ගෙවුනු සතිය ජුනි 26 – වැස්සෙන් බාධා වු තෙවැනි තරගය

229
Sri Lanka Sports News june 26

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු –

එක ලකුණින් දිනු බ්ලු ස්ටාර්

ඩයලොග් පාපන්දු කුසලාන තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (26) දිනය තුළ සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම තරඟ සියල්ලම  “ A”  කාණ්ඩයේ තරඟ ලෙස පැවැත්විණි. මෙහිදී ක්‍රිස්ටල් පැලස්  ක්‍රීඩා සමාජය, සොලිඩ් ක්‍රීඩා සමාජය, බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය හා අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය  යන කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් විය.

බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ පාපන්දු සමාජය

  • ස්ථානය – වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටිය
  • ප්‍ර‍ථම අර්ධය – කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය
  • අවසන් ලකුණු – කොළඹ ක්‍රීඩා සමාජය 0 : 1 බ්ලු ස්ටාර්

ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට එදිරිව මාතර පාපන්දු සමාජය

  • ස්ථානය – ජයතිලක ක්‍රීඩා පිටිය
  • ප්‍ර‍ථම අර්ධය – ක්‍රිස්ටල් පැලස් 2 : 0 මාතර පාපන්දු සමාජය
  • අවසන් ලකුණු – ක්‍රිස්ටල් පැලස් 4 : 1 මාතර පාපන්දු සමාජය

මීගමුව යූත් ක්‍රීඩා සමාජයට එදිරිව සොලිඩ් ක්‍රීඩා සමාජය

  • ස්ථානය – කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණය
  • ප්‍රථම අර්ධය – කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය
  • අවසන් ලකුණු – සොලිඩ් ක්‍රීඩා සමාජය 2 : 0 මීගමුව යූත්

 

ක්‍රිකට්

වැස්ස නිසා හොදට ගියා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරඟය ඊයේ (26) බ්‍රිස්ටල් හිදී පැවැත්විණි. මෙම තරඟය වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 248-9 (50) දිනේෂ් චන්දිමාල් 62, ඇන්ජලෝ මැතිව්ස් 56,කුසල් මෙන්ඩිස් 53, උපුල් තරංග 40 ක්‍රිස් වෝක්ස් 3/34 , ලෙයිම් පලන්කට් 3/46

එංගලන්ත කණ්ඩායම – 16-1 (4) ජෝයි රෑට් 11* , ජේසන් රෝයි 5*, සුරංග ලක්මාල් 1/8

සම්පූර්ණ වාර්තාව: අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

පළමු දිනය ශ්‍රී ලංකා A කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟය ඊයේ (26) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටින ලදි.

ශ්‍රී ලංකා A කණ්ඩායම (පළමු දිනය නිමාවන විට ) – 273-6 (84) රොෂේන් සිල්වා 103*, සචිත් පතිරණ 51, මාධව වර්ණපුර 34, රොෂාන් ජයසූරිය 30*, සිං සන්දු 3/50

සම්පූර්ණ වාර්තාව: රෝෂේන් විසින් නොදැවුනු ශතකයක්


පසුගිය සතියෙන්

විද්‍යා විද්‍යාලය Knockouts වලට නැහැ

පිලිමළුන්ගේ වටය හෙවත් Knockout තරගාවලියට විද්‍යා විද්‍යාලය සහභාගි නොවන බව ඊයේ විද්‍යා විද්‍යාලීය පරිපාලන මණ්ඩලය විසින් ThePapare.com වෙත දැනුම් දෙනු ලැබුවා. ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ගියවර තරගාවලියෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ශූරතාවයට හිමිකම් කීමට සමත් විය.

මෙයට වැනි තීරණයක් පාසල ගැනීමට තීරණය කර අැත්තේ පාසලෙහි පවතින මූල්‍යමය අර්බුදයක් හේතුවෙන් යැයි පැවසේ. කණිශ්ඨ රග්බි තරගාවලියත් තවතම අරාම්භ කර නොමැති වකවානුවක Knockouts සඳහා පිවිසෙන විට තවත් මුදල් වැයවීම වැලැක්විය නොහැකි නිසා ඔවුන් මෙම තීරණයට එළඹ අැත.

ඉතිං එවන් තත්වයක කණිශ්ඨ රග්බි ශූරයන්ටද වියදම් කිරීමට අැවැසි නිසා ඔවුන් සිය මුල්‍ය අර්බුධය කළමනාකරණය කර ගැනීමට තීරණය කරමින් Knockouts සඳහා සහභාගී නොවේ.

මේ පිළිබඳ නිළ නිවේදනයක් නිකුත් කරනු ලැබු විද්‍යා විද්‍යාලීය රග්බි ක්‍රීඩාවට සහය දෙන කණ්ඩායමේ සභාපති වසන්ත පෙරේරා මහතා සඳහන් කරනු ලැබුවේ “ අැත්තටම මේ අවස්ථාවේ අපි කනගාටු වනවා Knockouts වටය සඳහා සහභාගි නොවීම සම්බන්දව. ඉතිං මෙය අවස්ථාවක් කරගන්නවා තරග වදින අනෙක් කණ්ඩායම් වලට සුභ පතන්න. මේක සැබැවින්ම අපට ගැනීමට අපහසු දැඩි තීරණයක්. මොකද අපි ශූරයන් ලෙස සාර්ථක ගමනක් අැවිත් තිබෙනවා, එවැනි අවස්ථාවක මෙලෙස ශූරයන් වන අප තරගාවලියට සහභාගී නොවීම කනගාටුවට කරුණක්”.

රාමනායක, ජේසන් සහ රන්ජන් කණ්ඩායම මාරු කරයි

ඩයලොග් රග්බි ලීග් තරගාවලියට තවත් මාස තුනකට පමණ ආසන්න කාල සීමාවක් ඇති වකවානුවක, දනුශ්ක රංජන්, ජේසන් දිසානායක සහ කාංචන රාමනායක යන ක්‍රීඩකයින් ඔවුන් නියෝජනය කරන කණ්ඩායම මාරු කරමින්, ත්‍රිත්ව කිරුළු දරා සිටින මහනුවර කණ්ඩායමට එක් වීමට තීරණය කර අැත.

හිටපු ශාන්ත පීතර විද්‍යාලීය නායකයෙකු සහ ජාතික ක්‍රීඩකයෙකු වන ධනුශ්ක රංජන් මින් ප්‍රථම හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කර අතර ජේසන් දිසානායක සහ කාංචන රාමනායක CR & FC ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලදි.

ධර්මරාජෙට දඩුවම් කරයිද?

පසුගිය සති අන්තයේ පැවැත්වු අවසන් පාසල් රග්බි ශූරතාවලියේදි මහත් ආන්දෝලනයකට තුඩු දුන් තරගයක් වන ධර්මරාජ විද්‍යාලය සහ ශාන්ත ජෝසෆ් විද්‍යාලය අතර පැවති තරගය ගුටි වරුසාවක් මැද නිමාවට පත්විය. ඊට හේතුව වුයේ ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩකයෙකුට තරග තීරකවරයා ලබා දුන් කහ කාඩ් පතයි.

මේ සිදුවු සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චයක් ලබා දීම සඳහා අධ්‍යාප ඇමතිතුමාගේ නිර්දේශය යටතේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් ආරම්භ කර ඇති අතර එහි වාර්තාව නුදුරු දිනයකදි එළි දැක්වීමට නියමිතව ඇත. එහිදි අවසන් තීරණයක් ඇමතිතුමා විසින් ලබා දෙනු ඇත.