තිලකරත්න දිල්ෂාන් කියා සිටින්නේ ඔහු එක් දින ක්‍රිකට් තරග වලින් සමුගන්නේ කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයන් හට 2019 දී පැවැත්වෙන අයි සී සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ආරම්භක පිතිකරුගේ ස්ථානය සනාථ කර ගැනීමට අවස්ථාව සලසා දීමේ අදහසින් බවයි.

‘’ඇත්තටම කියනවනම් මට ලේසියෙන්ම තව අවුරුදු දෙකක් තුනක් ක්‍රීඩා කරන්න පුලුවන් ඒ වුනාට අපි අනාගතය ගැන හිතන්න ඕනේ. මම තව අවුරුදු දෙකක් සෙල්ලම් කරලා කණ්ඩායමේන් ඉවත් උනොත් ඊළග ලෝක කුසලානයට තියෙන්නේ අවුරුද්දක් එකමාරක් විතරයි එක රටට සහ කණ්ඩායමට කරන ලොකු අසාධාරණයක්. නවකයෙකුට ඒ කාලය තුලදී හැදෙන්න පුලුවන්. අවුරුදු 6 ට කලින් මම ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කලත් මට හරියන ස්ථීර තවත් ආරම්භක පිතිකරුවෙක් හොයාගන්න බැරි වුණා. මම දහදෙනෙක් එක්ක විතර ආරම්භ කරලා තියෙනවා, මං දන්නවා එක කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක්.’’ තිලකරත්න ඩිල්ෂාන් ඔහුගේ අවසාන එක දින ක්‍රිකට් තරගය නිමා කරමින් මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වුවා.

වයස අවුරුදු 32 දී ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කිරීමට ආරම්භ කල පසු ඔහුගේ ක්‍රිකට් ගමන තීරණාත්මක විය. අවුරුදු 35 න් පසු ඔහු ඉනිම් 113 ක්‍රීඩා කර ඇති අතර සාමාන්‍ය 45 දී ලකුණු 4674 රැස් කරගැනීමට සමත් වී ඇත . පිටියේ ඕනෑම තැනක සුපිරි පන්දු රකින්නෙක් වශයෙන් ක්‍රීඩා කල ඔහුගේ විශිෂ්ට උඩ පන්දු රැකීමෙන් තරගයේ තීරණය හාත්පසින්ම වෙනස් කිරීමට හැකිවී ඇති වාර ගණන 1999  මංගල තරගයේ සිට අද දක්වා අනන්තය. දැනට සිටින කිසිම ක්‍රීඩකයෙක් ඔහුගේ පන්දු රැකීමට සම කල නොහැක.

‘’මම කවදාවත් පන්දු රැකීන විට වයස ගැන හිතන්නේ නැ. ඇත්තටම පන්දුව මා වෙත එනවට මම ගොඩක් අසයි.  පන්දු 300 රකින්න මම ඕන වෙලාවක ලෑස්තියි. අවුරුදු දෙකකට කලින් ඉදන් පන්දුව මම ඉන්න තැනට එන්නෙ නැත්තනම් මම පන්දුව යන තැනට යනවා ගිහිල්ල එතන ඉදන් පන්දු රකිනවා’’ තව දුරටත් ඔහු පැවසිය.

පෙර සහශ්‍රයේ මංගල එක් දින ක්‍රිකට් තරග ක්‍රීඩා කල ක්‍රීඩකයන්ගේ අවසාන ක්‍රීඩකයා ලෙස ඔහුගේ ඉවත් වීම සැලකෙනවා. නායකයෙකු වශයෙන් සෑම තරග අංශයකින්ම ශතක ලබා ඇති එකම ක්‍රීඩකයා හා එක් දින තරග වලදී ලකුණු 1000 අවුරුදු 3 දී අවුරුදු 35න් පසු ලබා ඇති එකම ක්‍රීඩකයා ද වේ.

ඩිල්ෂාන් ආ ගමනේ අමතක නොවන සිදුවීමක් වන්නේ 2011 දී ශ්‍රී ලංකා පිල ඔහුගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීමයි. තවමත් දකුණු අප්‍රිකාවට එරෙහිව එම රටේදීම ටෙස්ට් ජයක් ලබා ඇති එකම නායකයා තිලකරත්න ඩිල්ෂාන් ය. 2012 ජනවාරි මස ඔහුව නායකත්වයෙන් ඉවත් කර දැමුවත් 2011 අප්‍රේල් මස සිට එදා දක්වා ඔහු ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රලියාවට එරෙහිව මවු බිමේදී ටෙස්ට් සහ එක දින තරගාවලිය පරාජය විය. එංගලන්තයට එරෙහිව එම රටේදී ටෙස්ට් සහ එක දින තරගාවලිය පරාජය විය. දකුණු අප්‍රිකාවට එරෙහිව එම රටේදී ටෙස්ට් සහ එක දින තරගාවලිය පරාජය විය. සහ පකිස්ථානයට එරෙහිව සෑම තරග අංශයකින්ම තරගාවලි පරාජය විය.

