කොරෝනාවෙන් බේරීමට කාර්ය සාධක බලකායක්!

95
World Athletics forms Outbreak Prevention Taskforce for endurance events

ලොව පුරා මතුව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සියලුම ක්‍රීඩාවන්ට තිත තැබීමට සිදුව ඇත. කෙසේ නමුත් ඉදිරියේ පැවැත්වීමට නියමිත තරගාවලීන් ආරක්ෂාකාරී ලෙස පැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත.

ඇමරිකාවේ දැවැන්ත තරගාවලියකට දොර වැසේ

පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් සුප්‍රකට “Brooklyn half-marathon” තරගය…………….

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය සහ “International Institute for Race Medicine (IIRM)” ආයතනය එකතුවී මෙම කාර්ය සාධක බලකාය නිර්මාණය කිරීමට කටයුතු කර ඇති අතර “IIRM” ආයතනය විසින් මෙයට අවශ්‍ය උපදෙස් සපයනු ඇත.

මෙම බලකායේ උපදෙස් මණ්ඩලය වෛද්‍ය සංගම් නියෝජනය කරන නිලධාරීන්, අනෙකුත් අන්තර්ජාතික සංගම් හී සාමාජිකයන්, ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන පාර්ශවයන් සහ මාධ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය සහ “International Institute for Race Medicine” ආයතනය මගින් එය මෙහෙයවනු ඇත.

මීට අමතරව මෙම බලකාය යටතට “The International Cycling Union”, “International Ski Federation”, “International Triathlon Union”, “International Paralympic Committee” සහ “World Rowing” යන ක්‍රීඩා සංගම් ද ඇතුළත් වීමට නියමිතව පවතී. 

මෙම කාර්ය සාධක බලකාය පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ සෞඛ්‍ය සහ විද්‍යාව පිළිබඳ ප්‍රධානී ස්ටෙපන් බර්මන් ප්‍රකාශ කර සිටියේ මෙම වයිරස තත්වය නිසාවෙන් ක්‍රීඩාවට ඇති වන ගැටලු සඳහා විසඳුම් සෙවීමට මෙම කණ්ඩායම නිර්මාණය කළ බවයි.

“අප ලෝකයේ සෑම කොටසක්ම නියෝජනය වන පරිදි පුද්ගලයන් තෝරා ගනිමින් මෙම කාර්ය සාධක බලකාය නිර්මාණය කරමින් පවතිනවා. මෙම කමිටුව මගින් ලොව පුරා ක්‍රීඩා තරගාවලීන් සඳහා සහභාගි වන ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩලය, ස්වේච්ඡා සේවකයන් සහ තරග නරඹන්නන් සඳහා වයිරස තත්වය නිසාවෙන් ඇති වන ගැටලුවලින් බේරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට අපේක්ෂා කරනවා.” 

“පවතින තත්වය මත සංවිධායකයන් හට බෝවන රෝග හා කටයුතු කිරීමට සිදුව ඇති බැවින් මෙම කාර්ය සාධක බලකාය එම වයිරස මගින් සිදුවන අවදානම අවම කර ගැනීමට හා ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් නිර්මාණය කිරීම සිදු කරනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම කාර්ය සාධක බලකායේ ප්‍රථම රැස්වීම ලබන සතිය තුළ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එයින් පසු අදාළ පිළිපැදිය යුතු උපදෙස් දැනුම් දීමට නියමිතව පවතී. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<