යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

814
Yupun climbs up in World rankings - Top 20

යුපුන් අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මේ වසරේ දී ඔහු දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් මේ වන විට ප්‍රසාද ලකුණු 1285ක් රැස් කරගෙන සිටින අතර Trayvon Bromell ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 1457ක් රැස් කරගනිමින් පළමු ස්ථානයේ සිටිනවා.

ඉතාලියේ පුහුණුවීම් කරන යුපුන් පසුගිය වසරේ දී තත්පර 9.96කින් මීටර් 100 නිමා කරමින් ජාතික හා දකුණු ආසියානු වාර්තා බිඳ දැමුවා.

ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී තත්පර 10.14කින් (headwind -0.9m/s) ඉසව්ව නිමා කළේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනුයි. ඔහු ජවන හා පිටිය ඉසව්වලින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනා ගත් සිව්වැනි ශ්‍රී ලාංකිකයා වීම විශේෂත්වයක්. ඔහුට පෙර එම දක්ෂතාව දැක්වූයේ ඩන්කන් වයිට්, ශ්‍රියානි කුලවංශ හා සුගත් තිලකරත්නයි.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන්ට ඉහලින් සිටින එකම ආසියාතික ධාවකයා ජපානයේ  Abdul Hakim Sani Brown.

මේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේ 2022 වසරේදී දැක්වූ දක්ෂතා ලැයිස්තුවක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<