ලසිත් මාලිංග වාර්තාවක් අභියස

1705

දැනට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග රටාව තුළ වැඩිම කඩුලු ලබාගෙන තිබෙන පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු නම් 10 අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිටියි. දැනට එහි 11 වන තැන සිටින ලසිත් මාලිංග 10 වන ස්ථානය දිනාගෙන සිටින සනත් ජයසූරිය අභිබවා එම ස්ථානය දිනාගැනීම වෙනුවෙන් ලබාගත යුතුව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි.

“පීඩනයක් තියෙනවා. ඒත් අභියෝගයට සූදානම්” – ඇන්ජලෝ මැතිව්ස්

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව …….

එහි පළමු ස්ථානය දිනාගෙන සිටින්නේ කඩුලු 534ක් දවාගෙන සිටින මුත්තයියා මුරලිදරන් වන අතර කඩුලු 400ක් දවාගෙන තිබෙන චමින්ද වාස් එහි සිව්වන ස්ථානය දිනාගෙන සිටී.

දැනට එහි 11 වන ස්ථානය දිනාගෙන සිටින ලසිත් මාලිංග, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 218කදී කඩුලු 322ක් දවාගෙන ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 3ක්ද ක්‍රීඩා කරමිනි. ඒ අනුව මාලිංග මෙවර තරග වදින්නේ සිය ක්‍රිකට් දිවියේ සිව්වන ලෝක කුසලානයටයි.

පසුගියදා නිමාව දුටු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ මාලිංග, එම තරගාවලිය තුළ කඩුලු 16ක් දවා ගත්තේය. චෙන්නායි කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහා තරගයේ දී අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජය තහවුරු කළේද මාලිංග විසින් වීම සුවිශේෂී වේ.

එසේම මාලිංග 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 44කට කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ට ඝණයේ පන්දු යැවීමක නිරත විය. ඒ තරගය දඹුල්ල ක්‍රිකට් පිටියේ පැවති අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් තරගය පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ඉන්දීය අණසක හමුවේ නායක ප්‍රියන්ජන් හුදකලා වෙයි

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන…..

“මට ඕනෙම වෙලාවක කඩුලු දවාගන්න පුළුවන්. පසුගියදා නිමාවූ IPL තරගාවලියේ දීත් එක එක වෙනස් තණතීරු හම්බුනා, එහිදීත් මම විකට් ගත්තා. එහිදී ගත්තු විකට්ස් නිසා මට මං ගැන තිබ්බ විශ්වාසය තවත් වැඩි වුනා. මම එංගලන්තයේ ක්‍රීඩා කරන්න ගොඩාක් කැමතියි. එහේ තියෙන තණතීරු ඔක්කොම එක වගේ නැහැ. එකකට එකක් ටිකක් වෙනස්. පන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බලන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලත් මට හිතෙනවා.”

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටින ප්‍රබල තුරුම්පුවක් වන අතර ඔහු 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දු 4ක් තුළ කඩුලු 4ක් දවාගෙන ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේය.

ලසිත් මාලිංග යනු එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවාගත් ලොව එකම පන්දු යවන්නා වේ.

“ඇයි මට තවත් කඩුලු ත්‍රිත්වයක් ගන්න බැරි. මම තවත් කඩුලු ත්‍රිත්වයක් දවාගෙන ක්‍රිකට් ලොව ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා.” මාලිංග පැවසීය.

2019 ලෝක කුසලානය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් හා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විතය. මාලිංග ක්‍රීඩාකළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතරින් 2007 සහ 2011 යන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වල අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකාව පැමිණි නමුත් ශූරතාවය දිනාගැනීමට ඔවුන්ට නොහැකි විය. එසේම අවසන් වතාවට පැවති 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්ව යාමට ශ්‍රී ලංකාවට සිදුවිය.  

මහේල තනතුර ප්‍රතික්ෂේප කරයි

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් දින 4ක් පමණක් …..

“පසුගිය වසරේ දී අපේ ලෝක කුසලාන සංචිතයේ ලොකු නම් කිහිපයක්ම තිබ්බා. නමුත් අවාසනාවට අපිට ඒ වතාවේදී වෙනසක් කරන්න බැරි වුනා. මේ වතාවේ ලෝක කුසලාන සංචිතයට අපේ රටේ ඉන්න හොඳම ක්‍රීඩකයින් 15 දෙනා තෝරාගෙන ඉන්නවා කියලා හිතනවා. ඒ අතර තරුණ ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයිනුත් කිහිපදෙනෙක් ඉන්නවා. මම මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්නේ.” යැයි ලසිත් මාලිංග වැඩිදුරටත් පැවසීය.

                                      >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<