ලෝක ටෙස්ට් ශුරතාවයට මොකද වෙන්නේ?

226

විස්සයි විස්ස ලෝක කුසලානය අතහැර දැමූ පසුබිමක ICCය ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) දිගටම පවත්වා ගෙන යෑමට සිය අවධානය යොමු කරන බව වාර්තා වෙනවා. ටෙස්ට් තරගාවලි හයක් COVID-19 වසංගතය නිසා කල් දැමීමට සිදුවී තිබීම විශේෂත්වයක්. ICC පවසා සිටින්නේ සැලසුම් කළ පරිදිම තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යන බවයි.

මතිවානන් හැර ගිය පුටුව වෙනත් අයෙක්ට

ලෝක ටෙස්ට් ශුරතාවය 2021 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතව තිබුණු අතර කණ්ඩායම් නමයක් වසර දෙකක් පුරා තරගාවලි හය බැගින් ක්‍රීඩා කරන්නට සැලසුම් කර තිබුණා. වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන්නට නියමිතව තිබුණේ එංගලන්තයේ දීයි. කෙසේ වෙතත් නොසිතූ ලෙස පැමිණි COVID-19 වසංගතය මේ සියලුම සැලසුම් ව්‍යර්ථ කළ අතර ICCය හා සාමාජික රටවල් මේ දිනවල අතහැර දැමුණු තරගාවලි යලි පවත්වන්නට සැලසුම් සකස් කරමින් සිටිනවා.

ICCය මේ වන විට ප්‍රමුඛත්වය දී ඇත්තේ කල් දැමුණු ටෙස්ට් තරගාවලි හය යළි පැවැත්වීමටයි. ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය, පාකිස්තාන – බංග්ලාදේශ තරගාවලිය, බංග්ලාදේශ – ඕස්ට්‍රේලියා තරගාවලිය, බටහිර ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා තරගාවලිය, ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය හා බංග්ලාදේශ – නවසීලන්ත තරගාවලිය මෙසේ COVID-19 වසංගතය නිසා කල් දැමුණා. “අපි දැන් සාමාජික රටවල් එක්ක සාකච්ඡා කරනවා අත්හිටවූ තරගාවලි නැවතත් පවත්වන්න” ICC ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු Geoff Allardice පවසා සිටියා.

“එංගලන්තය සැලසුම් කළ තරගාවලි දෙකම දෙකම ඉදිරියට පවත්වා ගෙන යන පසුබිමක බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකා තරගාවලිය පවත්වන්නට කාලරාමුවක් තෝරා ගන්නටත් එම බලධාරීන් සාකච්ඡා කරනවා. ඉන් පසුව නැවතත් තරගාවලියක් තියෙන්නේ නොවැම්බර් මාසයේ නවසීලන්තයේ දීයි. ඒ නිසා මීළඟ අවධානය යොමු වන්නේ කල් දැමූ තරගාවලි නැවතත් ක්‍රීඩා කරන්න පුළුවන් ද බලන්න.”

උමාර් අක්මාල්ගේ දඬුවම ලිහිල් කරයි

“මේ වන විට අපිට සැලසුම් වෙනස් කරන්නට බලාපොරොත්තුවක් නැහැ. එංගලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශුරතාවයේ කොටසක් වගේම ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලිත් ටෙස්ට් ශුරතාවලියේ කොටසක් ලෙසම පැවැත්වෙයි. අපිට පොඩ්ඩක් හිතලා බලන්න ඕන අපිට ලබන වසරේ මාර්තු වන විට සියලුම තරගාවලි පවත්වා අවසන් කරන්න පුළුවන් ද කියලා.”

කෙසේ වෙතත් බොහෝ රටවල වයිරස තත්වය තවමත් උපරිමයේ පවතින නිසාත්, ඇතැම් රටවල් දෙවන රැල්ලකට මුහුණ දීමට සූදානමින් සිටින නිසාත් තරගාවලි පිළිබඳව තීරණ ඉක්මනින් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමට මේ මාසය මුලදී තීරණයක් ගත්තත්, ලෝක ටෙස්ට් ශුරතාවලිය පිළිබඳව එවන් තීරණයක් ගැනීමට තවමත් කල් වැඩි බව ICCය පවසා සිටිනවා.

“පසුගිය මාස කිහිපයේ දී අපි තේරුම් ගත්තා දේවල් ගොඩක් ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් කියලා” Allardice පවසා සිටියා. “එක සතියක අපිට හිතෙනවා සෑහෙන කාලයකට ක්‍රීඩා කරන්නට බැරි වෙයි කියලා. ඒ වුනාට ඊට පස්සේ සතියේ රජයන් සීමා ලිහිල් කරනවා.”

ICCයේ මීළඟ තරග චක්‍රයට විස්සයි විස්ස ලීග් තරගාවලියක් ඇතුළත් කරන්නට නව අදහසක් යෝජනා වී තිබෙනවා. ICC තරග කාලසටහන් සැලසුම් කිරීමේ දී මේ පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා කර තිබුණා.

අයර්ලන්ත එක්දින සංචිතයට නවකයෙක්

“අපි දීර්ඝ වශයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කරනවා කොහොමද ප්‍රායෝගිකව එවන් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ කියලා” Allardice පවසා සිටියා. “කණ්ඩායම් කීයකට අවස්ථාව දෙනව ද, තරගාවලියේ ආකෘතිය මොකද්ද, සමහර විටෙක එක්දින තරගාවලියක් ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරගාවලියක් සමඟයි. අපි කොහොමද වෙනස් දෙයක් කරන්නේ හැමෝටම සමාන තරග ගණනක් ක්‍රීඩා කරන්නට ලැබෙන විදියට.”

Cricinfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<