‘’ ඇත්තටම මම නායකත්වය බාරගන්න තීරණය කලේ නැහැ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එවකට සභාපති ඩි. එස්. ද සිල්වා මහතා මට කතා කලා ඔහු පැවසුවා මස 6ක් නායකත්වය බාරගන්න කියලා වෙන කව හරි හොයා ගන්නකම්. මම ගොඩක් දුක් වුණා දකුණු අප්‍රිකා තරග සංචාරයෙන් අනතුරුව. ඒ අවුරුද්දේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද ගොඩක් ප්‍රශ්න තිබ්බ නිසා. අපි ටෙස්ට් එකක් දිනලා තියෙන්නේ මගේ නායකත්වය යටතේ විතරයි. නමුත් ඒ තරගාවලියෙන් පස්සේ හැමදීම පැත්තකට දාල අලුත් නායකයෙක් අවා, ඕස්ට්‍රලියාවට ගියා, ලකුණු 500 රැස් කළා, තරගාවලියේ විරයා වුණා. මට කමක් නෑ කවුද ක්‍රීඩකයා කවුද නායකයා, මට වැඩක් නෑ මාව අයින් කලේ කවුද කියලා, මම සෙල්ලම් කරන්නේ මගේ රට වෙනුවෙන්. ඒ ඇරෙන්න මට කිසිම පුද්ගලික තරහක් නෑ නමුත් සෑහෙන්න දුකක් දැනුනා.’’නායකත්වයෙන් ඉවත් කිරීමේ පසුතැවිල්ලෙන් ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්විය.

ඕස්ට්‍රලියානු තරගාවලිය ආරම්භයේ කිසිම රසිකයෙක් ඩිල්ෂාන් ගේ මෙම තීරණය ගැන දැනුවත් වී සිටියේ නැ. මීළග එක දින තරගාවලිය 2017 ජනවාරි මස පැවැත්වීම නිසාවෙන් ඩිල්ෂාන් තරයේ කියාසිටියේ මෙම තීරණය කිසිවෙකුගේ බලපෑම් මත නොව ඔහුගේ කැමැත්ත මත ගත තීරණයක් බවයි. ‘’ මම ක්‍රීඩාවෙන් සමුගන්න තරගාවලිය ආරම්භයේ හිතුවේ නැහැ. මම තරගාවලිය පටන් ගත්තේ තව අවුරුද්දක් ක්‍රීඩා කරනවා කියල හිතලා. අඩුම තරමේ T20 තරගවත්. නමුත් මම එදා නැගිට්ටම මට හිතුන මට අයින් වෙන්න කලේ හරි කියලා. කිසිම බලපෑමක් තිබුනේ නෑ. මම හිතන් හිටියේ දිගටම සෙල්ලන් කරන්න නමුත් මම ගොඩක් දෙනෙක් එක්ක මේ ගැන කතා කළා එකෙන් මගේ තීරණය වෙනස් වුනා.’’

ඩිල්ෂාන් තමාගේ පන්දුවට පහර දීමේ හැකියාව, කණ්ඩායමේ ඕනෑම තැනක සෙල්ලම් කිරිමේ හැකියාව, ආරම්භක පිතිකරුවෙක් විදිහට ස්ථානය තමා විසින්ම සාදා ගත්තේ ඔහුගේ දක්ෂතාවය හොදින් විදහා දක්වමිනි. කඩුළු රකින්නෙක් විදිහට, දඟ පන්දු යවන්නෙක් විදිහට නායකයට උදවු වෙමින් අති දක්ෂ පන්දු රකින්නෙක් වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ හොදම බහුශ්‍රැත ක්‍රීඩකයා විදිහට ඔහු හැදින්විය හැක. තවද කඩුළු රකින්නැගේ හිසට උඩින් ඇදීයන ඩිල්ස්කුප් පන්දුව හදුන්වා දුන් ඔහු  හැමදාමත් අප මතකයේ රැදෙවී.

‘’මට හැමදාම ඩිල්ස්කුප් එක  ගැන ආඩම්බර වෙන්න පුලුවන් මොකද මගේ නමින් පහරක් නම් කර තිබෙන නිසා. එය මම හදුන්වාදුන් විට පන්දුයවන්නන්ට පවා අසිරු වුණා. ඔබට එතනට පන්දු රකින්නෙක් තියන්න බැ. 2009 දී  පටන් අද වෙනකන් බෝහෝමයක් පිතිකරුවෝ එය සෙල්ලම් කරනවා. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව එක නිසා පොඩ්ඩක් වෙනස් වුණා. පන්දු යවන්නන්ට පවා දෙපාරක් හිතන්න වෙනවා.’’ ඩිල්ෂාන් මෙසේ ඔහුගේ අමුතු පහරක් ගැන අදහස් දක්වා සිටියා.