Home Sinhala හුදකලා සටනක නිරත වූ රවිඳුගෙන් ශ්‍රී ලංකාවට මුක්කුවක්

හුදකලා සටනක නිරත වූ රවිඳුගෙන් ශ්‍රී ලංකාවට මුක්කුවක්

90

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පස්වැනි හා අවසන් නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 50ක පහසු ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (19) සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට බංග්ලාදේශය තීරණය කළ අතර ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ප්‍රීටොම් කුමාර් හා සාජිඩ් හොසේන් ය.

සොනාල්ගේ අවසන් වෑයම අපතේ යයි

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර කුල්නාහිදී පැවති…

ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු පන්දුවාරයේ දී ම ක්‍රියාත්මක වූ යසිරු රොඩ්‍රිගෝ, ප්‍රීටොම් කුමාර්ගේ කඩුල්ල දවා ගත්තේ ඔහු එක් ලකුණක් ලබා සිටිය දී ය.   

අනතුරුව පිටියේ එක්වූ පැන්ට්‍රික් නව්රෝස් හා සාජිඩ් හොසේන් දෙවන කඩුල්ල සඳහා ලකුණු 56ක සබඳතාවයක් පැවැත්වූ අතර ඉන් ලකුණු 21ක් ලබා ගත් සාජිඩ් හොසේන් අවිශ්ක තරිඳුගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඉන්පසුව පිටියට පිවිසියේ තව්හිඩ් හිඩෝයි සමඟ එක් වූ පැන්ට්‍රික් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 69ක සබඳතාවයක් ගොඩනැගීමට දායක විය. හතරේ පහරවල් 4ක් හා හයේ පහරවල් 2ක් තම ඉනිමට අන්තර්ගත කරමින් පන්දු 77ක දී ලකුණු 65ක් ලබා ගත් පැන්ට්‍රික් තම ඉනිම හමාර කළේ දිලුම් සුධීරගේ පන්දුවක් හමුවේය.

හ්‍රිඩෝයිගේ නව සහයකයා බවට පත් වූ පර්වේස් හොසේන් ලකුණු 100ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූයේ පන්දුවාර 42.4ක දී බංග්ලාදේශ ලකුණු පුවරුව 227ක් දක්වා ඉහළ නංවමිනි. ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට හිඩ්‍රෝයි සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් පර්වේස් පන්දු 57ක දී ලකුණු 38ක් ලබා ගත්තේය. එම සබඳතාවයට තිත තබමින් ඔහු දැවී ගියේ රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ ය. 

වැඩි වේලාවක් යාමට මත්තෙන් යළි ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ශමීම් හොසේන්ව සහ අක්බර් අලීව පිළිවෙළින් ලකුණකට හා 2කට දවා ගැනීමට සමත් වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව 230/5ක් බවට පත්කරමිනි.

බංග්ලාදේශයේ ගැලවුම්කරුවා බවට පත් වූ තව්හිඩ් හිඩෝයි හුදකලාව සුපිරි ඉනිමක් දියත් ක‍ළේ බංග්ලාදේශ ඉනිමට යළි නව ජීවයක් එක් කරමිනි. ඔහු පන්දු 102ක දී ලකුණු 111ක් රැස්කළ අතර ඊට හතරේ පහරවල් 3ක් හා හයේ පහරවල් 5ක් අන්තර්ගත විය.  කෙසේ වෙතත් බංග්ලාදේශ ඉනිමේ අවසානයට තවත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ඔහු තම ඉනිම හමාර කළේ චමිඳු වික්‍රමසිංහගේ ගොදුරක් බවට පත්වෙමිනි.

බංග්ලාදේශය තම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 283ක් ලබාගත්තේ ය. පන්දු යැවීමේ දී රොහාන් සංජය කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ මොහොමඩ් සමාස් හා චිලාන් කලිඳු ය. 

ඉතා අසාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක පන්දුවාර 1.4ක් තුළ දැවී ගියේ මොහමඩ් ශහීන්ට හා අවිෂේක් දාස්ට එක් කඩුල්ල බැගින් හිමිකරදෙමිනි. එහි දී චිලාන් කලිඳු කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර තමා මුහුණ දුන් පළමු පන්දුවෙන් දැවී ගිය අතර තවීෂ අභිෂේක් ලකුණු 4කට දැවී ගියේය.

IPL ශූරයින්ට මාලිංගව නැතුවම බැරිවෙයි!

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තුල ක්‍රීඩකයෙක්…

මොහොමඩ් සමාස් සමඟ පිටියේ එක් වූ නවක පිතිකරු රවිඳු ශ්‍රී ලංකා ලකුණු පුවරුව 94 දක්වා රැගෙන ගියේ බි ඳවැටී තිබූ ඉනිමට නව ජීවයක් ලබා දෙමිනි. ඔවුන් දෙදෙනා අතර ලකුණු 87ක සබඳතාවයක් ගොඩනැගූ අතර ඊට නැවතීමේ තිත තබමින් ලකුණු 40 (38)ක් ලබා සිටි සමාස් දැවී ගියේ ශමීම් හොසේන්ගේ පන්දුවකටයි.

ඉන්පසු පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට විශාල ලකුණු සංඛ්‍යා කරා යාමට හැකියාවක් නොලැබුණු අතර නිපුන් ධනංජය හා අවිශ්ක පෙරේරා පිළිවෙළින් ලකුණු 21කට හා 30කට දැවී ගියේය. ඔවුන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.

