ලොව ජීවත් වූ වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා ජීවිතක්ෂයට

532
ESPN Cricinfo

හිටපු දකුණු අප්‍රිකානු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන John Watkins ඉකුත් සිකුරාදා Durban හිදි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට 98 වැනි වියේ පසු වූ ඔහු එතෙක් ලොව ජීවත්ව සිටි වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වුනා.

කොරෝනා වයිරසය ආසාදනය වී දින 10කට පමණ පසු ඔහු මෙසේ ජීවිතක්ෂයට පත් වූ අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ කලක පටන් ඔහු අසනීප තත්වවලින් පෙළුණු බවයි. 

ප්‍රහාරාත්මක මැදපෙළ දකුණත් පිතිකරුවෙකු මෙන්ම මද වේගපන්දු යවන්නෙකු වූ ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1949 වසරේ දීයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව Johannesburg හි පැවති ටෙස්ට් තරගයක් නියෝජනය කරමිනුයි.

1957 දී ටෙස්ට් ක්‍රීඩාවෙන් ඔහු සමුගන්නා විට ටෙස්ට් තරග 15කට ක්‍රීඩා කරමින් ලකුණු 612ක් රැස්කරගෙන තිබුණේ අර්ධ ශතක 3ක් සමඟිනුයි.ඊට අමතරව ඔහු කඩුලු 29ක් ද දවාගෙන තිබුණේ 28.13ක සාමාන්‍යයක් ද සමඟිනුයි.

ඔහුගේ වෘත්තීය දිවියේ හොඳම දක්ෂතාවය ඔහු වාර්තා කරන්නේ 1953-53 තරග වාරයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 408ක් ලබා ගනිමිනුයි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<