටියේ උණුසුම් ක්‍රීඩා පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<