Home Sinhala ශ්‍රී ලංකාව දැවැන්ත ජයකින් තරගාවලිය අවසන් කරයි

ශ්‍රී ලංකාව දැවැන්ත ජයකින් තරගාවලිය අවසන් කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

159
Zimbabwe tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලිය ජය ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, සිම්බාබ්වේ කණ්ඩායම එක් වෙනසක් කරමින් Rayan Burl වෙනුවට Tony Munyonga කණ්ඩායමට කැඳවා තිබුණු අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් කුසල් පෙරේරා සහ චරිත් අසලංක වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණා. 

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්, 

ශ්‍රී ලංකාව – කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග (නායක), දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මදුසංක 

සිම්බාබ්වේ – Craig Ervine, Brian Bennett, Tinashe Kamunhukamwe, Sikandar Raza (C), Tony Munyonga, Clive Madande, Sean Williams, Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava, Blessing Muzarabani 

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 82ක් පමණයි. ඔවුන් පළමු පන්දුවාර 5කුත් පන්දු 2ක් තුල කඩුලු 2ක් දැවී ලකුණු 50ක් ලබාගත්තේ 9කට වැඩි දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙනයි. 

Powerplay අවස්ථාවේ දී කඩුලු 3ක් දැවී ලකුණු 52ක් ලබාගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුවත් අනතුරුව ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 30ක් තුල (පන්දු 49ක් තුල) බිඳ දවාගන්නට වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. සිම්බාබ්වේ ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනැංවූ Kamunhukamwe සහ Bennett දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16ක් තුල ලකුණු 34ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූවා. එහිදී Brian Bennett පන්දු 12ක් තුල ලකුණු 29ක් ලබාගත්තේ 4 පහර 7ක් එල්ල කරමිනි. ඒ හැරෙනට ඔවුන්ගේ අනෙක් එකඳු හෝ පිතිකරුවෙක් හට ලකුණු 15 සීමාව ඉක්මවා යන්නට හැකි වුනේ නැහැ. 

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 4ක් දවාගනිමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීමේ දස්කම් වාර්තා කළා. 

ලකුණු 83ක පහසු ඉලකයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 10කුත් පන්දු 5ක් තුලයි. එහිදී පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. ලකුණු 33ක් ලබාගත් මෙන්ඩිස් දැවී යාමෙන් අනතුරුව ධනංජය සහ නිස්සංක තරගයේ අවසානය කරා රැගෙන ගියා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
88/1 (10.5)

Zimbabwe
82/10 (14.1)

Batsmen R B 4s 6s SR
Tinashe Kamunhukamwe c Kusal Mendis b Maheesh Theekshana 12 14 1 0 85.71
Craig Ervine c Sadeera Samarawickrama b Angelo Mathews 0 1 0 0 0.00
Brian Bennett c Wanidu Hasaranga b Angelo Mathews 29 12 7 0 241.67
Sean Williams c & b Dhananjaya de Silva 15 17 0 0 88.24
Sikandar Raza c Maheesh Theekshana b Dilshan Madushanka 10 12 1 0 83.33
Tony Munyonga c Dhananjaya de Silva b Wanidu Hasaranga 4 6 0 0 66.67
Clive Madande c Dasun Shanaka b Maheesh Theekshana 5 10 0 0 50.00
Luke Jongwe c Dilshan Madushanka b Wanidu Hasaranga 2 7 0 0 28.57
Wellington Masakadza lbw b Wanidu Hasaranga 3 5 0 0 60.00
Richard Ngarava b Wanidu Hasaranga 0 1 0 0 0.00
Blessing Muzarabani not out 0 0 0 0 0.00


Extras 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0)
Total 82/10 (14.1 Overs, RR: 5.79)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 15 2 7.50
Dilshan Madushanka 2 0 22 1 11.00
Maheesh Theekshana 3.1 0 14 2 4.52
Dushmantha Chameera 2 0 13 0 6.50
Wanidu Hasaranga 4 0 15 4 3.75
Dhananjaya de Silva 1 0 1 1 1.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 39 23 5 1 169.57
Kusal Mendis b Sean Williams 33 27 4 1 122.22
Dhananjaya de Silva not out 15 15 2 0 100.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 88/1 (10.5 Overs, RR: 8.12)
Bowling O M R W Econ
Richard Ngarava 3 0 22 0 7.33
Blessing Muzarabani 2 0 16 0 8.00
Wellington Masakadza 1 0 11 0 11.00
Sikandar Raza 2.5 0 25 0 10.00
Sean Williams 2 0 13 1 6.50