අනෙක් අන්තයේ හුදකලාව සිටි රවිඳු රසන්ත පන්දු 92ක දී ලකුණු 84ක් රැස්කළේ සමීස්ගෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමට අස්වැසිල්ලක් වූ එකම පිතිකරුවා බවට පත්වෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 9ක් හා හයේ පහරවල් 2ක් අන්තර්ගත විය.  බංග්ලාදේශ පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන් රවිඳුගේ ඉනිම අවසන් වූයේ හසන් මොරාඩ්ගේ පන්දුවක් හමුවේ දැවී යමිනි.

ශ්‍රී ලංකා ඉනිම අග භාගයේ දී එක් අන්තයක් රැකගනිමින් ලකුණු 27ක් ලබා ගැනීමට රොහාන් සංජය සමත් වුවද එය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිසේත් ප්‍රමාණවත් නොවූයේ සෙසු සියලු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යාම හේතුවෙනි. 

ඒ අනුව පන්දුවාර 44.4ක දී සියලුම දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකි වූයේ ලකුණු 233ක් පමණි. ඒ සමඟින් ලකුණු 50ක පහසු ජයක් බංග්ලාදේශයට හිමි විය. පන්දු යැවීමේ දී ශහින් අලොම් හා හසන් මොරාඩ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

Result


Sri Lanka U19
233/10 (44.4)

Bangladesh U19
283/7 (50)

Batsmen R B 4s 6s SR
Pritom Kumar lbw b Yasiru Rodrigo 1 4 0 0 25.00
Sajid Hossain Seam c Chilan Kalindu b Avishka Tharindu 21 42 1 1 50.00
Prantik Nawrose Nabil c Rohan Sanjaya b Dilum Sudheera 65 77 4 2 84.42
Tawhid Hridoy b Chamindu Wickramasinghe 111 102 3 5 108.82
Parvez Hossain c Thaveesha Abhishek b Rohan Sanjaya 38 57 2 1 66.67
Shamim Hossain run out (Avishka Perera) 1 2 0 0 50.00
Akbar Ali c Avishka Perera b Rohan Sanjaya 2 5 0 0 40.00
Avishek Das not out 24 12 1 2 200.00
Ashraful Islam not out 0 1 0 0 0.00


Extras 20 (b 0 , lb 3 , nb 2, w 15, pen 0)
Total 283/7 (50 Overs, RR: 5.66)
Fall of Wickets 1-2 (0.5) Pritom Kumar, 2-58 (12.6) Sajid Hossain Seam, 3-127 (24.5) Prantik Nawrose Nabil, 4-227 (42.4) Parvez Hossain, 5-230 (43.3) Shamim Hossain, 6-236 (44.5) Akbar Ali, 7-283 (49.5) Tawhid Hridoy,

Bowling O M R W Econ
Yasiru Rodrigo 10 1 57 1 5.70
Chamindu Wickramasinghe 7 0 48 1 6.86
Rohan Sanjaya 10 0 57 2 5.70
Avishka Tharindu 3 0 21 1 7.00
Kavindu Nadeeshan 10 0 47 0 4.70
Dilum Sudheera 10 0 50 1 5.00


Batsmen R B 4s 6s SR
Mohammad Samaaz c & b Shamim Hossain 40 38 5 0 105.26
Chilan Kalindu c Shamim Hossain b Mohammad Shahin 0 1 0 0 0.00
Thaveesha Abhishek lbw b Avishek Das 4 5 1 0 80.00
Ravindu De Silva st Parvez Hossain b Tanzid Hasan 84 92 8 0 91.30
Nipun Dananjaya run out (Shamim Hossain) 21 35 1 0 60.00
Avishka Tharindu run out (Sajid Hossain Seam) 30 39 2 1 76.92
Chamindu Wickramasinghe lbw b Tanzid Hasan 0 1 0 0 0.00
Rohan Sanjaya c Akbar Ali b Shahin Alom 27 39 2 0 69.23
Dilum Sudheera not out 12 16 1 0 75.00
Kavindu Nadeeshan run out (Prantik Nawrose Nabil) 0 1 0 0 0.00
Yasiru Rodrigo run out (Pritom Kumar) 1 1 0 0 100.00


Extras 14 (b 0 , lb 1 , nb 0, w 13, pen 0)
Total 233/10 (44.4 Overs, RR: 5.22)
Fall of Wickets 1-2 (0.3) Chilan Kalindu, 2-7 (1.4) Thaveesha Abhishek, 3-94 (14.3) Mohammad Samaaz, 4-145 (25.6) Nipun Dananjaya, 5-173 (31.3) Ravindu De Silva, 6-173 (31.4) Chamindu Wickramasinghe, 7-213 (39.4) Avishka Tharindu, 8-229 (43.1) Rohan Sanjaya, 9-230 (43.5) Kavindu Nadeeshan, 10-233 (44.4) Yasiru Rodrigo,

Bowling O M R W Econ
Shahin Alom 8 0 46 2 5.75
Avishek Das 7 0 37 1 5.29
Tanzid Hasan 10 0 47 2 4.70
Shamim Hossain 5.4 0 44 1 8.15
Ashraful Islam 10 0 37 0 3.70
Prantik Nawrose Nabil 2 0 11 0 5.50
Tawhid Hridoy 2 0 13 0 6.50



ඒ අනුව තරග 5කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 4-0ක් වශයෙන් ජය ගනිමින් තරගාවලියේ  ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශයට හැකි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<