යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු 25ට

1572
Anhalt Meeting 2022 Yupun Abeykoon Mudiyanselage waehrend des Internationalen Anhalt Leichtathletik Meeting 2022 im Paul-Greifzu-Stadion am 25. May 2022 in Dessau-Rosslau, Sachsen-Anhalt, Deutschland *** Anhalt Meeting 2022 Yupun Abeykoon Mudiyanselage during the International Anhalt Athletics Meeting 2022 at Paul Greifzu Stadium on 25 May 2022 in Dessau Rosslau, Sachsen Anhalt, Germany

පිරිමි මීටර් 100 සඳහා වන ලෝක ශ්‍රේණිගත කිරීමේ 24 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් ලොව පළමු ක්‍රීඩකයින් 25 අතරට එක්වීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ලබා ගත් ඉහළම ස්ථානය මෙන්ම සුසන්තිකා ජයසිංහට පසුව ශ්‍රී ලාංකිකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 25 තුළට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1268ක්.

ඉරිදා (03) පැවති තරගයක දී යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් එම ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ අතර ඔහු එම වාර්තා කළ කාලය මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ලොව ප15 වැනි හොඳම කාලය වීම ද විශේෂත්වයක්.

එම තරගයේ දැක්වූ සුවිශේෂ දස්කම් නිසාවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට ඔහුට හැකි වූ අතර ඔහු මීට පෙර ප්‍රසාද ලකුණු 1239ක් ලබා ගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 37 වැනි ස්ථානයේ පසු වුනා.

මෙම වසර ආරම්භයේ සිටම කෙටි දුර ධාවනයේ සුවිශේෂී දස්කම් දැක්වීමට යුපුන්ට හැකි වූ අතර ඒ නිසාවෙන් ඔහුට 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<