පෙරළිකාර ජයක් සමඟින් ශූරතාවය බෙල්ජියමට

245

ඉන්දියාවේ බුවනේස්වර් හී කාලිංග ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ ඔඩිශා පිරිමි හොකි ලෝක කුසලාන තරගාවලියේ නිමාව සනිටුහන් කරමින් ඊයේ (16) දිනයේ නෙදර්ලන්තය සහ බෙල්ජියම අතර පැවති තීරණාත්මක අවසන් මහා තරගයෙන් පෙරළිකාර ජයග්‍රහණයක් ලබමින් ලෝක හොකී කිරුළ තමන් සතු කරගැනීමට බෙල්ජියම සමත් විය.

අවසන් මහා තරගය – නෙදර්ලන්තය සහ බෙල්ජියම

ලෝක හොකී කිරුළේ හිමිකරුවා කවුරුන් දැයි තීරණය කිරීම උදෙසා පැවැත්වූ අවසන් මහා තරගයේ අසිරිය සියසින් දැක බලා ගැනීමට 15000කට අධික හොකී ක්‍රීඩාවට ඇලුම් කරන විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් කාලිංග ක්‍රීඩා පිටියට රැස් වීම කැපී පෙණුනි. එකිනෙකාට දෙවන නොවන ක්‍රීඩා කෞෂල්‍යයෙන් හෙබි දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ සමබර කණ්ඩායම් දෙකක් උරින් උර ගැටෙන මෙම තීරණාත්මක තරගය උද්වේගකර අවසානයක් කරා ගමන් කරනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය.

ආසියාවේ කළු සිංහයා ලක් මාතාව නැවතත් රනින් සරසයි

“ආසියාවේ කළු සිංහයා” ලෙසින් විරුදාවලිය ලත් අප සැමගේ ….

මින් පෙර තුන්වරක් ලෝක කිරුළට උරුමකම් කියා තිබූ නෙදර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසුණේ සිව්වැනි වතාවටත් කුසලානය තමන් සතුකර ගැනීමේ අධිෂ්ඨානයෙනි. ප්‍රතිවාදී බෙල්ජියම කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණයක පහස ප්‍රථම වතාවට විඳ ගැනීමේ අරමුණෙන් තරගයට අවතීර්ණ  විය. පසුගිය වසරේ පැවති යුරෝපීය හොකී ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ද මෙම කණ්ඩායම් යුගලය මුණ ගැසීම තරගකාරීත්වය දෙගුණ තෙගුණ කිරීමට හේතු සාධක විය.

බෙල්ජියම් පිති පහරින් ආරම්භ වූ තරගයේ ආරම්භක අදියරේ සිට ඉතා වේගවත් තරග රටාවක නියැලෙමින් ත්‍රාසජනක අවසානයක් කරා තරගය ගමන් කිරීමේ පෙර නිමිති පහල කළේය. දෙපිලටම තරගයේ පෙරමුණ ගැනීම සඳහා අවස්ථාවන් කිහිපයක්ම උදා වූවද එම අවස්ථාවන්ගෙන් නිසි ඵල නෙලා ගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය. පළමු කාර්තුව අවසානයේ දී බෙල්ජියම් දැල්රකින ක්‍රීඩක වින්සන්ට් වැනාෂ් විසින් ජෙරොඑන් හර්ට්ස්බර්ගර් එල්ල කළ නියත ගෝල අවස්ථාවක් සාර්ථකත්ව මැඩපවත්වමින් බෙල්ජියම් කණ්ඩායම සවිමත් කිරීමට දායකත්වය ලබා දුන්නේය.

දෙවන කාර්තුවේ දී ද එම රිද්මයම රඳවා ගත් දෙපිලම ගෝල රැස් කිරීමේ අරමුණින් ඉතා ප්‍රබල ආක්‍රමණයන් දියත් කිරීමට උත්සුක විය. නමුත් ආක්‍රමණශීලී වන අතරතුර දී තම ආරක්ෂක පෙළ සවිමත් කිරීමට අමතක නොකළ නෙදර්ලන්ත සහ බෙල්ජියම් කණ්ඩායම් ප්‍රතිවාදීන්ගේ ගෝල රැස් කිරීමේ අවස්ථා කිහිපයක් දක්ෂ ලෙස වළක්වාලීමට සමත් විය. නෙදර්ලන්ත ක්‍රීඩක ග්ලේන් ෂූමාකර් සහ ආතර් ඩී ස්ලූවර් බෙල්ජියම වෙනුවෙන් ද කැපී පෙනෙන ක්‍රීඩා රටාවක නිරත වූහ. තවද නෙදර්ලන්තයට ලැබුණු short corner අවස්ථාවන් දෙකක් ඔවුන් අපතේ හැරියේ බෙල්ජියම් ආරක්ෂක පෙළ සූක්ෂ්මව සහ ක්ෂණයෙන් ක්‍රියාත්මක වීම නිසාවෙනි.

තෙවැනි සහ සිව්වැනි කාර්තු තුල දී ද කණ්ඩායම් දෙකම කෙසේ හෝ ගෝලයක් වාර්තා කරමින් ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීමට වෑයම් කළ ද තරගයේ සම්පූර්ණ කාල සීමාව අවසන් විටත් එකදු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට කිසිවෙකුටත් හැකි වූයේ නැත.

Major League පිටියට ශතක වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ …

ඒ අනුව ජයග්‍රාහකයන් තීරණය කිරීම උදෙසා Penalty Shoot-out අවස්ථාව යොදාගැනීමට විනිසුරුවන්ට සිදු විය.ඒ අනුව බෙල්ජියම් ක්‍රීඩා ඉතිහාසයේ එදා මෙදා තුර කණ්ඩායම් ක්‍රීඩාවකින් දිනා ගත් පළමු ලෝක කුසලානය තම මව්රටට හිමිකර දෙමින් Penalty Shoot-out අවස්ථාව ගෝල 3-2ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තමන් ලෝක ශූරයන් බව ලොවටම හඩඟා කීමට බෙල්ජියම් ක්‍රීඩකයින් සමත් විය.

  • අවසන් ලකුණු සටහන: නෙදර්ලන්තය 0 – 0 බෙල්ජියම
  • Penalty shoot-out අවස්ථාවෙන් අනතුරුව: ගෝල 3 – 2 ලෙස බෙල්ජියම ජය ලැබීය
  • ඔඩිශා අවසන් මහා තරගයේ වීරයා – වින්සන්ට් වැනාෂ්(බෙල්ජියම

තෙවන ස්ථානය ස්ථානය සඳහා පැවති තරගය (ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර)

  • අවසන් ලකුණු සටහන – ඕස්ට්‍රේලියාව 8 – 1 එංගලන්තය

ගෝල ලබාගත් ක්‍රීඩකයින්

  • එංගලන්තය – බැරී මිඩ්ල්ටන් 1
  • ඕස්ට්‍රේලියාව – ටොම් ක්රේග් 3,බිලේක් ගවර්ස් 1,ටිම් බ්රැන්ඩ් 1,ට්රෙන්ට් මිට්න් 1,ජෙරමි හේවර්ඩ් 1
  • ඔඩිශා තරගයේ වීරයා – ටොම් ක්රේග් (ඕස්ට්‍රේලියාව)

සම්මාන

  • ඔඩිශා තරගාවලියේ වීරයා – ආතර් වැන් ඩොරෙන් (බෙල්ජියම)
  • ඔඩිශා තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නා – පිර්මින් බ්ලාක් (නෙදර්ලන්තය)
  • හොකී ඉන්දියා හොඳම නැඟී එන ක්‍රීඩකයා –  තිජ්ස් වැන් ඩෑම් (නෙදර්ලන්තය)
  • හීරෝ තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා  – බ්ලේක් ගවර්ස් (ඕස්ට්‍රේලියාව) සහ ඇලෙක්සැන්ඩර් හෙන්ඩ්රික්ස් (බෙල්ජියම) – ගෝල 7
  • හොකී ඉන්දියා ප්‍රේක්ෂක සම්මානය – ආතර් වැන් ඩොරෙන්(බෙල්ජියම)
  • හොකී ඉන්දියා වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ කණ්ඩායම – ඕස්ට්‍රේලියාව
  • හොකී ඉන්දියා හොඳම කණ්ඩායම් ගෝල සැමරුම – ඉන්දියාව

ඔඩිශා පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය 2018 – ලබාගත් ස්ථාන අනුව කණ්ඩායම් වර්ගීකරණය

  1. බෙල්ජියම      9. නවසීලන්තය
  2. නෙදර්ලන්තය 10. චීනය
  3. ඕස්ට්‍රේලියාව 11. කැනඩාව
  4. එංගලන්ත 12. පාකිස්තානය          
  5. ජර්මනිය 13. ස්පාඤ්ඤය
  6. ඉන්දියාව 14. අයර්ලන්තය
  7. ආර්ජෙන්ටිනාව 15. මැලේසියාව
  8. ප්‍රංශය 16. දකුණු අප්‍රිකාව

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<