බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයෙකුත් කොරෝනා දැලේ පැටලේ

511

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Mashrafe Mortaza හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ඔහුගේ සොහොයුරෙකු වන Morsalin Bin Mortaza විසින් මාධ්‍ය වෙත දැනුම් දී ඇත.

ශහීඩ් අෆ්රිඩිට අකරතැබ්බයක්

මෙම පුවත පිළිබඳව දැනුම් දෙමින් Morsalin ප්‍රකාශ කර සිටියේ තම සහෝදරයා දින දෙකක පමණ කාලයක සිට අසනීප තත්වයෙන් පෙළුණු නිසාවෙන් පසුගිය සිකුරාදා ඔහුව කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි.

“මගේ සොහොයුරා දින දෙකක ඉඳන් උණ රෝගයෙන් පෙළුණ නිසා ඊයේ (19) රාත්‍රියේ ඔහුව කොරෝනා ආසාදනය වී ඇති දැයි ද සෙවීමට පරීක්ෂණයට යොමු කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව අද ඔහු ආසාදිතයෙක් කියලා තහවුරු වුනා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ද වන Mortaza පසුගිය කාලා සීමාව තුල දී ඔහුගේ ගම් ප්‍රදේශයේ මිනිසුන් හට සහන සැලසීමේ ක්‍රියාකාරකම් රැසක ද නිරත වී ඇති නමුත් ඔහුට මෙම වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි තවමත් තහවුරු වී නොමැත.

2001 වසරේ සිට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ Mortaza එක්දින තරග 88ක දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවමින් ඉන් තරග 50ක් ජය ගැනීමට සමත් වී ඇති අතර 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා බංග්ලාදේශ කණ්ඩායම රැගෙන ඒමට ද ඔහු සමත් විය.

මීට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙකු වෙන Nafees Iqbal සහ දඟපන්දු යවන ක්‍රීඩක Nazmul Islam හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<