ක්‍රිකට් ක්‍රීඩාංගණ කාර්ය බහුල කරවන නව සැලැස්මක්

812
Sri-Lanka-A-Cricket

2019 ලෝක කුසලානය මූලික කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉදිරි මාස 12 තුළ කාර්යබහුල කාල සටහනකට සැරසෙද්දී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ‘A’, ශ්‍රී ලංකා නැගී එන හා වයස ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයම් සඳහා ද 2018 ඉතිරි මාස හය තුල තරගාවලි රැසක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.

උඩවත්ත නුවරටත්, තිරිමාන්න කොළඹටත් ශතක රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ වර්තමාන සහ අනාගත තරු එකිනෙකා තම දක්ෂතා මුදාහරිනු

2018 වසරේ පළමු මාස හය තුල ක්‍රීඩකයින් අන්තර් සමාජ, සුපිරි පළාත් ඇතුළු සිව්දින, එක්දින, විස්සයි විස්ස සියලු ආකෘති ඔස්සේ තරගාවලි රැසකට සහභාගී වීම නිසා එම තරගාවලිවල දැක්වූ දක්ෂතා පදනම් කරගෙන තේරීම් කමිටුවලට ක්‍රීඩකයින් කණ්ඩායම්වලට තේරීම පහසු වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනෙන ප්‍රධානතම කණ්ඩයමක් වන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ද නිතරම ජාත්‍යන්තර කණ්ඩයම් සමඟ ක්‍රීඩා කිරීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩයමේ ඉතිහාසය බැලූ විට පෙනී යයි.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩයම බටහිර ඉන්දීය කොදෙව්හී සංචාරය කළ අතර එහි දී ධනංජය ද සිල්වා හා රොෂේන් සිල්වා කැපී පෙනෙන දස්කම් දැක්වූ හෙයින් මාස කිහිපයක ඇවෑමෙන් ඔවුන් දෙදෙනාටම ශ්‍රී ලංකා කණ්ඩයමේ ස්ථානයක් හිමි විය. ඉන් පසු ඔවුන් දෙදෙනා ජාතික කණ්ඩයමේ ද කැපී පෙනෙන දස්කම් පෙන්වූ හෙයින් පිතිකරණ ලැයිස්තුවේ ස්ථාවර වීමටත් ඔවුන්ට හැකි විය.  

ලහිරු කුමාර, අශිත ප්‍රනාන්දු හා වනිඳු හසරංග වැනි ක්‍රීඩකයින් 19න් පහළ කණ්ඩයමේ සිට කෙළින්ම ජාතික කණ්ඩායමට වරම් දිනා ගනිද්දී, කුසල් මෙන්ඩිස්, අමිල අපොන්සු හා සධීර සමරවික්‍රම වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට වරම් දිනා ගත්හ.  

දිමුත්ට කොදෙව් සංචාරය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇත. අද (02) ආරම්භ වූ සුපිරි

බංගලාදේශ ‘A’ කණ්ඩායම නිල නොවන ටෙස්ට් තරග දෙකක් හා නිල නොවන එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන බව තහවුරු කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩයම හා පාකිස්තාන ‘A’ කණ්ඩයම අතර පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරන බව ද වාර්තා වේ.   

ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩයම් පසුගිය වසර දෙක තුල දී කිහිප වතාවක්ම එකිනෙකා හමුවී ඇති අතර මේ වසරේදීත් ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරමින් ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩයම් අතර තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ආසියානු රටවල් අටක සහභාගිත්වයෙන් නැගී එන ක්‍රිකට් කණ්ඩයම්වල ආසියානු කුසලානයක් ද එළඹෙන දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වසර ආරම්භයේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට නව පුහුණුකරුවෙකු යටතේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වූ අතර එළඹෙන ජූලි මාසයේ දී ප්‍රබල ඉන්දියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩයම බංගලාදේශයේ සංචාරයකින් නිරත වීමෙන් අනතුරුව ඔක්තෝබර් මාසයේ තරුණ ආසියානු කුසලානයට සහභාගි වීමට නියමිතයි.

තරුණ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම සඳහා මෙම තරගාවලි ඉතා වැදගත් වනු ඇත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි

වයස අවුරුදු 19න් පහළ

  • ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බංගලාදේශ සංචාරය
  • වයස අවුරුදු 19න් පහළ තරුණ ආසියානු කුසලානය  

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩයම

  • දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩයමේ ශ්‍රී ලංකා සංචාරය
  • නැගී එන කණ්ඩයම් වල ආසියානු කුසලානය

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩයම

  • බංගලාදේශ ‘A’ කණ්ඩයමේ ශ්‍රී ලංකා සංචාරය
  • ශ්‍රී ලංකා ‘A’ කණ්ඩයමේ පකිස්තාන සංචාරය

සියලු ක්‍රීඩකයින්ට ලන්කන් ප්‍රිමියර් ලීග් දේශීය තරගාවලිය ක්‍රීඩා කිරීමට වරම් ලබා දීමේ අරමුණින්, ලන්කන් ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සංවිධානය වන අගෝස්තු, සැප්තැම්බර් මාසවල දී මේ කිසිදු කණ්ඩයමක් සඳහා තරගාවලි සංවිධානය නොවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<