සුනිල සංග්‍රාම එක්දින තරගයේ ජය ශ්‍රී දේවානන්දයට

103

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ අභියෝගතා කුසලාන සීමිත පන්දුවාර එක්දින තරගයෙන් ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලය සමත් විය.

අටවැනි වරටත් රන් සටනේ ජය මහානාමයට

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ….

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ධර්මාශෝක විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 189ක් පමණි.

ශ්‍රී දේවානන්ද ඉනිමේ දී නායක වමත් පිතිකරු සොහාන් ද ලිවේරා පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 88ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කඩුල්ල පිටුපස කළ මෙහෙවර ද හේතුවෙන් තරගයේ දක්ෂතම කඩුලු රකින්නා සහ තරගයේ වීරයා ලෙසින් ද ඔහු නම් කෙරුණි.

පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරු සෙනා දේශායි පන්දු 67කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ ය. ඔහු තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණි. ධර්මාශෝක ඉනිමේ දී වරෙක කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ව තිබුණ ද ඉතිරි කඩුලු 4 ලකුණු 9ක දී දවා ගැනීමට ශ්‍රී දේවානන්ද පන්දු යවන්නෝ සමත් වූහ.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ චමිඳු අනුශ්ක ලකුණු 57කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය; කඩුලු 9ක් දැවී 216 (50) පසිඳු ධනංජය 24, බිවිඳු ද සිල්වා 22, සොහාන් ද ලිවේරා 88, ප්‍රවීන් අවිශ්ක 20, දිනුක ඩිල්ශාන් 2/55, අභීත් චන්ද්‍රගුප්ත 3/20, අකිල මෙන්ඩිස් 2/28, කවිඳු නදීශාන් 2/43

ධර්මාශෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 189 (45.1) සෙනා දේශායි 59, හසිත රාජපක්ෂ 18, දිනුක ඩිල්ශාන් 39, ලොහාන් ද සොයිසා 29, සමුදු ප්‍රමෝද් 2/42, චමිඳු අනුශ්ක 4/57, ප්‍රවීන් අවිශ්ක 2/35

කොළඹට තිබූ අවසන් බලාපොරොත්තුවත් ගල්කිස්ස තෝමසුවන් උඳුරා ගනී

ක්‍රිශාන් මුණසිංහ සහ ශලින් ද මෙල්ගේ දක්ෂ පිතිකරණය සහ කළණ පෙරේරාගේ විශිෂ්ට පන්දු ….

රයිගම් – පස්දුන් කොරළ සටනේ ජය ශ්‍රීපාලියන්ට

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ ශ්‍රී පාලී විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවති රයිගම් – පස්දුන් කෝරළ සටනේ දී ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී පාලි විද්‍යාලය සමත් විය.

ශ්‍රී පාලි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 97 (41.4) දුමිඳු ලක්ෂාන් 32, මිෂේන් මධුශංක 3/14, ලසිඳු ෂෙහාන් 6/39

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (28.2) කවිඳු දෙව්මිණ 31, විශ්ව නයනතරු 26, දිනුක අනුපමාල් 3/27, චමත් චමුපති 3/32, සයුර සඳුන් 3/39

ශ්‍රී පාලි විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 185 (60.5) චමත් චමුපති 62, අංජන ඩිල්ශාන් 34, සුරේස් කෞෂාන් 24, නිෂාද් චමුදිත 5/72, නිශාන් මධුශ්ක 2/27

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 115 (39.5) කවිශ්ක මධුශාන් 29, දිනුක අනුපමාල් 5/43

ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල දෙදරවයි!

සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති තරගය පහසුවෙන්ම ජය ගත් ගාල්ල….

නීල හරිත සටන විසඳුමක් නෑ

බෙන්තර ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය සහ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය අතර පළමු වරට පැවති නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

බෙන්තර ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ආනන්ද නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාමිණී ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 142ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් ආනන්ද ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 113ක් පමණි.

ලකුණු 29ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ගාමිණි ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලකුණු 137ක් ලබා ගත් හ. ලකුණු 167ක ජයග්‍රාහී ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 88ක් ලබා සිටිය හ.

ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (51.5) උශ්මික සිල්වා 47, පසිඳු නිරෝෂාන් 43, කවිඳු අයේෂාන් 4/10, හංසමාන ද සිල්වා 4/37

ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 113 (65) දිලංග හසිංසල 36, චමිල කිත්මාල් 5/20, ඔමිල නිලුපුල් 4/28

ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (44.5) පසිඳු නිරෝෂාන් 27, රවිඳු රසාංජන 5/53, හංසමාන ද සිල්වා 2/24

ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 88 (20) කවිඳු අයේෂාන් නොදැවී 29, ප්‍රනීත් සඳරු 22, උෂ්මික සිල්වා 2/18

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<