ඇෆ්ගනිස්තාන තරගයේ දී Rohit සුවිශේෂී කඩඉම් කිහිපයකට!

ICC World Cup 2013

672

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) අවසන් වූ ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු Rohit Sharma තම ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉම් කිහිපයක් ම පසු කිරීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව

  • 9 වැනි තරගය (දිවා/රාත්‍රී) Delhi, ඔක්තෝබර් 11, 2023, ICC Cricket World Cup
  • කාසියේ වාසිය – ඇෆ්ගනිස්තානය
  • තරගයේ වීරයා – Rohit Sharma (ඉන්දියාව)

ඇෆ්ගනිස්තානය – කඩුලු 8ක් දැවී 272 (50) Rahmanullah Gurbaz 21, Ibrahim Zadran 22, Hashmatullah Shahidi 80, Azmatullah Omarzai 62, Jasprit Bumrah 4/39, Hardik Pandya 2/43

ඉන්දියාව – කඩුලු 2ක් දැවී 273 (35) Rohit Sharma 131, Ishan Kishan 47, Virat Kohli නොදැවී 55, Shreyas Iyer නොදැවී 25, Rashid Khan 2/57

ඉන්දියාවට කඩුලු 8ක ජයක්.

  • 7: එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවන් හී වැඩිම ශතකලාභියාට හිමි අසුන Rohit Sharma විසින් හිමි කර ගත්තා.
  Rohit Sharmaගේ ශතක පෙළහර
Runs Balls 4s 6s Opposition Ground Date
1 137 126 14 3 බංග්ලාදේශය Melbourne 19.03.2015
2 122* 144 13 2 දකුණු අප්‍රිකාව Southampto 05.06.2019
3 140 113 14 3 පාකිස්තානය Manchester 16.06.2019
4 102 109 15 0 එංගලන්තය Birmingham 30.06.2019
5 104 92 7 5 බංග්ලාදේශය Birmingham 02.07.2019
6 103 94 14 2 ශ්‍රී ලංකාව Leeds 06.07.2019
7 131 84 16 5 ඇෆ්ගනිස්තානය Delhi 11.10.2023

මෙතෙක් මෙම වාර්තාවේ රැඳී සිටියේ ඉන්දීය කණ්ඩායම ම නියෝජනය කළ Sachin Tendulkar. ඔහු කෙන්යාව (127*), ශ්‍රී ලංකාව (137), කෙන්යාව (140*), නැමීබියාව (152), එංගලන්තය (120) සහ දකුණු අප්‍රිකාව (111) යන රටවල්වලට එරෙහිව ශතක 6ක් වාර්තා කරමින් මෙම අසුන අරා සිටියා.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථාන ශතක 5ක් බැගින් ලබා සිටින ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ ඕස්ට්‍රේලියාවේ Ricky Ponting රැඳී සිටිනවා.

  • 19: Rohit Sharma මෙම දක්ෂතාවට එළඹෙන්නේ ඉනිම් 19ක් පමණක් උපයෝගී කර ගනිමින් වන අතර ඉහත ලැයිස්තුවට එක් වූ ක්‍රීඩකයන් අතරින් අඩු ඉනිම් ප්‍රමාණයක් උපයෝගී කර ගත් ක්‍රීඩකයා ලෙසින් සිටියේ කුමාර් සංගක්කරයි. ඔහු ශතක 5ක් වාර්තා කිරීමට වැය කළ ඉනිම් ප්‍රමාණය 35ක්.
  • 556x6s: ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වීමට ද Rohit Sharma මෙම තරගයේ දී සමත් වුනා. ඔහු මෙම දක්ෂතාවට පිවිසෙන්නේ එක්දින ඉනිම් 473ක් ක්‍රීඩා කරමිනුයි.

ඊට පෙර මෙම වාර්තාවේ රැඳී සිටියේ හයේ පහර 553ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle.

  • 63: ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙක් වාර්තා කරන ලද වේගවත් ම ශතකයේ හිමිකාරීත්වය ද මෙම තරගයේ දී Rohit Sharma සතු කර ගත්තා. ඔහු මේ වෙනුවෙන් වැය කළේ පන්දු 63ක් පමණක් වන අතර ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ Virender Sehwag විසින් 2007 වසරේ දී බර්මුඩාවට එරෙහිව පන්දු 81ක දී ලබා ගත් ශතකයයි.

ඔහුගේ මෙම දක්ෂතාව ලෝක කුසලාන තරගමාලාවන් හී වේගවත් ශතක අතර 6 වැනි ස්ථානය දක්වා පැමිණිමට ද සමත් වුනා.

  • 31: ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභීන් අතර තෙවැනි අසුනේ අසුන් ගැනීමට ද Rohit Sharma සමත් වුනා. මේ හේතුවෙන් එතෙක් ශතක 30ක් ලබා සිටි ඕස්ට්‍රේලියාවේ Ricky Ponting පසුපසට ඇද දැමුණ අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ශතක 49ක් ලබා සිටින ඉන්දියාවේ Sachin Tendulkar ද සහ දෙවැනි ස්ථානය ශතක 47ක් ලබා සිටින ඉන්දියාවේ Virt Kohli ද පසුවෙනවා.
  • 29: Rohit Sharma විසින් රැස් කරන ලද මෙම ශතක 31න් 29ක් ම ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිස ලබා ඇති අතර, එය එතෙක් සනත් ජයසූරිය සතුව තිබූ ස්ථානය අහිමි කිරීමක්. ජයසූරිය ආරම්භක පිතිකරුවා ලෙසින් ලබා සිටි ශතක සංඛ්‍යාව 28ක් වන අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ශතක 45ක් ලබා සිටින Sachin Tendulkar සතු වෙනවා.
  • 1000: ලෝක කුසලාන තරග ඉතිහාසයේ අඩුම ඉනිම් ප්‍රමාණයක දී ලකුණු 1000ක් වාර්තා කරන ලද පිතිකරුවන් අතර සම තැන් ගැනීමට ද Rohit Sharma මෙම තරගයේ දී සමත් වුනා. ඔහුට පෙර මෙම දක්ෂතාව දක්වා තිබුණේ ඕස්ට්‍රේලියාවේ David Warner.
  • 30: Rohit Sharma මෙම තරගයේ දී තම අර්ධ ශතකය පන්දු 30ක දී වාර්තා කරන ලද අතර එය ඉන්දීය පිතිකරුවෙක් විසින් ලෝක කුසලාන තරගයක දී වාර්තා කරන ලද දෙවැනි වේගවත් ම අර්ධ ශතකය බවට පත් වුනා. එහි පළමු ස්ථානය 2007 වසරේ දී බර්මුඩාවට එරෙහිව පන්දු 26ක දී වාර්තා කරන ලද Sachin Tendulkar සතු වෙනවා.
  • 76: මෙම තරගයේ පළමු පන්දුවාර 10 දී ලකුණු 76ක් ලබා ගැනීමට Rohit Sharma සමත් වුනා. එය එතෙක් ඉන්දීය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පළමු පන්දුවාර 10 දී ප්‍රහාරාත්මක පිතිකරු කිරුළට හිමි කීමට සමත් වූ වාර්තාවක්.

මීට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ 2007 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 70ක් ලබා සිටි Robin Uthappaයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<