Formula 1 පිටිය ආක්‍රමණයට සැරසෙන ශ්‍රී ලාංකික ශූරයා

43
Yevan David

මෑත කාලයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වන Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ මාධ්‍ය හමුවක් පසුගිය දා 80 Club හිදී පැවැත්වුණා.

එහි දී ඔහුට වටා සිටිමින් ඔහුට විශාල ශක්තියක් වන කණ්ඩායම මාධ්‍ය වෙත හඳුන්වා දීම සිදු වූ අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලබා ගත් ජයග්‍රහණය පිළිබඳ එහි දී අනාවරණය කළා.

එම විශේෂ මාධ්‍ය හමුව ආරම්භ කරමින් අදහස් දැක් වූ කීර්තිමත් විස්තර විචාරක ජේක් සැන්සන් කියා සිටියේ ශ්‍රී ලංකාව Formula 1 ධාවන පථයට ගෙන යාමට උපන් ධාවකයා යෙවාන් ඩේවිඩ් බවයි.

Formula 3 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ජයග්‍රහණ ලබා ගත් ධාවකයා වන යෙවාන් ඩේවිඩ් මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම පිළිබඳ සතුටට පත් වන බවත් සහ මෙරට සියලු දෙනා ලබා දෙන සහයෝගය පිළිබඳ ඔහු සිය කෘතඥතාව පළකර සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෝටර් රථ ධාවනයේ ඉහළම ස්ථාන වෙත ශ්‍රී ලංකා ධජය ගෙන යාමට හැකි වීම මහත් ගෞරවයක් බව ද ඔහු ප්‍රකාශ කළා.

යෙවාන්ගේ කළමනාකරු හොරියා ටෝටු, මෝටර් රථ ධාවනයේ පළමු වසර තුළ යෙවාන් අත්කර ගත් ජයග්‍රහණ සහ ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳ පසුබිම් තොරතුරු රැසක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කරමින් ප්‍රකාශ කළේ,

මේ වසරේ යෙවාන් ඉදිරියට ගමන් කළ වේගය සහ ඔහු පෙන්නුම් කළ කුසලතාව පිළිබඳ සැලකීමේදී, ඔහුට අසීමාන්තික දුරක් යා හැකි බව කිව යුතුයි.” 

යෙවාන්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ඇලෙක්ස් ස්ටෝට් ද මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් පළ කරමින් සඳහන් කළේ,

මා මෙතෙක් ඔහුගෙන් දැක ඇති සහ ඉදිරියේදී දැකීමට අපේක්ෂා කරන සියල්ල, මින් පෙර මා සමග කටයුතුකර Formula 1 ධාවන පථය දක්වා ගමන් කළ ධාවකයින් ද අභිබවා යනවා.”

එම සුවිශේෂී අවස්ථාවේ දී යෙවාන්ගේ ජයග්‍රහණය සැමරීමට අමතරව ඔහු Formula 1 දක්වා යන ගමනේ දී අනුග්‍රාහකත්වය සමඟ ඔහුට ඉතිහාසය නැවත ලියවීමට ඇති හැකියාව ද අනාවරණය කළා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<