ඇමරිකාවේ දැවැන්ත තරගාවලියකට දොර වැසේ

71

පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් සුප්‍රකට “Brooklyn half-marathon” තරගය මෙම වසරේ නොපැවැත්වීමට සංවිධායකයින් තීරණය කරන ඇත.

ඔලිම්පික් පිරිවැය කවුද ගෙවන්නේ යන්න ගැටලුවක

කොරෝනා වයිරසය නිසාවෙන් මේ වසරේ පැවැත්වීමට තිබූ ක්‍රීඩා තරගාවලීන් සියල්ලම ……..

මෙවර තරගය මැයි මස 16 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර ඒ සඳහා තරගකරුවන් 27,000කට ආසන්න ගණනක් සහභාගි වීමට නියමිතව තිබුණි. ඇමරිකාවේ පැවැත්වෙන විශාලතම අර්ධ මැරතන් ධාවන තරගය වන මෙය එරට නිව්යෝක් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සංවිධායකයන් ප්‍රකාශ කර සිටියේ මෙම වයිරසයේ වැඩිම බලපෑම් එල්ල වී ඇති කොටස ලෙස නිව්යෝක් නගරය පත්වී ඇති හෙයින් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

“අපි මේ අවස්ථාවේ දී මෙම වයිරසයට එරෙහිව සටන් කළ යුතුයි. අපි ඒ සඳහා අදාළ පාර්ශවයන්ට සහය දැක්විය යුතුයි. මෙම තරගය සඳහා විශාල ප්‍රමාණයක් රැස් වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ බුද්ධිමත්ව වැඩ කළ යුතුයි. මෙම කල්යාම් තුළින් අපිට තරග ආශ්වාදය මග හැරී යන නමුත් මේ සියල්ලටම පසු අපට නැවත පැමිණීමට හැකියාව ලැබෙනු ඇති” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මෙවර තරගය සම්පූර්ණයෙන් අවලංගු වන අතර මේ වන විට ඒ සඳහා ලියාපදිංචි වූ තරගකරුවන් හට තම ඇතුළත් වීමේ ගාස්තුව නැවත ලබා ගැනීමට හැකියාව සලසා දී ඇත. එසේත් නොමැති නම් ඔවුන්ට ලබන වසරේ තරගය සඳහා සහභාගි වීමට අවස්ථාව වෙන් කර ගත හැකි බව සංවිධායකයින් දන්වා තිබුණි.

මෙම වයිරසය නිසාවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 40,500කට අධික පිරිසක් මිය ගොස් තවත් පුද්ගලයින් 764,000කට අධික ගණනක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<