ඇන්ජෙලෝගේ පිතිකරණ දක්ෂතා NCC පිළට ජය ගෙනෙයි

1248
SLC Premier League

මෙවර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිත්තෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා මේ වනවිට වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන ඇන්ජෙලෝ පෙරේරා අද (16) තවත් ජයග්‍රහණයක් තමන් නියෝජනය කරන NCC කණ්ඩායමට හිමිකර දීමට සමත් විය. අද A කාණ්ඩය යටතේ පැවැත්වුනු අනෙක් තරග දෙකේ තීරණය හෙට ලැබීමට නියමිතයි.

සදීර සමරවික්‍රම වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන සුපිරි 8 වටයේ සිව්දින තරග 4ක්…

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

කොළඹ SSC පිටියේදී පැවැත්වුනු මෙම තරගය ලකුණු 176කින් ජයගත් NCC කණ්ඩායම සුපිරි 8 වටයේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබීය. ප්‍රථම ඉනිම නිමාවෙද්දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නියැලී සිටියත් දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 308ක ඉලක්කයක් හඹාගිය යුධ හමුදා පිතිකරුවන් ලකුණු 131කට දැවී යාම නිසා තරග ජය NCC පිළ දෙසට හැරිණි. NCC කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ අර්ධ ශතකයක් සහ දෙවැනි ඉනිමේ ශතකයක් රැස්කල දකුණත් පිතිකරු ඇන්ජෙලෝ පෙරේරා මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. ඔහුගේ ලකුණු 106ට හතරේ පහර 12ක් ඇතුළත් විය.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 68.2): ඇන්ජෙලෝ පෙරේරා 53, තිමිර ජයසිංහ 53, චතුරංග ද සිල්වා 42, ලහිරු උදාර 35, ජෙහාන් මුබාරක් 39, යසෝධ මෙන්ඩිස් 4/65, දුශාන් විමුක්ති 3/64, ජනිත් සිල්වා 2/41.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 70.3): ලක්ෂිත මධුශාන් 54, අශාන් රන්දික 38, ඩිල්ශාන් ද සොයිසා 38, ජනිත් සිල්වා 32, නවෝද් ඉලුක්වත්ත 27, චතුරංග ද සිල්වා 4/63, සචින්ත පීරිස් 4/43.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 65.4): ඇන්ජෙලෝ පෙරේරා 106, දිනේෂ් චන්දිමාල් 41, චතුරංග ද සිල්වා 48, අනුක් ප්‍රනාන්දු 26, දුශාන් විමුක්ති 2/70.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 34): ලක්ෂිත මධුශාන් 39, දුශාන් විමුක්ති 31, ජනිත් සිල්වා 23, ලසිත් ඇඹුල්දෙණිය 4/22, චතුරංග ද සිල්වා 2/33.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් සදීර සමරවික්‍රම ඊයේ රැස්කල ලකුණු 93න් පණ ලැබූ කෝල්ට්ස් කණ්ඩායම ඒ වනවිටත් සිටියේ තරග ජයග්‍රහණයක පහස විඳීමේ සූදානමින්ය. නමුත් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 462ක ඉලක්කයක් හිමිවුණු NCC ක්‍රීඩකයින් සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් දිනය නිමාවන විට කඩුලු 4කට ලකුණු 203ක් රැස් කළහ. ඒ අනුව හෙට අවසන් දිනයේදී ජයග්‍රහණය වෙනුවෙන් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට ලකුණු 259ක් ද, කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 6ක් ද අවශ්‍ය කර තිබේ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 52.2): අකිල ධනංජය 52*, සදීර සමරවික්‍රම 52, ප්‍රියමාල් පෙරේරා 47, පසිඳු ලක්ශංක 23, දුලාංජන මෙන්ඩිස් 5/71, රමිත් රඹුල්වැල්ල 4/75.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 45.2): සිතාර ගිම්හාන් 43, කිත්රුවන් විතානගේ 26, චරිත් ජයම්පති 24, ඉශාන් ජයරත්න 5/40, අලි කාන් 2/55, අකිල ධනංජය 2/64.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 411 (පන්දුවාර 117.3): සදීර සමරවික්‍රම 93, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රන්දික 84, ඇන්ජෙලෝ ජයසිංහ 81, ප්‍රමෝද් මධුශාන් 5/112.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 203 (පන්දුවාර 47): සිතාර ගිම්හාන් 79*, මනෝජ් සරත්චන්ද්‍ර 59, දිනෙත් තිමෝද්‍යය 37.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

සුපිරි 8 වටයේ තමන් මෙතෙක් මුහුණ දුන් තරග 3ම ජයගෙන සිටින හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හෙට බොහෝදුරට තම ප්‍රථම පරාජයට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 188ක පහසු ඉලක්කයක් හඹා යන රාගම ක්‍රිකට් සමාජය මේ වනවිටත් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 114ක් ලබා සිටීම නිසයි.

නිලංක ප්‍රේමරත්නගේ වමත් වේගපන්දුව හලාවත ප්‍රථම ඉනිම ලකුණු 168කට සීමා කල අතර දෙවැනි ඉනිමේදී ක්‍රියාත්මක වුනු සහන් නානායක්කාර තම වමත් පිට දඟ පන්දුවෙන් හලාවත කඩුලු 7ක්ම බිඳ හෙලීම නිසා රාගම ක්‍රිකට් සමාජයට ජය කණුව කරා යන ගමන තව තවත් එළිපෙහෙළි විය. මෙවන් බැරෑරුම් අවස්ථාවක මේරියන්ස් කණ්ඩායමට සිටින ප්‍රබලම තුරුම්පුව වන මලින්ද පුෂ්පකුමාර මේ දිනවල එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටීම ඔවුන්ට දැඩි අවාසියක් බවට පත්ව තිබේ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 41.4): මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 5/41, සහන් නානායක්කාර 2/18.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 85): සමින්ද ප්‍රනාන්දු 93, කොෂාන් ධනුෂ්ක 50, සමීර ද සොයිසා 27, අක්ෂු ප්‍රනාන්දු 26, අරෝෂ් ජනෝද 5/45, ශෙහාන් ජයසූරිය 3/50.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 96.5): සචිත්‍ර සේරසිංහ 56, මහේල උඩවත්ත 52, මධූක ලියනපතිරණගේ 54, රුක්ෂාන් ශෙහාන් 46, අශේන් සිල්වා 29, සහන් නානායක්කාර 7/92.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 114 (පන්දුවාර 31): ලහිරු මිලන්ත 44*, සමින්ද ප්‍රනාන්දු 41*.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට